ජපානයේ කවාගුචි නගරාධිපති ශ්‍රී ලංකාවට ගිලන් රථයක් පරිත්‍යාග කරයි

ජපානයේ කවාගුචි නගරාධිපති ශ්‍රී ලංකාවට ගිලන් රථයක් පරිත්‍යාග කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සන්ජීව් ගුණසේකර මහතාගේ ඉල්ලීමක් පරිදි සයිතමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි මහතා විසින් ඉතා උසස් තත්වයේ භාවිතා කරන ලද ගිලන් රථයක් 2021 මැයි මස 27 වන දින කවාගුචි නගරයේ පැවති නිල උත්සවයකදී තානාපතිතුමන් හට භාර දෙන ලදි. දෙදෙනා අතර කලකට ඉහතදී ගිනි නිවන උපකරණයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇත.  මෙම උත්සව අවස්ථාවට කවාගුචි නගරයේ නගරාධිපති  ප්‍රාදේශීය  දේශපාලනඥයින් හා දානපතීන් පිරිසක් සහභාගී විය.

මෙම ගිලන් රථය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සදහා  වන පිරිවැය කවාගුචි නගරයේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන සයිනෙට් කෝපරේෂන් සහ සයිතමා ප්‍රාන්තයේ රොටරි සමාජය විසින් දරනු ඇත.

කවාගුචි නගරයේ නගරාධිපති තුමන්ට සහ එම නගර වැසියන් හට සිය ස්තුතිය පිරිනමන ලද අතර ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ඉහල යන කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හමුවේ මෙය ඉතාමත් කාලෝචිත පරිත්‍යාගයක් බව තානාපතිතුමන් සඳහන් කළේය. තවද ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවත එන වසර 70කට අධික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය පිළිබඳව මතක් කරමින් දෙරට ජනතාව අතර පවතින සුහදශීලී හැඟීම් මෙම අද්විතීය රාජතාන්ත්‍රික සබඳතාවය තවත් ශක්තිමත් කිරීමට හේතු වන බව පැවසීය.

කවාගුචි නගරයේ නගරාධිපති ගරු නොබූඕ ඔකුනොකි මහතා සහ සයිනෙට් කෝපරේෂන් ආයතනයේ නිළධාරීන් පවසා සිටියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ඉදිරි කටයුතු සඳහා ද තවදුරටත් සහයෝගය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 මැයි 28 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close