The homicide of six Sri Lankans and one individual injured in Ottawa

The homicide of six Sri Lankans and one individual injured in Ottawa

The Ministry of Foreign Affairs has been informed by the Sri Lankan High Commission in Ottawa of the tragic death of six Sri Lankans, including a mother, four children, and a family acquaintance, in a residence in Barrhaven, Ottawa on March 7, 2024.

The husband and father of the victims was found injured at the scene, and subsequently, he was admitted to the hospital, where he is currently undergoing treatment. The law enforcement authority has arrested a 19-year-old Sri Lankan in connection with the homicide, and he is currently in police custody.

The High Commission officials have visited the surviving father and husband of the victims at the hospital. The Ministry is in communication with the family members in Sri Lanka and is facilitating their requests with the relevant Canadian authorities through the Sri Lankan High Commission while respecting their privacy.

A vigil in memory of the victims has been arranged at the crime scene, and the City Councilor has scheduled a special vigil on Saturday, March 9, 2024. The funeral rites will be conducted according to the wishes of the victims' families in due course following the release of the human remains after autopsy. The Consular Affairs Division of the Ministry of Foreign Affairs, is working closely with the High Commission in Ottawa to undertake all necessary measures to assist the families of the victims in fulfilling necessary formalities.

The Ministry of Foreign Affairs extends sincere condolences to the bereaved family members in this time of sorrow.

Ministry of Foreign Affairs

Colombo

 09 March 2024

...........................................

මාධ්‍ය නිවේදනය

ඔටාවාහිදී  ශ්‍රී ලාංකිකයන් සය දෙනකු ඝාතනයට ලක්ව එක් අයෙකු තුවාල ලබයි

2024 මාර්තු 7 වැනි දින ඔටාවා හි බාහැවන්හි නිවසක මවක, දරුවන් හතර දෙනකු සහ පවුලේ හිතවතෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඛේදජනක ලෙස මිය යාම පිළිබඳ ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා තිබේ.

මියගිය අයගේ සැමියා සහ පියා එම ස්ථානයේදීම තුවාල ලබා ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මේ වනවිට එහි ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම ඝාතනය සම්බන්ධයෙන් කැනඩාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන විසින් 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

මෙම සිදුවීමෙන් දිවි බේරාගත් පියා සහ සැමියාගේ සුව දුක් විමසීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රෝහල වෙත ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන් හා සම්බන්ධ වී සිටින අතර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා කැනේඩියානු බලධාරීන් සමග එක්ව විපතට පත්වූවන්ගේ පෞද්ගල්කත්වයට ගරු කරමින් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගනු ලබයි.

විපතට පත්වූවන් වෙනුවෙන් අපරාධය සිදු වූ ස්ථානයේ ආගමික වතාවත් පවත්වන ලද අතර 2024 මාර්තු 09 වන දින ඔටාවාහි නාගරික මන්ත්‍රීවරයා විසින් විශේෂ ආගමික වතාවත් පැවැත්වීමට නියමිතය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහ නිදහස් කිරීමෙන් අනතුරුව පවුලේ අයගේ කැමැත්ත පරිදි ඉදිරියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, ඔටාවා හි මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරමින් විපතට පත් වූවන්ගේ පවුල්වලට පහසුකම් සපුරාලීමට අවශ්‍ය සියලු පියවර ගනු ලැබේ.

මෙම ශෝකජනක අවස්ථාවේ විපතට පත් පවුලේ සාමාජිකයින් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 මාර්තු 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close