Two Sri Lankans Rescued from the Attacked Ship in the Gulf Sea

Two Sri Lankans Rescued from the Attacked Ship in the Gulf Sea

Two Sri Lankans who were employed as security guards in the commercial vessel which came under missile attack have been rescued.  The vessel, named True Confidence, was hit by missile in the gulf sea around 50 nautical miles off the coast of Yemen’s port of Aden.

According to confirmed reports, three crew members (two Filipinos and one Vietnamese) have been killed and one of the two Sri Lankan security guards among those injured.

The casualties including the injured Sri Lankan and the rest of the crew members have been evacuated from the wrecked ship to Djibouti.

The Embassy of Sri Lanka in Addis Ababa, Ethiopia which is accredited to Djibouti, is in contact with the relevant authorities in Djibouti to facilitate the medical treatment of the injured Sri Lankan and the safe stay of the other Sri Lanka crew member.  The Ministry of Foreign Affairs and Embassy in Addis Ababa are currently following the situation and will take necessary action for the repatriation of Sri Lankans at the earliest.

Ministry of Foreign Affairs

Colombo

08 March 2024

............................................

 මාධ්‍ය නිවේදනය

ගල්ෆ් මුහුදේදී මිසයිල ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මුදා ගැනේ

මිසයිල ප්‍රහාරයට ලක්වූ වාණිජ නෞකාවේ ආරක්ෂකයින් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු මුදාගෙන තිබේ. True Confidence ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50ක් ඔබ්බෙන් පිහිටි ගල්ෆ් මුහුදේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇත.

තහවුරු කරන ලද වාර්තාවලට අනුව කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනකු (පිලිපීන ජාතිකයන් දෙදෙනකු සහ එක් වියට්නාම ජාතිකයෙකු) මිය ගොස් ඇති අතර තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකික ආරක්ෂකයින් දෙදනාගෙන් එක් අයෙකු සිටී.

අනතුරට පත් ශ්‍රී ලාංකිකයා ඇතුළු තුවාලකරුවන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රහාරයට ලක්වූ නෞකාවෙන් මුදාගෙන ජිබුටි වෙත රැගෙන ගොස් තිබේ.

ජිබුටි රාජ්‍යය සඳහා ප්‍රතීතනය කර ඇති ඉතියෝපියාවේ අඩිස් අබාබාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහ අනෙකුත් ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයාට ආරක්ෂිතව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජිබුටි හි අදාළ බලධාරීන් සමඟ එක්ව කටයුතු කරනු ලැබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අඩිස් අබාබා හි තානාපති කාර්යාලය වත්මන් තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ආපසු සියරට පිටත් කරවා හැරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close