චීනයේ අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා නිෂ්පාදන මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීමට චීන ආසියානු ආර්ථික සංවර්ධන සංගමය (CAEDA) ඉදිරිපත් වෙයි.

චීනයේ අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා නිෂ්පාදන මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීමට චීන ආසියානු ආර්ථික සංවර්ධන සංගමය (CAEDA) ඉදිරිපත් වෙයි.

චීනය වෙත ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ අරමුණින් චීන ආසියානු ආර්ථික සංවර්ධන සංගමයේ නාගරික සහයෝගීතා කමිටුවේ (CAEDA.UCC) සභාපති ලූ හොංජුන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිතයින් පිරිසක් 2022 ජුනි මස 02 වන දින තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හමුවිය.

CAEDA.UCC කමිටුවේ සභාපති ලූ හොංජුන් මහතා දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා පවත්වාගෙන යාම වෙනුවෙන් පිරිනමා ඇති මුලපිරීම් පිළිබඳව සිය උද්යෝගය පළ කළේය. ශ්‍රී ලංකා නිෂ්පාදන"විශේෂයෙන් ලංකා තේ" නිල් මැණික්" කුළුබඩු, පොල් නිෂ්පාදන" මුහුදු ආහාර චීන පාරිභෝගිකයින් විසින් සාදරයෙන් වැළඳගෙන ඇති බව එතුමා පැවසීය. දැනටමත් ලොව පුරා ප්‍රචලිත එම නිෂ්පාදන චීන වෙළඳපොලේ ඉහළ පිළිගැනීමකට ලක්ව පවතී.

ඊ-වාණිජ්‍යය යනු චීනයේ ශීඝ්‍ර ලෙස වර්ධනය වන ප්‍රවණතාවකි. ඩුයින් (චීනයේ ටික් ටොක්) වැනි යාන්ත්‍රණයන් භාවිතයෙන් ලූ මහතා ශ්‍රී ලංකා නිෂ්පාදන අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කරනු ඇත. ඒ අතරම, මාර්ගගත නොවන ආකාරයෙන් සිදු කෙරෙන ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා නිල ප්‍රදර්ශන කුටි පිහිටුවීම තුළින් ද ශ්‍රී ලංකා නිෂ්පාදන චීන පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වනු ඇත. එවන් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සභාපති ලූ මහතා දිරිගන්වමින් තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලංකා නිල ප්‍රදර්ශන කුටි මාර්ගගත හා මාර්ගගත නොවන යන දෙයාකාරයෙන්ම පිහිටුවන ලෙස ඉල්ලා සිටියේය. ලොව වඩාත්ම ලාභදායී පාරිභෝගික වෙළඳපොළ වන චීන වෙළඳපොළ අප විසින් අත්පත් කරගත යුතු බවට එතුමා අදහස් දැක්වීය. චීනය වෙත ශ්‍රී ලංකා භාණ්ඩ අපනයනය වැඩි කිරීම තුළින් ශ්‍රී ලංකාවට වත්මන් අර්බුදය මඟහරවා ගැනීමට උපකාරී වන බව ද එතුමා අවධාරණය කළේය.

බීජිං, ෂියාන් සහ හුනාන් යන පළාත්වල මාර්ගගත නොවන ආකාරයේ නිල ප්‍රදර්ශන කුටි ස්ථාපනය කෙරෙනු ඇති අතර ඊට සමගාමීව ඩුයින් හරහා මාර්ගගත නිල ප්‍රදර්ශන කුටි ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 ජුනි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close