ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා 2025 ජුනි 3 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් බැහැදකිනු ඇත. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයගේ පැමිණීම පිළිගැනීම සඳහා ‘ඔස්ට්‍රේලියන් හවුස්’ හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ඔහු හමුවනු ඇත.
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මාලස් මහතා විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වනු ඇත. ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණ වේ.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීහුද සහභාගී වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූනි 2 වැනි දින


