ඉතාලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත රෝමයේ විදේශ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරයි

ඉතාලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත රෝමයේ විදේශ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරයි

ඉතාලිය සඳහා නම් කළ තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2022 පෙබරවාරි 02 වැනි දින ඉතාලි ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ දී එහි සන්ධාන කටයුතු ප්‍රධානී තානාපති ඉනිගෝ ලැම්බර්ටීනි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත භාර දුන්නේ ය.

සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් කඩිනමින් ලබා දීම සම්බන්ධයෙන් සන්ධාන ප්‍රධානියා වෙත සිය කෘතඥතාව පළ කළ තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවත්නා සමීප සහ සුහදශීලී සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

මෙම හමුව අතරතුර දී ප්‍රජා කටයුතු, අධ්‍යාපනික කටයුතු සහ සංස්කෘතික කටයුතු ආශ්‍රිත ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී. ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දෙරට අතර පවත්නා සුහද සබඳතා පිළිබඳව සිහිපත් කළ සන්ධාන ප්‍රධානී තානාපති ඉනිගෝ ලැම්බර්ටීනි මැතිතුමා, දෙරට අතර පවත්නා සමීප සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අභිනව නියෝජිතයා සමඟ සමීපව කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ප්‍රකාශ කළේ ය.

 කාර්යභාර නිලධාරී (a.i.) සිසිර සෙ‍ෙනවිරත්න මහතා ද නම් කළ තානාපතිවරයා සමඟ මෙම හමුවට සම්බන්ධ විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2022 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close