ඉස්තාන්බුල් නගරයෙහි සිදු වූ හදිසි අනතුරකට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතිකාර ලැබ සුවය ලබමින්

ඉස්තාන්බුල් නගරයෙහි සිදු වූ හදිසි අනතුරකට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රතිකාර ලැබ සුවය ලබමින්

2023 අගෝස්තු 9 වන දින තුර්කියේ ඉස්තාන්බුල් හි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හදිසි අනතුරට ලක්ව ඇත. එම කම්කරුවන් ඒ ආසන්නයේම පිහිටි වැඩබිමේ සිට තම නවාතැන් වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.

අනතුරට ලක් වූ ශ්‍රී ලාංකිකයන් විසි නව දෙනාගෙන් නව දෙනෙක් මේ වන විට ඉස්තාන්බුල්හි රෝහල් තුනක ප්‍රතිකාර ලබමින් සිටී. රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි සෙසු ශ්‍රමිකයන් විසි දෙනා එදිනම රෝහලෙන්  පිටවගොස් ඇත.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකිකයින් සේවයේ යොදවා ඇති සමාගම සහ රෝහල් බලධාරීන් සමඟ නිරන්තර සබඳතා පවත්වා ගනිමින් තුවාලකරුවන්ගේ තත්ත්වය පිළිබඳ විමසන අතර සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහය ලබා දෙමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ අනතුරට පත් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය තුර්කි විදේශ අමාත්‍යාංශය සමඟ ද සම්බන්ධ වී සිටියි.

අනතුරට පත් ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම සහ සුවය සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර අන්කරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටී.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2023 අගෝස්තු 12

Print Friendly, PDF & Email
Please follow and like us:

Close