Sri Lanka’s Tri Forces participate at the Queen’s Platinum Jubilee pageant

Sri Lanka’s Tri Forces participate at the Queen’s Platinum Jubilee pageant

At the invitation of the Government of the United Kingdom, a contingent of Sri Lanka’s Tri Forces participated at the Queen Elizabeth II’s Platinum Jubilee pageant held on Sunday, 05 June 2022.

In 2022, the Queen Elizabeth II became the first British Monarch to celebrate a Platinum Jubilee after 70 years of service. The pageant was organised as a part of a series of celebrations that took place from 02 – 05 June in honour of the Queen. It comprised many segments including a military spectacle and cultural performances.

Upon the conclusion of the pageant, the contingent of the Sri Lanka Military visited the Sri Lanka High Commission, during which High Commissioner of Sri Lanka in the United Kingdom Saroja Sirisena thanked the Tri Forces for their participation at the pageant and stated that it was a proud moment to see the Sri Lankan flag flying high in this momentous event.

High Commission of Sri Lanka

London

10 June, 2022

 

...............................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මහරැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් සංදර්ශනය සඳහා සහභාගී වෙයි.

එක්සත් රාජධානි රජයේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ බලඇණියක් 2022 ජුනි මස 05 වන ඉරිදා දින පැවති දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් සංදර්ශනය සඳහා සහභාගී විය.

2022 වසරේදී දෙවන එලිසබෙත් රැජින වසර 70 ක පාලන සමයකින් අනතුරුව ප්ලැටිනම් ජුබිලිය සැමරූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්විය.

රැජින වෙනුවෙන් ජුනි මස 02 වන දින සිට 05 වන දින දක්වා පැවති සැමරුම් උත්සව මාලාවක කොටසක් ලෙස මෙම සංදර්ශනය සංවිධානය කර තිබිණි. හමුදා සංදර්ශනයක් සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු අංග ගණනාවකින් මෙම උත්සවය සමන්විත විය.

සංදර්ශනය අවසානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය හමුවූ අතර එහිදී එතුමිය විසින් මෙම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව වෙත සිය ස්තුතිය පුද කරනු ලැබූ අතර මෙවන් අතිශය සුවිශේෂී අවස්ථාකදී ශ්‍රී ලංකා ධජය ඉහළට ලෙළදෙන අයුරු දැකීමට ලැබීම ආඩම්බරයක් බව සඳහන් කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජුනි 10 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close