ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ

ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022 ජූනි 24-25 යන දිනවල ජකර්තා MRT ( Mass Rapid Transit) පද්ධතියේ ප්‍රධාන මධ්‍යස්ථානය වන ජකර්තා හි පිහිටි බුන්දරන් HI MRT පරිශ්‍රයේ දී සංවිධානය කළේය. සෑම සතියේ දිනකම පුද්ගලයන් 9,842 දෙනෙකු  මෙම පරිශ්‍රය හරහා ගමන් කරන අතර,  සෙනසුරාදා දින ගමන් කරන පිරිස 10,470 ක් වේ.

ශ්‍රී ලංකාව ශක්‍යතා අනූන සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දුනීසියානු ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් තානාපති කාර්යාලය විසින මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. ඓතිහාසික ස්මාරක, ස්වභාවික ආකර්ෂණීය ස්ථාන, ශ්‍රී ලාංකික අපනයන සහ ප්‍රණීත ආහාරපාන ආදිය විදහා දැක්වෙන ඡායාරූප පනහක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, අමුත්තන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා අන්තර් ක්‍රියාකාරී කුටියක් ද සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දුනීසියාවේ සංචාරක හා නිර්මාණාත්මක ආර්ථිකය පිළිබඳ අමාත්‍ය සන්ඩියාගෝ ඌනෝ මැතිතුමා, 'නැරඹිය යුතුම ගමනාන්තයක්' වන ශ්‍රී ලංකාව කෙරෙහි මහත් උනන්දුවක් දැක්වීය.

සමාරම්භක උත්සවයේ දී සිය අදහස් පළ කළ ඉන්දුනීසියාවේ සහ ආසියාන් හි ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මැතිනිය, විචක්ෂණශීලී සංචාරකයෙකුට ශ්‍රී ලංකාව පිරිනමන අත්දැකීම්වල විවිධත්වය ඉස්මතු කළාය. PT.MRT ජකර්තා හි මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ මුහම්මද් එෆෙන්ඩි මහතා, බුන්දරන් HI MRT පරිශ්‍රය තුළ මෙම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 ජූලි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close