ගාසාහි සාමය සඳහා වන ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගනියි

ගාසාහි සාමය සඳහා වන ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගනියි

ගාසාහි සාමය සඳහා වන ගිවිසුමේ ආරම්භක අදියර ශ්‍රී ලංකාව පිළිගන්නා අතර, කලාපයේ පුළුල් හා දීර්ඝ කාලීන සාමය සහ ස්ථාවරත්වය සඳහා වන තීරණාත්මක අවශ්‍යතාව අවධාරණය කරයි. අතීතයේදී මුහුණ දුන් ගැටුම් හේතුවෙන් ඇති වූ දුක්ඛිත තත්ත්වයන් සහ විනාශයන් අත්විඳ ඇති ශ්‍රී ලංකාව, සාමයේ වැදගත්කම සහ එහි සැබෑ වටිනාකම ගැඹුරින් වටහාගෙන ඇත. මෙම වැදගත් පියවර ගාසා තීරයේ දිගුකාලීන සාමය සඳහා මග පාදනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.

මෙම ගිවිසුමට එළඹීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා දැක්වූ නායකත්වය සහ කටාර් රාජ්‍යයේ, ඊජිප්තු අරාබි ජනරජයේ සහ තුර්කි ජනරජයේ මැදිහත් වීම් ඇතුලත් වූ සැලකිය යුතු උත්සාහයන් ශ්‍රී ලංකාව අගය කරයි.

පලස්තීන සහ ඊශ්‍රායල ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල සහ සංවේදී ගැටලු හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාව, පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වය කෙරෙහි ඇති අයිතිය වෙනුවෙන් දක්වන සහයෝගය නැවත අවධාරණය කරයි. දීර්ඝ කාලීන සාමයක් අත්කර ගැනීම සඳහා ඵලදායී සංවාදයක නිරත වන ලෙස ශ්‍රී ලංකාව දෙපාර්ශවයෙන් ඉල්ලා සිටින අතර 1967දී නිර්ණය කරන ලද දේශසීමා මත පදනම්ව ද්වි-රාජ්‍ය විසඳුමක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 ඔක්තෝබර් 10 වැනි දින

Please follow and like us:

Close