ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් ශ්‍රී ලංකාව වෙත ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් ශ්‍රී ලංකාව වෙත ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි


ඉන්දුනීසියානු බෞද්ධ නියෝජිත සංගමය (WALUBI), ඉන්දුනීසියානු ථෙරවාද බෞද්ධ කවුන්සිලය (MAGABUDHI), කාන්තා ථෙරවාද බෞද්ධ සමූහය (WANDANI) සහ ථෙරවාද තරුණ බෞද්ධ සංගමය (PATRIA) යනාදී ඉන්දුනීසියානු බෞද්ධ සංගම් විසින් 2022 ජූනි සහ අගෝස්තු යන මාසවල ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමරිකානු ඩොලර් 19,296.11 ක සමස්ත වටිනාකමකින් යුත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. තානාපති කාර්යාලය මෙම ඖෂධ තොගය විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එක්ස්පෝලංකා යන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට එවා ඇත.

මෙම පරිත්‍යාගය ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියාන් හි තානාපති වන යසෝජා ගුණසේකර මැතිනිය වෙත තානාපති කාර්යාල පරිශ්‍රයේ දී නිල වශයෙන් භාරදෙන ලදී. මෙම පරිත්‍යාගය භාරගත් තානාපති යසෝජා ගුණසේකර මැතිනිය, මෙවැනි දුෂ්කර අවස්ථාවක දී ශ්‍රී ලාංකික ජනතාවට බෙහෙවින් අවශ්‍ය වන ඖෂධ පිරිනමමින් තමන් විදහා දැක්වූ ත්‍යාගශීලීත්වය පිළිබඳව ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් වෙත සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළා ය.

ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල) සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම්, එම රෝහලට විශේෂාකාරයෙන් අවශ්‍ය වන ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ද කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 ඔක්තෝබර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close