ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ කියෝතෝ හි සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් සහ ප්‍රජා උත්සව අංගයක් පවත්වයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ කියෝතෝ හි සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් සහ ප්‍රජා උත්සව අංගයක් පවත්වයි

ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ දැක්මට අනුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 අගෝස්තු 28 වැනි සෙනසුරාදා දින ටෝකියෝ සිට කි.මී 600 ක් ඈතින් පිහිටි කියෝතෝ හි ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය.

මෙම ජංගම සේවාව මඟින් ශ්‍රී ලාංකික විදේශිකයින් 200 කට අධික පිරිසක් සඳහා සිය රියදුරු බලපත්‍ර විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම්, උප්පැන්න ලියාපදිංචිය, දිවුරුම් ප්‍රකාශ, ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීම සහ සත්‍ය පිටපත් සහතික කිරීම යනාදිය සහාය වන ලදි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා දින දෙකක් කන්සායි ප්‍රදේශයේ ගත කළ අතර, ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක් පවත්වන විහාරස්ථාන පහක (උරුම ස්ථාන 3 ක් ඇතුළුව) නායක ස්වාමීන් වහන්සේලා සහ පරිපාලන කාර්ය මණ්ඩල හමු විය. තානාපති ගුණසේකර මැතිතුමා කියෝතෝ ප්‍රදේශයේ පාර්ලිමේන්තු නියෝජිතවරුන්, ලාභ නොලබන සංවිධාන, අනාගත ජපන් ආයෝජකයින් ද හමු වූ අතර, ආයෝජන අවස්ථා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍ර සබඳතා වැඩි දියුණු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කළේය.

කන්සායි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය මෙම ජංගම සේවාව සඳහා සත්කාරකත්වය ලබා දුන්නේය. බොහෝ දුරට වාහන ආශ්‍රිත ව්‍යාපාරිකයින් වූ ශ්‍රී ලාංකික විදේශිකයින් 200 කට අධික පිරිසක් සමඟ කතාබහ කළ තානාපතිවරයා, වාහන ආශ්‍රිත රබර් භාණ්ඩ, තොරතුරු තාක්‍ෂණය වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා ආනයනය කිරීම පිළිබඳව සිතා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි සිදුවීම් සහ සිසුන්ට හා ප්‍රජාවට උපකාර වන ජපානයේ නිපුණ සේවක වැඩසටහන සම්බන්ධ වෙබිනාර් සාකච්ඡාව පිළිබඳව තානාපති ගුණසේකර මැතිතුමා කතා කළේය. දූත මණ්ඩලයේ මෙන්ම රජයේ ද සියලු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වීම සඳහා, අලුතින් ප්‍රතිනිර්මාණය කරන ලද දූත මණ්ඩල වෙබ් අඩවියට පිවිසීමට සහ නිල ෆේස්බුක් පිටුව අනුගමනය කරන ලෙස තානාපති ගුණසේකර මැතිතුමා ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 අගෝස්තු 31වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close