ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් 2025 අගෝස්තු 6 සිට 10 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

මෙම සංචාරය අතරතුර, ආණ්ඩුකාර ජෙනරාල්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහය දක්වන ව්‍යාපෘති කිහිපයක්ද ආණ්ඩුකාරවරයා විසින් මෙම සංචාරය අතරවාරයේදී නැරඹීමට නියමිතය.

මෙම සංචාරයේ අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීමයි.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 අගෝස්තු 05 වැනි දින

Please follow and like us:

Close