අන්කාරා හි පැවති ට්‍රැවල් එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නරඹන්නන් ආකර්ෂණය කරගනියි

අන්කාරා හි පැවති ට්‍රැවල් එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නරඹන්නන් ආකර්ෂණය කරගනියි

තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2022 මාර්තු 03 සිට 06 යන දිනවල පැවති අන්කාරා ට්‍රැවල් එක්ස්පෝ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ 05 වැනි ප්‍රදර්ශන වාරයට සහභාගී විය. අන්කාරා නුවර ප්‍රමුඛ කොට ගත් මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙයයි.

තුර්කි ජාතික සහ විදේශීය නරඹන්නන් රැසක් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය කුටිය හරහා මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට ආකර්ෂණය කර ගන්නා ලදි. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුචිකත්වයක් දක්වන සංචාරක නියෝජිතයන්, බාහිර සංචාරක ක්‍රියාකරුවන්, ජන මාධ්‍ය සහ තුර්කි සංචාරකයන් සඳහා අවශ්‍ය වන ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳ දැනුම්වත් කිරීම්, දූත මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශන තුළ සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශන කුටියේ දී පිළිගැන්වූ පිරිසිදු ලංකා තේ රස බැලීමට නරඹන්නන්ට හැකි විය.

මෙම වසරේ දී, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25 ක්, ප්‍රමුඛ පෙළේ තුර්කි සංචාරක නියෝජිතයන්, බාහිර සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක/සංචාරක ව්‍යාපාර අංශයේ තවත් බොහෝ සංවිධායකයන් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. අන්කාරා කලාපයේ වෙසෙන තුර්කි සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ට්‍රැවල් එක්ස්පෝ 2022 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියහ. මෙම ප්‍රදර්ශනය ඒ.ටී.අයි.එස්. ෆෙයාස් සමාගම (ATIS Fairs Inc.), අන්කාරා වාණිජ මණ්ඩලය, අන්කාරා කර්මාන්ත මණ්ඩලය, අන්කාරා මහ නගර සභාව සහ තුර්කි සංචාරක නියෝජිතයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2021 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close