High Commissioner of Sri Lanka to India Milinda Moragoda visited the headquarters of the global Information Technology giant HCL Technologies on 22 November in Noida, Uttar Pradesh. The 50-acre campus houses 25,000 employees.
High Commissioner Moragoda, accompanied by the senior High Commission officials, met with the Company's Chief Financial Officer Prateek Aggarwal and his senior management team, and discussed extensively on the investments that the HCL Technologies have made in Sri Lanka, and the ways and means to further expand those investments.
HCL Technologies, a next-generation global technology company with an annual revenue of 11 billion US dollars, has offices in fifty countries including the United Kingdom, the United States, France, and Germany with a worldwide network of Research and Development, innovation labs anddelivery centres. Globally, it has over 187,000 employees and its customers include 250 of the Fortune 500 and 650 of the Global 2,000 companies.
High Commissioner Moragoda's visit to the HCL Technologies headquarters in Noida came just days ahead of the first anniversary of HCL operations in Sri Lanka and the grand opening of the Company's new facility in Sri Lanka. HCL Technologies has leased 20 floors (200,000 sq. ft.) of an iconic commercial building in Colombo for their new office, which will be inaugurated on 25 November 2021.
HCL in Sri Lanka will provide high-paying IT employment opportunities to 1100 Sri Lankans initially, and is planning to increase that number to 5000 in five years. The Company would hire high school graduates and offer them employment in the facility, while providing 100% scholarships to complete their university degrees.
HCL Sri Lanka would directly serve 49 Fortune 500 companies.
High Commissioner Moragoda was accompanied by Deputy High Commissioner Niluka Kadurugamuwa, Minister Counsellor Gamini Sarath Godakanda and Senior Principal Secretary of the High Commission Deepak Nathani. The Chief Financial Officer Aggarwal was accompanied by Vice President-Strategy Abhinav Ghosh, Vice President Praveen Seth and Deputy Manager-Strategic Initiatives- Chairman's Office Ashish Yadav.
High Commission of Sri Lanka
New Delhi
23 November 2021
...........................................................
මාධ්‍ය නිවේදනය
ගෝලීය දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගමේ (HCL Technologies) නවතම පහසුකම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා එම සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත වේ
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා නොවැම්බර් 22 දින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි ගෝලීය තොරතුරු තාක්ෂණ දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් (HCL Technologies) සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත විය. අක්කර 50 ක භූමි භාගයකින් සමන්විත මෙම සමාගම තුළ 25,000 ක සේවක පිරිසක් සේවය කරති.
මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මෙම අවස්ථාවට සම්බන්ධ වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රතීක් අගර්වාල් මහතා සහ එතුමාගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම හමු වූ අතර එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජන පිළිබඳව මෙන්ම එම ආයෝජන තවදුරටත් ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය.
ඇමරිකානු ඩොලර් බිලියන 11 ක වාර්ෂික ආදායමක් ලබන ඉදිරි පරපුරේ ගෝලීය තාක්ෂණ සමාගමක් වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගම එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් පනහක් තුළ සිය කාර්යාල පවත්වාගෙන යන අතර පර්යේෂණ හා සංවර්ධන, නවෝත්පාදන විද්‍යාගාර සහ බෙදා හැරීමේ මධ්‍යස්ථාන ආදියෙන් සුසැදි ලොව පුරා ව්‍යාප්ත වූ ජාලයකට හිමිකම් කියයි. ගෝලීය වශයෙන් එහි සේවකයන් 187,000 කට වැඩි පිරිසක් සේවය කරන අතර ලොව වාසනාවන්තම සමාගම් 500 න් 250 ක් සහ ප්‍රධානතම ගෝලීය සමාගම් 2,000 න් සමාගම් 650 ක් එහි පාරිභෝගික පිරිසට ඇතුළත් වේ.
මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා නොයිඩා හි පිහිටි එච්.සී.එල්. ටෙක්නොලොජීස් මූලස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එච්.සී.එල්. ක්‍රියාකාරකම්වල පළමු සංවත්සරය සැමරීමට පෙර සහ ශ්‍රී ලංකාව තුළ ඇරඹීමට නියමිත මෙම සමාගමේ නවතම පහසුකම විවෘත කිරීමට දින කිහිපයකට පෙරය. 2021 නොවැම්බර් 25 වැනි දින විවෘත කිරීමට නියමිත එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගමේ නවතම කාර්යාලය සඳහා කොළඹ පිහිටි දර්ශනීය වාණිජ ගොඩනැගිල්ලක තට්ටු 20ක (වර්ග අඩි 200,000) වපසැරියක් බදු පදනම යටතේ ලබාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කෙරෙන එච්.සී.එල්. ආයතනය මගින් මූලික අදියරේ දී ශ්‍රී ලාංකිකයන් 1100 කට ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථා ලබා දීමට නියමිත අතර වසර පහක් තුළ එම සංඛ්‍යාව 5000 ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම විසින් උපාධිධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එතුළ රැකියා පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ විශ්වවිද්‍යාල උපාධි සම්පූර්ණ කිරීම සඳහා 100% ක ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.
එච්.සී.එල්. ශ්‍රී ලංකා සමාගම වාසනාවන්තම සමාගම් 500 අතරින් සමාගම් 49 කට සිය සේවා සෘජුවම සපයනු ඇත.
නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා, අමාත්‍ය උපදේශක ගාමිණී සරත් ගොඩකන්ද මහතා, මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ලේකම් දීපක් නතානි මහතා යනාදීහු සමඟ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී විය. සභාපතිවරයාගේ කාර්යාලයේ උපායමාර්ගික මුලපිරීම් පිළිබඳ නියෝජ්‍ය කළමනාකාර අශිෂ් යාදව් මහතා, උප සභාපති ප්‍රවීන් සෙත් මහතා, උපායමාර්ගික කටයුතු පිළිබඳ උප සභාපති අභිනව් ගොෂ් මහතා යනාදීහු සමඟ ප්‍රධාන මූල්‍ය නිලධාරී අගර්වාල් මහතා මෙම අවස්ථාවට සහභාගී විය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
නවදිල්ලිය
2021 නොවැම්බර් 23 වැනි දින
.......................................
ஊடக வெளியீடு
எச்.டி.எல். டெக்னொலொஜிஸின் புதிய அலுவலகம் இலங்கையில் திறந்து வைக்கப்படுவதற்கு சில தினங்களுக்கு முன்னதாக, உயர்ஸ்தானிகர் மொரகொட எச்.டி.எல். டெக்னொலொஜிஸின் தலைமையகத்திற்கு விஜயம்
இந்தியாவிற்கான இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட உத்தர பிரதேசத்தின் நொய்டாவில் உள்ள உலகளாவிய தகவல் தொழில்நுட்ப நிறுவனமான எச்.டி.எல். டெக்னொலொஜிஸின் தலைமையகத்திற்கு விஜயம் செய்தார் (22). 50 ஏக்கர் வளாகத்தில் அமைந்துள்ள இந்த நிறுவனத்தில் 25,000 ஊழியர்கள் பணியாற்றுகின்றனர்.
உயர்ஸ்தானிகராலய அதிகாரிகளுடன் இணைந்து நிறுவனத்தின் பிரதான நிதி அதிகாரி பிரதீக் அகர்வால் மற்றும் அவரது சிரேஷ்ட முகாமைத்துவக் குழுவைச் சந்தித்த உயர்ஸ்தானிகர் மொரகொட, எச்.டி.எல். டெக்னொலொஜிஸ் இலங்கையில் மேற்கொண்டுள்ள முதலீடுகள் மற்றும் அவற்றை மேலும் விரிவுபடுத்துவதற்கான வழிகள் மற்றும் வழிமுறைகள் குறித்து விரிவாகக் கலந்துரையாடினார்.
11 பில்லியன் அமெரிக்க டொலர்கள் வருடாந்த வருமானம் கொண்ட அடுத்த தலைமுறை உலகளாவிய தொழில்நுட்ப நிறுவனமான எச்.டி.எல். டெக்னொலொஜிஸ், ஐக்கிய இராச்சியம், அமெரிக்கா, பிரான்ஸ் மற்றும் ஜேர்மனி உட்பட ஐம்பது நாடுகளில் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி, கண்டுபிடிப்பு ஆய்வுகூடங்கள் மற்றும் விநியோக நிலையங்களின் உலகளாவிய வலையமைப்பைக் கொண்டுள்ளது. உலகளவில், இது 187,000 பணியாளர்களைக் கொண்டுள்ளதுடன், ஃபோர்ச்சூனின் உலகளாவிய 2,000 நிறுவனங்களில் ஃபோர்ச்சூன் 500 மற்றும் 650 உட்பட 250 வாடிக்கையாளர்களை உள்ளடக்கியுள்ளது.
இலங்கையில் எச்.டி.எல். டெக்னொலொஜிஸின் முதலாம் ஆண்டு நிறைவு மற்றும் இலங்கையில் அதன் புதிய கிளை பிரமாண்டமாகத் திறந்து வைக்கப்படுவதற்கு சில தினங்களுக்கு முன்னதாக, நொய்டாவில் உள்ள எச்.டி.எல். டெக்னொலொஜிஸ் தலைமையகத்திற்கான உயர்ஸ்தானிகர் மொரகொடவின் விஜயம் அமைந்திருந்தது. கொழும்பில் உள்ள வணிக கட்டிடமொன்றின் 20 மாடிகளை (200,000 சதுர அடி) குத்தகைக்கு எடுத்துள்ள எச்.டி.எல். டெக்னொலொஜிஸ், 2021 நவம்பர் 25ஆந் திகதி திறந்து வைக்கப்படும்.
இலங்கையில் உள்ள எச்.டி.எல். ஆனது ஆரம்பத்தில் 1100 இலங்கையர்களுக்கு அதிக சம்பளம் தரக்கூடிய தகவல் தொடர்பாடல் வேலை வாய்ப்புக்களை வழங்குவதுடன், ஐந்து வருடங்களில் அந்த எண்ணிக்கையை 5000 ஆக அதிகரிக்கத் திட்டமிட்டுள்ளது. நிறுவனம் உயர்நிலைப் பட்டதாரிகளை வேலைக்கு அமர்த்தி அவர்களுக்கு வேலைவாய்ப்பை வழங்கும் அதே நேரத்தில் அவர்களது பல்கலைக்கழகப் பட்டங்களை நிறைவு செய்வதற்காக 100% புலமைப்பரிசில்களை வழங்கும்.
எச்.டி.எல். ஸ்ரீ லங்கா நேரடியாக 49 ஃபோர்ச்சூன் 500 நிறுவனங்களுக்கு சேவை செய்யும்.
உயர்ஸ்தானிகர் மொரகொடவுடன் பிரதி உயர்ஸ்தானிகர் நிலூக கதுருகமுவ, அமைச்சர் ஆலோசகர் காமினி சரத் கொடகந்த மற்றும் உயர்ஸ்தானிகராலயத்தின் சிரேஷ்ட பிரதம செயலாளர் தீபக் நதானி ஆகியோர் இணைந்திருந்தனர். தலைமை நிதி அதிகாரி அகர்வாலுடன் மூலோபாய துணைத் தலைவர் அபினவ் கோஷ், துணைத் தலைவர் பிரவீன் சேத் மற்றும் தவிசாளர் அலுவலகத்தின் மூலோபாய முன்முயற்சிகள் பிரதி முகாமையாளர் ஆஷிஷ் யாதவ் ஆகியோர் இணைந்திருந்தனர்.
இலங்கை உயர்ஸ்தானிகராலயம்,
புது டில்லி
2021 நவம்பர் 23