චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ ආයතනය  (MSSRF) සමඟ ක්‍රියාත්මක කළ හැකි කෘෂිකාර්මික සහයෝගීතා පිළිබඳව සාකච්ඡා කරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ ආයතනය  (MSSRF) සමඟ ක්‍රියාත්මක කළ හැකි කෘෂිකාර්මික සහයෝගීතා පිළිබඳව සාකච්ඡා කරයි

නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු, 2022 මාර්තු 8 වැනි දින, චෙන්නායි හි පිහිටි එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ පදනමේ (MSSRF) මහාචාර්ය එම්.එස්. ස්වාමිනාදන් මහතා හමු වූහ.

'ආර්ථික පරිසර විද්‍යාවේ පියා' සහ හරිත විප්ලවයේ ගෝලීය නායකයෙකු ලෙස සැලකෙන මහාචාර්ය ස්වාමිනාදන් මහතා ඉන්දියාවේ සිටින කීර්තිමත් කෘෂි විද්‍යාඥයෙකු වේ. එතුමා  ශාන්ති ස්වරුප් භාත්නගර් සම්මානය, රමෝන් මැග්සේසේ සම්මානය සහ ඇල්බට් අයින්ස්ටයින් ලෝක විද්‍යා සම්මානය ඇතුළු සම්මාන සහ ගෞරව රාශියකින් පිදුම් ලබා ඇත.

මහාචාර්ය ස්වාමිනාදන් මහතා ආරම්භ කළ MSSRF ආයතනය ඉන්දියාවේ ප්‍රමුඛ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයකි. මෙම ආයතනය කෘෂිකර්මාන්තය, ආහාර හා පෝෂණය යනාදිය සම්බන්ධයෙන් ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා සුදුසු නවීන විද්‍යාත්මක සහ තාක්‍ෂණික විකල්ප භාවිතා කරමින් දිළිඳු ප්‍රජාව, කාන්තාවන් සහ සොබාදහමට හිතකර ප්‍රවේශයක් අනුගමනය කරන ලාභ නොලබන ආයතනයක් ලෙස, 1988 වර්ෂයේ දී පිහිටුවන ලදී. MSSRF ආයතනය දැනුම පදනම් කරගත් අනෙකුත් ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධාන සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සහයෝගීතාව සහ සහභාගීත්වය දිරිමත් කරයි.

නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම සංචාරය අතරතුර දී, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ කෘෂිකාර්මික සංවර්ධනය සම්බන්ධයෙන් නවීන තාක්‍ෂණ ක්‍රම ආශ්‍රිතව ක්‍රියාත්මක කළ හැකි සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේ ය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close