The Embassy of Sri Lanka in Paris celebrated the first working day of the 2022 New Year

The Embassy of Sri Lanka in Paris celebrated the first working day of the 2022 New Year

The ceremony was held at 9.00 am at the Embassy premises with the participation of the Ambassador, Diplomats and the Embassy staff, adhering to the French health guidelines.

Marking the commencement of the ceremony, the Ambassador and Permanent Delegate of Sri Lanka to UNESCO Prof. Kshanika Hirimburegama hoisted the National flag.

The National Anthem was sung by the staff followed by a two minutes' silence, commemorating the war heroes and others who sacrificed their lives for the motherland.

The Oath/Affirmation of the Public Service was taken in all three languages, Sinhala, Tamil & English.

Thereafter, the Ambassador addressed the Embassy staff thanking for their invaluable services and to continue with the same spirit in the year 2022 based on the action plan for year 2022 prepared according to the President’s Vision of Vistas of Prosperity and Splendor.

First Secretary of the Mission Lt Colonel Chula Ratnayake addressed the gathering in the Tamil Language, with new year greetings and the Presidents Vision.

The event was concluded with a reception serving Kiribath andSri Lankan sweet meats.

Embassy of Sri Lanka

Paris

04 January 2022

 ............................

මාධ්‍ය නිවේදනය

 

පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 නව වසරේ පළමු රාජකාරි දිනය සමරයි

ප්‍රංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත ව තානාපතිනිය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් නව වසරේ පළමු රාජකාරි දින සැමරුම් උත්සවය පෙරවරු 9.00 ට තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිණිය විසින් ජාතික ධජය ඔසවන ලදි.

තානාපති කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ සෙසු නිලයන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වී ය.

මෙම අවස්ථාවේ දී රාජ්‍ය සේවයේ දිවුරුම/ප්‍රතිඥාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම ඉදිරිපත් කෙරිණි.

ඉන් අනතුරුව තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලය ඇමතූ තානාපතිවරිය සිය කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් අනර්ඝ සේවාව සඳහා සිය කෘතඥ පූර්වක ස්තුතිය පිරිනැමූ අතර එම උද්‍යෝගිමත් බව සෞභාග්‍යයේ දැක්ම නම් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සකස් කරන ලද 2022 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව 2022 වර්ෂයේ දී ද ඉදිරියට පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටියාය.

දූත මණ්ඩලයේ පළමු ලේකම් ලුතිනන් කර්නල් චූලා රත්නායක මහතා විසින් නව වසර සඳහා සිය හෘදයාංගම ශුභාශිංසන මෙන් ම ජනාධිපතිතුමන්ගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය දමිළ භාෂාවෙන් ඉදිරිපත් කරමින් රැස්ව සිටි පිරිස අමතනු ලැබීය.

කිරිබත් සහ ශ්‍රී ලාංකීය රසකැවිලි සංග්‍රහයෙන් අනතුරු ව මෙම උත්සවය නිමාවට පත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසිය

2022 ජනවාරි 04 වැනි දින

..............................

ஊடக வெளியீடு

 

பரிஸில் உள்ள இலங்கைத் தூதரகத்தில் 2022 புத்தாண்டின் முதல் வேலை நாள் கொண்டாட்டம்

தூதுவர், இராஜதந்திரிகள் மற்றும் தூதரக ஊழியர்களின் பங்குபற்றுதலுடன், பிரான்ஸ் சுகாதார வழிகாட்டுதல்களுக்கு அமைய, தூதரக வளாகத்தில் காலை 9.00 மணியளவில் இந்த விழா நடைபெற்றது.

விழாவின் ஆரம்பத்தை குறிக்கும் வகையில், யுனெஸ்கோவுக்கான இலங்கையின் தூதுவரும் நிரந்தரப் பிரதிநிதியுமான பேராசிரியர் ஷானிக்கா ஹிரிம்புரேகம தேசியக் கொடியை ஏற்றி வைத்தார்.

ஊழியர்களால் தேசியக் கீதம் இசைக்கப்பட்டதுடன், இரண்டு நிமிட மௌன அஞ்சலி செலுத்தி, தாய் நாட்டிற்காக உயிர்த் தியாகம் செய்த போர்வீரர்கள் மற்றும் ஏனையவர்களை நினைவு கூர்ந்தனர்.

அரச சேவைக்கான உறுதிமொழி சிங்களம், தமிழ் மற்றும் ஆங்கிலம் ஆகிய மூன்று மொழிகளிலும் ஏற்றுக்கொள்ளப்பட்டது.

அதன பின்னர், தூதரக ஊழியர்களுக்கு மத்தியில் உரையாற்றிய தூதுவர், அவர்களது விலைமதிப்பற்ற சேவைகளுக்காக நன்றிகளைத் தெரிவித்ததுடன், 'நாட்டைக் கட்டியெழுப்புவதற்கான செழிப்பான பார்வை' என்ற ஜனாதிபதியின் கொள்கைக்கு அமைய தயாரிக்கப்பட்ட செயற்றிட்டத்தின் அடிப்படையில் 2022ஆம் ஆண்டிலும் அதே உணர்வுடன் தொடர்ந்தும் பணியாற்றுமாறு கேட்டுக்கொண்டார்.

தூதரகத்தின் முதன்மைச் செயலாளர் லெப்டினன்ட் கேணல் சூலா ரத்நாயக்க தமிழ் மொழியில் புத்தாண்டு வாழ்த்துக்களையும் ஜனாதிபதியின் தொலைநோக்குப் பார்வையையும் வெளிப்படுத்தி உரையாற்றினார்.

கிரிபத் மற்றும் இலங்கையின் இனிப்பு வகைகள் பரிமாறப்பட்ட வரவேற்பு நிகழ்ச்சியுடன் இந்த நிகழ்வு நிறைவுற்றது.

இலங்கைத் தூதரகம்,

பாரிஸ்

2022 ஜனவரி 04

Print Friendly, PDF & Email
Please follow and like us:

Close