චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කේරළ මහ ඇමති සහ ආණ්ඩුකාරවරයා හමුවෙයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කේරළ මහ ඇමති සහ ආණ්ඩුකාරවරයා හමුවෙයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් මහතා 2022 ජුනි මස 30 වන දින කේරළ මහ ඇමති පිනරායි විජයන් මහතා සහ කේරළ ආණ්ඩුකාර අරිෆ් මොහොමඩ් ඛාන් මහතා කේරළයේ තිරුවනන්තපුරම්හි දී හමුවිය.

ප්‍රධාන අමාත්‍යවරයා සමඟ කේරළ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා ගොඩනැඟිල්ලේ පැවැති සාකච්ඡාවේ දී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සහ කේරළය අතර පවත්නා ඓතිහාසික සංස්කෘතික බැඳීම සහ ජෛව භූගෝලීය සමානත්වය ඉස්මතු කරනු ලැබූ අතර මෙවන් දුෂ්කර කාල පරිච්ඡේදයන්හි දී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය අගය කරනු ලැබීය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම තීරණාත්මක අවස්ථාවේදී ඉන්දියාවේ සහාය ඉල්ලා සිටි අතර එහිදී ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට මහ ඇමතිවරයා එකඟ විය.

ආණ්ඩුකාරවරයා සමඟ හමුව තිරුවනන්තපුරම්හි පිහිටි රාජ් භවන්හි දී පැවැත්විණි. කේරළ ප්‍රාන්තයේ සියලුම විශ්ව විද්‍යාලවල කුලපතිවරයා වශයෙන් ආණ්ඩුකාරවරයා හට බලතල හිමි බැවින් කේරළ සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර අධ්‍යාපන, තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයන් පවත්වා ගෙන යාමේ හැකියාව පිළබඳව මෙන්ම ශ්‍රී ලාංකික සිසුන් සඳහා කේරළ විශ්ව විද්‍යාල මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ සාකච්ඡාවන් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 ජූලි 08 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close