The first Sri Lanka Tea Shop and Cultural Centre Opened in Beijing

The first Sri Lanka Tea Shop and Cultural Centre Opened in Beijing

The Embassy of Sri Lanka in Beijing in collaboration with the China Sri Lanka Association for Trade and Economic Cooperation (CSLATE) and the Beijing Wanhongtai Technology Group Co., Ltd. Company opened the first Sri Lanka Tea Shop and Cultural Centre in Beijing on 20 April 2022 in the prestigious Xiu Shui Street, Chaoyang District. The shop with its large outdoor area has been made available to the Ambassador free of charge. This initiative is among a range of activities undertaken by the Embassy to commemorate the 65th Anniversary of establishing diplomatic relations and 70th Anniversary of the Rubber-Rice Pact. The Deputy Secretary General of the Shanghai Cooperation Organisation (SCO), Government officials, representatives from Diplomatic Missions in Beijing, and the Chinese business community attended the event.

The Ambassador of Sri Lanka to Beijing, Dr. Palitha Kohona, addressing the gathering, said that this was a pioneering initiative to promote Ceylon Tea in China and thanked CSLATE and the Beijing Wanhongtai Technology Group Co., Ltd. Company for their inspiring vision. he also stated that this was the first Ceylon Tea Shop and Cultural Centre in China and he was hopeful that many more would follow. The Ambassador invited the attendees to encourage their friends to visit the tea shop to taste Ceylon Tea and relax. Ceylon Tea was among the top and leading black teas in the world due to its unique flavour and scent. Second Secretary (Tea Promotion) Sampath Perera demonstrated Ceylon Tea preparation. He also spoke of the seven regions of Sri Lanka that produce Ceylon Tea and their distinctive taste and aroma.

The invitees were later treated to Sri Lankan delicacies and Ceylon Tea.

The Embassy of Sri Lanka

Beijing

27 April, 2022

...................................................... 

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය බීජිං නුවරදී විවෘත කෙරේ

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, 2022 අප්‍රේල් 20 වැනි දින, චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.

විශාල එළිමහන් ප්‍රදේශයක් සහිත මෙම වෙළඳසැල තානාපතිවරයා වෙත නොමිලේ පිරිනමා ඇත. මෙම මුලපිරීම, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර්- සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම් මාලාවට ඇතුළත් එක් මුලපිරීමකි. ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) නියෝජ්‍ය මහලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන්, බීජිං හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සහ චීන ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

පැමිණ සිටි පිරිස ඇමතූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, මෙම මුලපිරීම චීනය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පුරෝගාමී මුලපිරීමක් බව සඳහන් කළ අතර,  CSLATE හි සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගමේ උද්‍යෝගීමත් දැක්ම වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේ ය. මෙය චීනයේ ප්‍රථම ලංකා තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය වන අතර තවත් බොහෝ තේ වෙළඳසැල් චීනය තුළ විවෘත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, තානාපතිවරයා සඳහන් කළේ ය. ලංකා තේ රසවිඳීම සඳහා තම හිතවතුන් ද කැටුව මෙම තේ වෙළඳසැලට පැමිණෙන ලෙස පැමිණ සිටි පිරිසට තානාපතිවරයා ආරාධනා කළේ ය. ලංකා තේ සතු සුවිශේෂී රස සහ සුවඳ හේතුවෙන් එය ලොව ප්‍රමුඛ පෙළේ කළු තේ අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත. දෙවැනි ලේකම් (තේ ප්‍රවර්ධන) සම්පත් පෙරේරා මහතා ලංකා තේ සකස් කරන අයුරු ප්‍රදර්ශනය කළේය. එතුමා ලංකා තේ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ කලාප හත සහ ඒවායේ සුවිශේෂී රස සහ සුවඳ පිළිබඳව ද විස්තර කළේ ය.

මෙම උත්සවයෙන් අනතුරුව, පැමිණ සිටි අමුත්තන් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර සහ ලංකා තේ පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අප්‍රේල් 27 වැනි දින

.........................................................

 ஊடக வெளியீடு

 பெய்ஜிங்கில் முதல் இலங்கை தேநீர் கடை மற்றும் கலாச்சார நிலையம் திறப்பு

பெய்ஜிங்கில் உள்ள இலங்கைத் தூதரகம், வர்த்தகம் மற்றும் பொருளாதார ஒத்துழைப்புக்கான சீனா இலங்கை சங்கம் மற்றும் பெய்ஜிங் வான்ஹோங்டாய் டெக்னொலொஜி குரூப் லிமிடெட் நிறுவனத்துடன் இணைந்து பெய்ஜிங்கில் முதல் இலங்கை தேநீர் கடை மற்றும் கலாச்சார நிலையத்தை 2022 ஏப்ரல் 20ஆந் திகதி பெய்ஜிங்கில் உள்ள பெறுமதி வாய்ந்த சொயங்க மாவட்டம், சியு ஷூய் வீதியில் திறந்து வைத்தது. பெரிய வெளிப்புறப் பகுதியைக் கொண்ட கடை, தூதுவருக்கு இலவசமாகக் கிடைக்கச் செய்யப்பட்டுள்ளது. இராஜதந்திர உறவுகளை ஸ்தாபித்ததன் 65வது ஆண்டு நிறைவையும், ரப்பர் - அரிசி ஒப்பந்தத்தின் 70வது ஆண்டு நிறைவையும் நினைவுகூரும் வகையில் தூதுவரகத்தால் மேற்கொள்ளப்படும் நடவடிக்கைகளில் இந்த முயற்சியும் ஒன்றாகும். ஷாங்காய் ஒத்துழைப்பு அமைப்பின் துணைப் பொதுச் செயலாளர், அரச அதிகாரிகள், பெய்ஜிங்கில் உள்ள தூதரகப் பிரதிநிதிகள் மற்றும் சீன வணிக சமூகத்தினர் இந்நிகழ்வில் கலந்து கொண்டனர்.

பெய்ஜிங்கிற்கான இலங்கைத் தூதுவர் கலாநிதி பாலித கொஹொன அவர்கள் கலந்து கொண்டு உரையாற்றுகையில், இது சீனாவில் சிலோன் தேயிலையை ஊக்குவிக்கும் முன்னோடி முயற்சி என்றும், சீனா இலங்கை வர்த்தக மற்றும் பொருளாதார ஒத்துழைப்பு சங்கம் மற்றும் பெய்ஜிங் வான்ஹோங்டாய் டெக்னொலொஜி குரூப் லிமிடெட் நிறுவனத்திற்கு நன்றிகளைத் தெரிவித்தார். இதுவே சீனாவின் முதல் சிலோன் தேநீர் கடை மற்றும் கலாச்சார நிலையம் ஆவதுடன், பலர் இதைப் பின்பற்றுவார்கள் என நம்பிக்கை தெரிவித்தார். சிலோன் தேயிலையை ருசித்து இளைப்பாற தேநீர் கடைக்கு தமது நண்பர்களை அழைத்து வருமாறு தூதுவர் கலந்துகொண்டவர்களுக்கு அழைப்பு விடுத்தார். சிலோன் தேயிலை அதன் தனித்துவமான சுவை மற்றும் வாசனை காரணமாக சிறந்த கறுப்புத் தேயிலைகளில் ஒன்றாவதுடன், உலகின் கறுப்புத் தேயிலைகளில் முன்னணியில் உள்ளது. இரண்டாம் செயலாளர் (தேயிலை ஊக்குவிப்பு) சம்பத் பெரேரா சிலோன் தேயிலையை தயாரித்துக் காட்டினார். சிலோன் தேயிலை உற்பத்தி செய்யும் இலங்கையின் ஏழு பகுதிகள் மற்றும் அவற்றின் தனித்துவமான சுவை மற்றும் நறுமணம் பற்றியும் அவர் குறிப்பிட்டார்.

பின்னர் அழைக்கப்பட்டவர்களுக்கு இலங்கை உணவு வகைகளும் சிலோன் தேயிலையும் வழங்கப்பட்டது.

இலங்கைத் தூதரகம்,

பெய்ஜிங்

2022 ஏப்ரல் 27

Print Friendly, PDF & Email
Please follow and like us:

Close