අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ (ICH)  දහසයවැනි සැසිවාරය

අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ (ICH)  දහසයවැනි සැසිවාරය

අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ (ICH)  දහසය වැනි සැසිවාරය 2021 දෙසැම්බර් 13-18 යන දිනවල පූර්ණ වශයෙන් අතථ්‍ය වැඩසටහනක් අයුරින් පැවැත්විණි.

ලොව පුරා පිහිටි රාජ්‍ය, පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, සංස්කෘතික ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නියෝජිතයන් ඇතුළු අටසිය දෙනෙකුට ආසන්න සහභාගිවන්නන් පිරිසක් එකම වේදිකාවකට ගෙන එනු ලබන මෙම  මෙම වාර්ෂික රැස්වීමේ මුලසුන, යුනෙස්කෝව සඳහා වන ශ්‍රී ලංකා ජාතික කොමිසමේ මහ ලේකම් පුංචි නිලමේ මීගස්වත්තගේ මහතා විසින් හොබවන ලදි.

යෝජිත සත්කාරක රට වන ශ්‍රී ලංකාවට මෙම සැසිය අතරතුර දී විශේෂ අවධානයක් යොමු විය. මෙම උත්සවය කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එය පූර්ණ වශයෙන් අතථ්‍ය අයුරින් පැවැත්වීමට සිදු විය.

කෙසේ වුවද මෙහි සමාරම්භක උත්සවය පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ දී පවත්වන ලදි. ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සංගීතය, නර්ථනාංග සහ බෙර වාදන සමඟින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා අරඹන ලද මෙම සමාරම්භක  උත්සවයේ දී ශ්‍රී ලාංකික සංස්කෘතියේ මහිමය සංකේතවත් කෙරිණි.

යුනෙස්කෝව නියෝජනය කළ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂින් කූ මහතා රැස්ව සිටි පිරිස ඇමතීය. යුනෙස්කෝවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිණිය මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරුන්, සාමාජික නොවන රාජ්‍ය ඇතුළු රාජ්‍ය පාර්ශ්වවල සම්භාවනීය අමුත්තන්, විද්වතුන් සහ ලොව පුරා ව්‍යාප්තව ඇති රාජ්‍ය නොවන සංවිධානවල පිරිස් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිළිගත්තාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 දෙසැම්බර් 24 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close