The Consulate of Sri Lanka in Guangzhou for the first time participated in the 2021 China-ASEAN Expo Tourism Exhibition from 15-17 October 2021 in Guilin in Guangxi Province, with a culture and tourism booth, manned by the Consulate staff. The booth was decorated with pictures of tourist and cultural attractions embossed on its walls, with some handicrafts and a television playing videos of diverse tourist and cultural sites of Sri Lanka which enticed the public, tour operators and travel agencies to visit the booth. There were many travel and quarantine procedure inquiries on Sri Lanka by those thinking of visiting the country in the future.
It was the first time that the Consulate participated in a fair in Guangxi province, outside of Guangzhou and Guangdong Province in Southern China and such participation gave an opportunity to showcase Sri Lanka, far away from Guangzhou.
While in Guilin, in Guangxi, the Consul General of Sri Lanka to Guangzhou Priyangika Dharmasena attended the Opening ceremony of the exposition and also met with Vice Minister of Culture and Tourism Zhuang Xu, Vice Governor of Guangxi Li Bin, Mayor of Guilin Li Chu and other high-level government as well as tourism and culture related officials.
The fair is a prestigious exhibition co-sponsored by the Ministry of Culture and Tourism of China and Guangxi Province, under the global infrastructure development strategy of the “Belt & Road Initiative’, that aims to strengthen cooperation, collaboration in tourism and trade as well to develop rapport among China and ASEAN Countries and major countries along the Belt and Road.
More than 40 countries along the Maritime Silk Road as well as Europe, United States, Japan, South Korea and Chinese travel agencies participated in this year’s exposition.
Consulate General of Sri Lanka
Guangzhou
22 October, 2021
...................................
මාධ්‍ය නිවේදනය
ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි
ගුවාන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය 2021 ඔක්තෝබර් 15-17 යන දිනවල ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ සංචාරක ප්‍රදර්ශනය සඳහා කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් යුතු, සංස්කෘතික සහ සංචාරක ක්ෂේත්‍රය විදහා දක්වන ප්‍රදර්ශන කුටියක් සමඟ ප්‍රථම වරට සහභාගි විය. අත්කම් නිර්මාණ කිහිපයකින් සහ ප්‍රදර්ශන කුටියේ බිත්තිවල සවි කරන ලද සංචාරක හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන විදහා දක්වන පින්තූරවලින් ප්‍රදර්ශන කුටිය සරසා තිබූ අතර, මහජනතාව, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක නියෝජිතායතන කුටිය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ සංචාරක හා සංස්කෘතික ස්ථාන හුවා දක්වන වීඩියෝ පට සහිත රූපවාහිනී යන්ත්‍රයක් ද එහි විය. අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන පිරිස් විසින් ශ්‍රී ලංකාවේ සංචරණ හා නිරෝධායන ක්‍රියා පිළිවෙළ පිළිබඳ කරන ලද විමසීම් රැසක් කුටිය වෙත යොමු වී තිබිණි.
කොන්සල් කාර්යාලය දකුණු චීනයේ ගුවාන්ෂු සහ ගුවන්ඩොන්ග් පළාතෙන් පිටත, එනම් ගුවන්ෂි පළාතේ ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙතුළින් ගුවාන්ෂු පළාතෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව විදහා දැක්වීම සඳහා අවස්ථාවක් උදා විය.
ගුවාන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය ගුවන්ෂි පළාතේ ගුයිලින් හි සිටියදී ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වූ අතර, සංස්කෘතික හා සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෂුවාන්ග් ෂූ මැතිතුමා, ගුවන්ෂි හි නියෝජ්‍ය ආණ්ඩුකාර ලී බින් මැතිතුමා, ගුයිලින් හි නගරාධිපති ලී චූ මැතිතුමා සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක හා සංස්කෘතික කටයුතු සම්බන්ධ නිලධාරීන් ද හමු වූවා ය.
මෙම වෙළඳ ප්‍රදර්ශනය සංචාරක ක්ෂේත්‍රය හා වෙළඳාම තුළ පවත්නා සහයෝගිතාව ශක්තිමත් කිරීමට මෙන්ම ආසියාන් රටවල්, තීරය සහ මාර්ගය ඔස්සේ පිහිටි ප්‍රධාන රටවල් සහ චීනය අතර සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කොට ගත් ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපායමාර්ගය වන “තීරය සහ මාර්ගය මුලපිරීම” යටතේ චීනයේ සහ ගුවන්ෂි පළාතේ සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යංශය විසින් සම සත්කාරකත්වය ලබාදෙනු ලැබූ අද්විතීය ප්‍රදර්ශනයකි.
සමුද්‍රීය සේද මාවත ඔස්සේ පිහිටි රටවල් 40 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව සහ චීනය නියෝජනය කළ සංචාරක නියෝජිතායතන මෙම වර්ෂයේ පැවති ප්‍රදර්ශනය සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය
ගුවාන්ෂු
2021 ඹක්තෝම්බර් 22
........................................
ஊடக வெளியீடு
குவாங்சி மாகாணத்தின் குயிலினில் நடைபெற்ற 2021 சீனா - ஆசியான் எக்ஸ்போ சுற்றுலாக் கண்காட்சியில் முதல் முறையாக இலங்கை பங்கேற்பு
2021 அக்டோபர் 15-17 வரை குவாங்சி மாகாணத்தில் உள்ள குயிலினில் நடைபெற்ற 2021 சீனா - ஆசியான் எக்ஸ்போ சுற்றுலாக் கண்காட்சியில் குவாங்சோவில் உள்ள இலங்கையின் துணைத் தூதரகம் முதன் முறையாகப் பங்கேற்றது. சுவர்களில் பொறிக்கப்பட்ட சுற்றுலா மற்றும் கலாச்சார இடங்களின் படங்களால் அலங்கரிக்கப்பட்டிருந்த இலங்கையின் கூடமானது,
சில கைவினைப்பொருட்கள் மற்றும் இலங்கையின் பல்வேறு சுற்றுலா மற்றும் கலாச்சாரத் தலங்களின் தொலைக்காட்சி வீடியோக்களை ஒளிபரப்பி, பொதுமக்கள், சுற்றுலா ஏற்பாட்டாளர்கள் மற்றும் பயண முகவர்களை இலங்கைக் கூடத்தை நோக்கி கவர்ந்தது. எதிர்காலத்தில் இலங்கைக்கு விஜயம் செய்ய நினைக்கும் பல நபர்கள் இலங்கையில் காணப்படும் பயண மற்றும் தனிமைப்படுத்தல் நடைமுறைகள் குறித்து கேட்டறிந்து கொண்டனர்.
குவாங்சோவுக்கு வெளியே உள்ள குவாங்சி மாகாணத்திலும், தெற்கு சீனாவின் குவாங்டாங் மாகாணத்திலும் நடைபெற்ற கண்காட்சி நிகழ்வொன்றில் துணைத் தூதரகம் பங்கேற்பது இதுவே முதல் முறையாவதுடன், இத்தகைய பங்கேற்பு குவாங்சோவிலிருந்து வெகு தொலைவில் இலங்கையைக் காண்பிப்பதற்கான வாய்ப்பை அளித்தது.
குவாங்சியில் உள்ள குயிலினில் நடைபெற்ற கண்காட்சியின் தொடக்க விழாவில் கலந்து கொண்ட இலங்கையின் துணைத் தூதுவர் பிரியங்கிகா தர்மசேன, கலாச்சாரம் மற்றும் சுற்றுலாத்துறை பிரதி அமைச்சர் திரு. சுவாங் சு, குவாங்சியின் ஆளுநர் திரு. லி பின், குயிலினின் மேயர் திரு. லி ச்சு மற்றும் ஏனைய உயர்மட்ட அரசாங்க அதிகாரிகள் மற்றும் சுற்றுலா, கலாச்சாரம் தொடர்பான அதிகாரிகளை சந்தித்தார்.
இந்தக் கண்காட்சியானது, சீனா, ஆசியான் நாடுகள் மற்றும் ஒரு வழி - ஒரு பாதையிலுள்ள முக்கிய நாடுகளிடையே நல்லுறவை வளர்ப்பதற்காக, சுற்றுலா மற்றும் வர்த்தகத்தில் ஒத்துழைப்பு, ஒருங்கிணைப்பை வலுப்படுத்துவதை நோக்கமாகக் கொண்டுள்ள 'ஒரு வழி - ஒரு பாதை முன்முயற்சியின்' உலகளாவிய உட்கட்டமைப்பு அபிவிருத்தி மூலோபாயத்தின் கீழ், சீனா மற்றும் குவாங்சி மாகாணத்தின் கலாச்சார மற்றும் சுற்றுலா அமைச்சினால் இணைந்து நடாத்தப்படும் மதிப்புமிக்கதொரு கண்காட்சி ஆகும்.
கடல்சார் பட்டுப் பாதையில் உள்ள 40 க்கும் மேற்பட்ட நாடுகள் மற்றும் ஐரோப்பா, அமெரிக்கா, ஜப்பான், தென் கொரியா மற்றும் சீனப் பயண முகவர்கள் இந்த ஆண்டு கண்காட்சியில் பங்கேற்றன.
இலங்கையின் துணைத் தூதரகம்,
குவாங்சோ
2021 அக்டோபர் 22