චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සමඟ පවත්වන ලද වීඩියෝ සම්මන්ත්‍රණය

 චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සමඟ පවත්වන ලද වීඩියෝ සම්මන්ත්‍රණය

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 65 වසරක් සපිරීමේ සංවත්සරය සහ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සමඟ එක්ව, 2022 පෙබරවාරි 21 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ ය. දෙරට අතර පවත්නා සංස්කෘතික, අධ්‍යාපනික සහ ආගමික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ මාර්ග සෙවීම මෙම සමුළුවේ අරමුණ විය. චොංකිං පාර්ශ්වය චොංකිං හුවායන් සංස්කෘතික හා අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියෝජනය කරන ලදි.

චොංකිං පාර්ශ්වයේ දේශකයන්ට අමතරව, වජිරාරාම බෞද්ධ විහාරයේ පූජ්‍ය භන්තේ ඥාණසිංහ හිමි, තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ චිරංජය උඩුමුල්ලගේ මහතා යනාදීහු ද මෙම සමුළුවට සහභාගි වී දේශන පැවැත්වූ හ.

දෙවසරක් අනුරාධපුරයේ ගත කළ චීන ජාතික බෞද්ධ භික්ෂුවක් වූ ෆාෂියන් හිමි මෙරටට වැඩම කිරීම, දෙරටෙ හි සබඳතා ශක්තිමත් කිරීම සඳහා පදනම සපයා ඇති බව තානාපතිවරයා පැවසී ය.
විශේෂයෙන්ම භික්ෂුණී ශාසනය පිහිටුවීම මගින් චීනය තුළ බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල දායකත්වයක් ලබා දී ඇති බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. බෞද්ධ සංචාරක ව්‍යාපාරය පුද්ගලාන්තර සබඳතා වැඩිදියුණු කිරීමට දායක වන ප්‍රධාන ක්ෂේත්‍ර අතරින් එකක් බවද එතුමා අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 මාර්තු 0​7 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close