චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවිය

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවිය

චෙන්නායි හි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා 2021.11.16 දින රාජ් බවන් හිදී  තමිල්නාඩුවේ  ආණ්ඩුකාර ආර්. එන්. රවි මැතිතුමා හමු විය.

මෙම හමුවේ දී, ශ්‍රී ලාංකික සරණාගතයන් සහ සිරකරුවන් රඳවා සිටින තමිල්නාඩුවේ පුනරුත්ථාපන කඳවුරු සහ බන්ධනාගාර තුළ සංචාරයක නිරත වීම සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි අතර මෙමගින් ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත.

තමිල්නාඩුවේ සියලුම විශ්වවිද්‍යාලවල කුලපති ධුරය දැරීමේ නිල බලය ආණ්ඩුකාරවරයාට හිමිව ඇති බැවින්, කොයිම්බතූර් සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව සහ නව තාක්ෂණයන් හුවමාරු කර ගැනීම පිළිබඳව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සාකච්ඡා කළේ ය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සුහදතාවය ගොඩනැගීම සහ සම්බන්ධතාව වැඩි කිරීම සම්බන්ධ කරුණු ද මෙම හමුවේ දී සාකච්ඡාවට ලක් කෙරිණි.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021  නොවැම්බර් 23

Print Friendly, PDF & Email
Please follow and like us:

Close