චීනයේ නොසැලෙන සහය විදේශ අමාත්‍යවරයා අගය කරයි

චීනයේ නොසැලෙන සහය විදේශ අමාත්‍යවරයා අගය කරයි

චීන තානාපති චී ෂෙන්හොන්ග් මැතිතුමා සමඟ 2021 අගෝස්තු 20 වන දින පැවති හමුවක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් චීන රජයට ස්තූති කළ අතර, දෙරට අතර පවත්නා පූර්ණ පරාසයක සබඳතා ඉහළ නැංවීමේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළේය.

විදේශ අමාත්‍යවරයාගේ නව කාර්යභාරය පිළිබඳව සිය අවංක සුබපැතුම් පිරිනැමූ චීන තානාපති ෂෙන්හොන්ග් මැතිතුමා, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්‍ධනයට සහ රජයේ කොවිඩ්-19 අවම කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම සඳහා චීනය අඛණ්ඩ කැපවන බවට යළි අවධාරණය කළේය.

සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කොවිඩ්-19  පිළිබඳ සහයෝගීතාවය, අන්තර් පුද්ගල හුවමාරු, ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ බහුපාර්ශ්වික සහයෝගීතාව යන කරුණු වෙත යොමු විය. විශේෂයෙන්, වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වහාම දියර ඔක්සිජන් සැපයීම සඳහා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා චීනයේ සහාය ඉල්ලා සිටියේය.

මෙම හමුව සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close