The Embassy of Sri Lanka in Oman organized a Golf Tournament in collaboration with the Ghala Golf Club in Muscat on 11 December 2021 as part of a Sri Lanka Tourism event while commemorating the 40th anniversary of diplomatic relations between Sri Lanka and the Sultanate of Oman which falls this year. The Embassy showcased Sri Lanka tourism by playing videos of tourist attractions during the tournament at Ghala Golf Club. The event commenced with the lighting of a traditional oil lamp, traditional drumming (Magul Bera) and Hak performance by the students of the Sri Lankan School Muscat followed by the National Anthems of the Sultanate of Oman and Sri Lanka. A ceremonial cake cutting was then held to mark the 40th anniversary of diplomatic relations between the two countries with the participation of the Ambassador of Sri Lanka to the Sultanate of Oman Ameer Ajwad and other dignitaries.
Head of the Department of Global Affairs of the Foreign Ministry of Oman and the Deputy Chairman of the Human Rights Committee of Oman Ambassador Humaid Al Maani, Ambassadors of Brunei, Pakistan and South Korea to the Sultanate of Oman, Board member of the Ghala Golf Club Faiz Mohamed Riyaz, Srilankan Airlines Country Manager Fayaz Thaha and the other dignitaries graced the occasion as special guests.
Addressing the gathering, Ambassador Ameer Ajwad highlighted the importance of sports in promoting connectivity between the two friendly nations and encouraged the frequent exchange of sports activities between the two countries. He also announced the arrival of Sri Lankan Hockey teams in Oman to play friendly matches with the Omani Hockey teams later this month, to mark the 40th anniversary of diplomatic relations between the two countries.
The winner of the tournament Ahmed Al Lamki was presented a trophy by Ambassador Ameer Ajwad jointly with the Head of Global Affairs of the Foreign Ministry of Oman Ambassador Humaid Al Maani, Board member of Ghala Golf Club Faiz Mohamed Riyaz and Srilankan Airlines Country Manager Fayaz Thaha. The winner was also presented business class air tickets to visit Sri Lanka, sponsored by SriLankan Airlines, and a 2-night stay at Mövenpick Hotel Colombo sponsored by Esna Holidays Colombo.
During the event, Sri Lanka tourism was promoted displaying ‘So Sri Lanka’ banners, posters and brochures. Representatives of the Sri Lankan Airlines distributed leaflets on attractive travel packages to Sri Lanka to all participants.
The event was sponsored by Sri Lanka Tourism Promotion Bureau, SriLankan Airlines, Esna Holidays in Sri Lanka, Mövenpick Hotel Colombo, United Technical Solutions, Bread Box and Ojaye Restaurant in Oman.
Embassy of Sri Lanka
Muscat
20 December, 2021
...................................
මාධ්‍ය නිවේදනය
ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගොල්ෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විදහා දැක්වේ
ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේ දී වසර 40 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අංගයක් ලෙස ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මස්කට් හි ගාලා ගොල්ෆ් ක්ලබ් සමඟ එක්ව 2021 දෙසැම්බර් 11 වැනි දින ගොල්ෆ් තරඟාවලියක් සංවිධානය කළේය. ගාලා ගොල්ෆ් ක්ලබ් පරිශ්‍රයේ පැවති මෙම තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තානාපති කාර්යාලය විසින් විදහා දක්වනු ලැබූ අතර සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ දැකගත හැකි ආකර්ෂණීය ස්ථාන පිළිබඳ වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කරන ලදි.
සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, සම්ප්‍රදායික මගුල් බෙර වාදනය සහ මස්කට් හි ශ්‍රී ලංකා පාසලේ සිසුන් ඉදිරිපත් කළ හක්ගෙඩි වාදනයෙන් අනතුරුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගී ගායනා කිරීමෙන් මෙම උත්සවය අරඹන ලදි. දෙරට අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම සංකේතවත් කිරීම සඳහා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් කේක් ගෙඩියක් කපන ලදි.
ඕමාන විදේශ අමාත්‍යංශයේ ගෝලීය කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සහ ඕමාන මානව හිමිකම් කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ තානාපති හුමයිඩ් අල් මානි මැතිතුමා, ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා වන බෲනායි, පාකිස්තානය සහ දකුණු කොරියාව යන රටවල තානාපතිවරුන්, ගාලා ගොල්ෆ් ක්ලබ් හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික ෆයිස් මොහොමඩ් රියාස් මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දේශීය කළමණාකාර ෆයාස් තාහා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා මිත්‍ර පාර්ශ්ව දෙක අතර පවත්නා සබඳතාව ප්‍රවර්ධනය කිරීමේ දී ක්‍රීඩාව තුළ ඇති වැදගත්කම පිළිබඳව සඳහන් කළ අතර දෙරට අතර නිරන්තරයෙන් ක්‍රීඩා ක්‍රියාකාරකම් හුවමාරු කර ගැනීම පිළිබඳව ද අවධාරණය කළේ ය. දෙරට අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් මෙම මස අවසානයේ දී ඕමාන හොකී කණ්ඩායම් සමඟ සුහද තරගාවලි පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හොකී කණ්ඩායම් ඕමානයට පැමිණෙන බවද එතුමා නිවේදනය කළේය.
තරගාවලියේ ජය හිමි කරගත් අහමඩ් අල් ලම්කි මහතාට තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා කුසලානයක් පිරිනැමූ අතර ඒ සඳහා ඕමාන විදේශ අමාත්‍යංශයේ ගෝලීය කටයුතු ප්‍රධානී තානාපති හුමයිඩ් අල් මානි මැතිතුමා ගාලා ගොල්ෆ් ක්ලබ් හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික ෆයිස් මොහොමඩ් රියාස් මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දේශීය කළමනාකාර ෆයාස් තාහා මහතා යනාදීහු එක්ව සිටියහ. මෙම ජයග්රාහකයාට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අනුග්‍රහය යටතේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් මෙන්ම කොළඹ එස්නා හොලිඩේස් සමාගමේ අනුග්‍රහයෙන් මූවන්පික් හෝටලයේ රාත්‍රී 2 ක් ගත කිරීම සඳහා නවාතැන් පිරිනැමිණි.
උත්සවය අතරතුර දී ‘So Sri Lanka’ තේමාව රැගත් බැනර්, පෝස්ටර් සහ අත් පත්‍රිකා විදහා දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ලදී. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නියෝජිතයන් විසින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක පැකේජ පිළිබඳ පත්‍රිකා සහභාගී වූ පිරිස අතර බෙදා හරින ලදි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාවේ එස්නා හොලිඩේස් සමාගම, කොළඹ මූවන්පික් හෝටලය, යුනයිටඩ් ටෙක්නිකල් සොලියුෂන්ස් සමාගම සහ ඕමානයේ බ්‍රෙඩ් බොක්ස් හා ඔජායේ අවන්හල මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වී ය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්
2021 දෙසැම්බර් මස 20 වැනි දින
.....................................
ஊடக செய்தி
இராஜதந்திர உறவுகளின் 40வது ஆண்டு நிறைவை முன்னிட்டு ஓமானில் உள்ள இலங்கைத் தூதரகம் ஏற்பாடு செய்த கோல்ஃப் போட்டியின் போது இலங்கை சுற்றுலா காட்சிப்படுத்தல்
இலங்கை மற்றும் ஓமான் சுல்தானேற்றுக்குஇடையிலான இராஜதந்திர உறவுகளின் 40வது ஆண்டு நிறைவை நினைவுகூரும் வகையில், அதே வேளையில், ஓமானில் உள்ள இலங்கைத் தூதரகம் 2021 டிசம்பர் 11ஆந் திகதி மஸ்கட்டில் உள்ள காலா கோல்ஃப் கிளப்புடன் இணைந்து இலங்கை சுற்றுலா ஊக்குவிப்பின் ஒரு பகுதியாக கோல்ஃப் போட்டியை ஏற்பாடு செய்தது. தூதரகம் காலா கோல்ஃப் கிளப்பில் நடைபெற்ற போட்டியின் போது இலங்கை சுற்றுலா காட்சிப்படுத்தப்பட்டதுடன், சுற்றுலாவுக்காக இலங்கையில் உள்ள கவர்ச்சிகரமான இடங்களின் வீடியோவும் ஒளிபரப்பப்பட்டது.
பாரம்பரிய எண்ணெய் விளக்கு மற்றும் மஸ்கட் இலங்கைப் பாடசாலை மாணவர்களின் பாரம்பரிய பறை (மகுல் பேரா) மற்றும் ஹக் இசை நிகழ்ச்சியுடன் நிகழ்வு ஆரம்பமானதுடன், அதனைத் தொடர்ந்து ஓமான் மற்றும் இலங்கை சுல்தானேற்றின் தேசிய கீதங்கள் இசைக்கப்பட்டன. இரு நாடுகளுக்கும் இடையிலான இராஜதந்திர உறவுகளின் 40வது ஆண்டு நிறைவை முன்னிட்டு ஓமான் சுல்தானேற்றுக்கான இலங்கைத் தூதுவர் அமீர் அஜ்வத் மற்றும் முக்கியஸ்தர்களின் பங்களிப்புடன் சம்பிரதாய கேக் வெட்டும் நிகழ்வும் இடம்பெற்றது.
ஓமான் வெளியுறவு அமைச்சின் உலகளாவிய விவகாரங்கள் திணைக்களத்தின் தலைவரும், ஓமான் மனித உரிமைகள் குழுவின் துணைத் தலைவருமான ஹூமைத் அல் மானி, புருனாய், பாகிஸ்தான் மற்றும் தென் கொரியாவின் ஓமான் சுல்தானேற்றுக்கான தூதுவர்கள், காலா கோல்ஃப் கிளப்பின் சபை உறுப்பினர் ஃபைஸ் முகமது ரியாஸ், ஸ்ரீ லங்கன் எயார்லைன்ஸின் நாட்டிற்கான முகாமையாளர் ஃபயாஸ் தாஹா மற்றும் ஏனைய முக்கியஸ்தர்கள் சிறப்பு விருந்தினர்களாகக் கலந்து சிறப்பித்தனர்.
கூட்டத்தில் உரையாற்றிய தூதுவர் அமீர் அஜ்வத், இரு நட்பு நாடுகளுக்கிடையிலான தொடர்பை ஊக்குவிப்பதில் விளையாட்டின் முக்கியத்துவத்தை எடுத்துரைத்ததுடன், இரு நாடுகளுக்கும் இடையே அடிக்கடி விளையாட்டு நடவடிக்கைகள் பரிமாறப்படுவதை வலியுறுத்தினார். இரு நாடுகளுக்கும் இடையிலான இராஜதந்திர உறவுகளின் 40வது ஆண்டு நிறைவைக் குறிக்கும் வகையில், இந்த மாத இறுதியில் ஓமானி ஹொக்கி அணிகளுடன் நட்புரீதியான போட்டிகளில் விளையாடுவதற்காக இலங்கை ஹொக்கி அணிகள் ஓமானுக்கு வருகை தருவதாகவும் அவர் அறிவித்தார்.
போட்டியில் வெற்றி பெற்ற அஹமட் அல் லாம்கிக்கு தூதுவர் அமீர் அஜ்வத், ஓமான் வெளியுறவு அமைச்சின் உலகலாவிய விவகாரத் தலைவர் ஹூமைத் அல் மானி, காலா கோல்ஃப் கிளப்பின் சபை உறுப்பினர் ஃபைஸ் மொஹமட் ரியாஸ் மற்றும் ஸ்ரீ லங்கன் எயார்லைன்ஸின் நாட்டிற்கான முகாமையாளர் ஃபயாஸ் தாஹா ஆகியோர் இணைந்து வெற்றிக் கிண்ணத்தை வழங்கினர். வெற்றியாளருக்கு ஸ்ரீ லங்கன் எயார்லைன்ஸின் அனுசரணையுடன் சுற்றுலாவிற்காக இலங்கை செல்வதற்கான 2 வழி வணிக வகுப்பு விமான டிக்கெட் வழங்கப்பட்டதுடன், எஸ்னா ஹொலிடேஸ் கொழும்பின் அனுசரணையில் 2 இரவுகள் கொழும்பு மோவன்பிக் ஹோட்டலில் தங்குவதற்கும் சந்தர்ப்பம் வழங்கப்பட்டது.
இந்த நிகழ்வின் போது, இலங்கை சுற்றுலாத்துறையானது 'சோ ஸ்ரீ லங்கா' என்ற பதாகைகள், சுவரொட்டிகள் மற்றும் சிற்றேடுகளை காட்சிப்படுத்தி ஊக்குவிக்கப்பட்டது. ஸ்ரீ லங்கன் எயார்லைன்ஸின் பிரதிநிதிகள் பங்கேற்பாளர்களிடையே இலங்கைக்கான கவர்ச்சிகரமான பயணப் பொதிகள் பற்றிய துண்டுப் பிரசுரங்களை விநியோகித்தனர்.
இலங்கை சுற்றுலா ஊக்குவிப்புப் பணியகம், ஸ்ரீ லங்கன் எயார்லைன்ஸ், இலங்கையிலுள்ள எஸ்னா ஹொலிடேஸ், மோவென்பிக் ஹோட்டல் கொழும்பு, யுனைடெட் டெக்னிக்கல் சொல்யூஷன்ஸ், பிரட் பொக்ஸ் மற்றும் ஓமானில் உள்ள ஓஜே உணவகம் ஆகியன இந்த நிகழ்விற்கு அனுசரணை வழங்கின.
இலங்கைத் தூதரகம்,
மஸ்கட்
2021 டிசம்பர் 20