කරච්චි නුවර පැවැත්වෙන 3 වන පාකිස්ථාන තේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙයි

කරච්චි නුවර පැවැත්වෙන 3 වන පාකිස්ථාන තේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙයි

පාකිස්ථාන තේ සංගමය විසින් සංවිධානය කරන ලද 3 වන පාකිස්ථාන තේ සම්මේලනය 2022 මැයි මස 20 - 22 අතර දිනයන්හි දී කරච්චි නුවර මැරියට් හෝටල් පරිශ්‍රයේ දී පාකිස්ථානයේ සහ ලොව පුරා තේ කර්මාන්ත ප්‍රමුඛයින් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තේ කර්මාන්තයේ සියලුම ප්‍රධාන ජාතික හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් හමුවීමට, ඔවුන්ගේ වටිනා අදහස් හුවමාරු කර ගැනීමට සහ ගෝලීය තේ කර්මාන්තයේ ශක්‍යතාවන් ගවේෂණය කිරීමට මෙම උත්සවය මහඟු අවස්ථාවක් විය.

එස්වරන් බ්‍රදර්ස් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම, අක්බාර් බ්‍රදර්ස් (පුද්ගලික) සමාගම , අන්වෙරලි ඇන්ඩ්  සන්ස් සහ ඉම්පිරියල් ටීස් (EPZ) (පුද්ගලික) සමාගම, යන සමාගම්වල නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූහ. කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජගත් අබේවර්ණ මහතා ආරාධිත අමුත්තෙකු  වශයෙන් මෙම සමුළුවට සහභාගි විය.

එස්වරන් බ්‍රදර්ස් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගමේ සභාපති ගනේෂ් දේවනායගම් මහතා විසින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

කිලෝග්‍රෑම් 1 ට වැඩි ඇස්තමේන්තුගත වාර්ෂික ඒක පුද්ගල තේ පරිභෝජනයක් සහිත පාකිස්ථානය ලෝකයේ විශාලතම තේ ආනයනකරුවන් අතර ප්‍රමුඛ පෙළේ සිටී.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චි

2022 ජුනී 10 වෙනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close