Prospects for exporting more gems & jewellery from Sri Lanka to Southern China

Prospects for exporting more gems & jewellery from Sri Lanka to Southern China

The Sri Lanka Export Development Board in coordination with the Consulate General of Sri Lanka in Guangzhou, organized a virtual B2B meetings on 6 and 7 April 2022 between five prominent Sri Lankan gem and jewellery companies, namely Beauty Gems, Gem Paradise, Precision Lapidaries, Zam gems and Engelo Gems and two very prominent Chinese companies in the duty free sector of Hainan Province; China Duty Free group co and M/S Hainan Provincial Diamond & Jewellery Co. Ltd.

The Consul General of Sri Lanka in Guangzhou, Priyangika Dharmasena stated that Sri Lanka is rich in gem deposits of which only 20 percent has been utilized. She said that Sri Lanka is a reliable supplier of precious stones, including  the Ceylon sapphires. She encouraged both sides,‘to productively engage, with an end result in mind, to sell and buy”.

Acting Director Manoja Dissanayake and Export Promotion Officer Dilsha De Alwis of the Sri Lanka Export Development Board made a presentation on the gem and jewellery sectors in Sri Lanka.

The B2B meetings conducted after the presentation were very successful in providing a platform for constructive and vibrant engagements between prospective buyers and suppliers to exchange information and envisage future partnerships in gem and jewellery trading.

Consulate General of Sri Lanka

Guangzhou

19 April, 2022

........................................

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ඉහළ ප්‍රමාණයක් දකුණු චීනය අපනයනය කිරීම සම්බන්ධයෙන් පවත්නා අපේක්ෂා

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ග්වැන්ෂුහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව, අප්‍රේල් 6 සහ 7යන දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මැණික් හා ස්වර්ණාභරණ සමාගම් පහක් වන බියුටි ජෙම්ස්, ජෙම් පැරඩයිස්, ප්‍රිසිෂන් ලැපිඩරීස්, සැම් ජෙම්ස් සහ එන්ජෙලෝ ජෙම්ස් යන සමාගම් මෙන්ම, හයිනාන් පළාතේ තීරුබදු රහිත අංශයේ ප්‍රමුඛ පෙළේ චීන සමාගම් දෙකක් වන චයිනා ඩියුටි ෆ්‍රී සමූහ සමාගම සහ එම්/එස් හයිනාන් පළාතේ දියමන්ති සහ ස්වර්ණාභරණ පුද්ගලික සමාගම අතර අතථ්‍ය ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකාව මැණික් නිධිවලින් පොහොසත් රටක් වන බවත්, දැනට ඉන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 20ක් පමණක් වන බවත් ගුවැන්ෂුහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය ප්‍රකාශ කළාය. ලංකා නිල්මැණික් ඇතුළු වටිනා ගල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශ්වාසදායක සැපයුම්කරුවෙකු වනබවත් එතුමිය මෙහිදී ප්‍රකාශ කළාය. අවසාන ප්‍රතිඵලයක් අපේක්ෂා කරන අතරතුර, විකිණීම සහ මිලදී ගැනීම සඳහා ඵලදායී ලෙස නිරතවන ලෙස එතුමිය දෙපාර්ශ්වය දිරිමත් කළාය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ මනෝජා දිසානායක මහත්මිය සහ අපනයන ප්‍රවර්ධන නිලධාරී ඩිල්ෂා ද අල්විස් මහත්මිය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළහ.

මෙම ඉදිරිපත් කිරීමෙන් පසුව පවත්වන ලද ව්‍යාපාරාන්තර රැස්වීම්,අනාගත ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට සහ මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාමේ අනාගත හවුල්කාරිත්වයන් අපේක්ෂා කිරීම සම්බන්ධයෙන් නිර්මාණාත්මක සහ විචිත්‍රවත් මැදිහත්වීම් ගොඩනැගීම සඳහා වේදිකාවක් සැපයීම සඳහා ඉවහල් විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ග්වැන්ෂු

2022 අප්‍රේල් 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close