Sri Lanka shines at “3rd International Thai Silk Fashion Week”  in Bangkok  

Sri Lanka shines at “3rd International Thai Silk Fashion Week”  in Bangkok  

Embassy and Permanent Mission of Sri Lanka in Bangkok coordinated the participation of Creative Director of Buddhi Batiks Darshi Keerthisena at the “3rd  International Thai Silk Fashion Week”  held at Royal Paragon Hall, Siam Paragon, Bangkok. SriLankan Airlines was one of the sponsors of Sri Lanka’s participation.

The “3rd  International Thai Silk Fashion Week”, the biggest fashion extravaganza in Thailand was co-hosted by the Office of the Permanent Secretary, the Prime Minister's Office and the Association of Thai Culture and Promotions in honour of the 90th birthday of Her Majesty Queen Sirikit, the Queen Mother.

Inaguaring the Fashion show the Deputy Prime Minister Professor Dr. Wisanu Krua-ngam stated that Prime Minister Prayut Chan-o-cha and his Government considers the Thai Silk Fashion Show as an opportunity to promote cross-cultural exchanges and enhance multilateral relationships with other countries through Thai silk, an important legacy of Her Majesty Queen Sirikit, the Queen Mother.

Fashion designers from 60 countries showcased traditional and contemporary outfits made of Thai silk during their shows, which were telecasted live on “Fashion TV”.  Renowned fashion designers, such as Jimmy Choo, Rocco Barocco and Danha Kim were among the participants. Some of them joined the judging panel and exchanged ideas with fashion students.

The Organizing Committee of the “3rd International Thai Silk Fashion Week” comprised Heads of Mission and their Spouses based in Bangkok including Sri Lanka Ambassador to Thailand Chaminda Colonne’s spouse, Stephen Senanayake.

The event drew at least 10,000 visitors per day, including members of the diplomatic corps, local and foreign media, international design houses, representatives of luxury brands, fashion designers, merchandisers and travel agents.

Embassy and Permanent Mission of Sri Lanka

Bangkok

28 December 2022

  ............................... 

මාධ්‍ය නිවේදනය

 බැංකොක් නුවර පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” අතරතුර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ

 බැංකොක් හි සියම් පැරගන් හි පිහිටි රාජකීය පැරගන් ශාලාවේ පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” සඳහා සහභාගී වූ බුද්ධි බැටික්ස් හි නිර්මාණ අධ්‍යක්ෂ දර්ශි කීර්තිසේන මහත්මියගේ සහභාගීත්වය බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා දායකත්වය සැපයූ අනුග්‍රාහකයන් අතරින් එක්  අනුග්‍රාහකයකු වේ.

තායිලන්තයේ විශාලතම විලාසිතා උළෙල වන “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය”, මව් රැජින වන සිරිකිත් මැතිනියගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තායිලන්තයේ නිත්‍ය ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ තායි සංස්කෘතික හා ප්‍රවර්ධන සංගමයේ  සම සත්කාරකත්වයෙන් සංවිධානය කරන ලදී.

විලාසිතා දැක්ම ආරම්භ කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මහාචාර්ය විසානු කෘවාන්ගම් මැතිතුමා, සිරිකිත් මව් රැජින සුවිශේෂී උරුමයක් ලෙස සලකන තායි සේද ඇතුළත් තායි සේද විලාසිතා දැක්ම ඔස්සේ හරස් සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සහ අනෙකුත් රටවල් සමඟ බහුපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් උදා වන බව අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා සහ එතුමාගේ රජය විශ්වාස කරන බව සඳහන් කළේ ය.

රටවල් 60 ක විලාසිතා නිර්මාණකරුවන් තායි සේදවලින් සාදන ලද සාම්ප්‍රදායික සහ සමකාලීන ඇඳුම් මෙම විලාසිතා දැක්ම අතරතුර ප්‍රදර්ශනය කළ අතර එය "Fashion TV" නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි.  ජිමී චූ, රොකෝ බැරෝකෝ සහ ඩන්හා කිම් වැනි කීර්තිමත් විලාසිතා නිර්මාණ ශිල්පීහු මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසට ඇතුළත් වූහ. ඔවුන්ගෙන් ඇතැම් දෙනෙකු විනිශ්චය මණ්ඩලයට එක් වූ අතර,  විලාසිතා ක්ෂේත්‍රය පිළිබඳව හදාරන සිසුන් සමඟ ද සිය අදහස් හුවමාරු කර ගත්හ.

“3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” සංවිධානය කළ සංවිධායක කමිටුවට බැංකොක් හි පිහිටි දූත මණ්ඩලවල ප්‍රධානීන්, ඔවුන්ගේ භාර්යාවන්/ස්වාමිපුරුෂයන් සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති චාමින්දා කොළොන්නේ මැතිනියගේ ස්වාමි පුරුෂයා වන ස්ටීවන් සේනානායක මහතා ඇතුළත් විය.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, දේශීය හා විදේශීය මාධ්‍ය, ජාත්‍යන්තර නිර්මාණ ආයතන, සුඛෝපභෝගී සන්නාමවල නියෝජිතයන්, විලාසිතා නිර්මාණකරුවන්, වෙළඳුන් සහ සංචාරක නියෝජිතයන් ඇතුළුව අවම වශයෙන් නරඹන්නන් 10,000 ක පමණ පිරිසක් මෙම අවස්ථාව සඳහා දෛනිකව සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 දෙසැම්බර් 28 වැනි දින

...........................................................

ஊடக வெளியீடு

 பேங்கொக்கில் நடைபெற்ற '3வது சர்வதேச தாய் பட்டு பெஷன் வாரத்தில்இலங்கை  பங்கேற்பு

சியாம் பராகான், பேங்கொக்கில் உள்ள அரச பராகான் மண்டபத்தில் நடைபெற்ற '3வது சர்வதேச  தாய் பட்டு பெஷன் வாரத்தில்' புத்தி பெடிக்ஸின் ஆக்கப்பூர்வமான பணிப்பாளர் தர்ஷி கீர்த்திசேனாவின் பங்கேற்பை பேங்கொக்கில் உள்ள இலங்கைத் தூதரகமும் நிரந்தரப் பணிமனையும் ஒருங்கிணைத்தது. ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் இலங்கையின் பங்கேற்புக்கு அனுசரணை வழங்கியது.

ராணி அன்னை, மாட்சிமை மிக்க ராணி சிரிகிட்டின் 90வது பிறந்தநாளை முன்னிட்டு, தாய்லாந்தின் மிகப்பெரிய பெஷன் களியாட்டமான '3வது சர்வதேச தாய் பட்டு பெஷன் வாரத்தை', நிரந்தரச்  செயலாளர் அலுவலகம், பிரதமர் அலுவலகம் மற்றும் தாய் கலாச்சார மற்றும் ஊக்குவிப்பு சங்கம் ஆகியன இணைந்து நடதத்தின.

பெஷன் ஷோவை ஆரம்பித்து வைத்து உரையாற்றிய பிரதிப் பிரதமர் பேராசிரியர் கலாநிதி  விசானு க்ருங்காம், பிரதம மந்திரி பிரயுத் சான்-ஓ-சா மற்றும் அவரது அரசாங்கம் தாய்லாந்து பட்டு பெஷன் ஷோவை, ராணி அன்னையான மாட்சிமை தங்கிய ராணி சிரிகிட்டின் முக்கியமான பாரம்பரியமான தாய் பட்டின் மூலம் ஏனைய நாடுகளுடன் பல்தரப்பு உறவுகளை மேம்படுத்துவதற்கும், கலாச்சாரப் பரிமாற்றங்களை மேம்படுத்துவதற்கும் ஒரு வாய்ப்பாகக் கருதுவதாகத் தெரிவித்தார்.

'பெஷன் டிவி'யில் நேரடி ஒளிபரப்பு செய்யப்பட்ட நிகழ்ச்சிகளின் போது, தாய்லாந்து  பட்டுகளால் செய்யப்பட்ட பாரம்பரிய மற்றும் சமகால ஆடைகளை 60 நாடுகளைச் சேர்ந்த பெஷன் வடிவமைப்பாளர்கள் காட்சிப்படுத்தினர். ஜிம்மி சூ, ரோக்கோ பரோக்கோ மற்றும் டான்ஹா கிம் போன்ற புகழ்பெற்ற ஆடை வடிவமைப்பாளர்கள் இதில் கலந்து கொண்டனர். அவர்களில் சிலர் நடுவர் குழுவில் சேர்ந்து பெஷன் மாணவர்களுடன் கருத்துக்களைப் பரிமாறிக் கொண்டனர்.

'3வது சர்வதேச தாய் பட்டு பெஷன் வாரத்தின்' ஏற்பாட்டுக் குழுவில் தாய்லாந்திற்கான  இலங்கைத் தூதுவர் சமிந்த கொலொன்னவின் கணவர் ஸ்டீபன் சேனாநாயக்க உட்பட பேங்கொக்கை தளமாகக் கொண்ட தூதரகத் தலைவர்கள் மற்றும் அவர்களது வாழ்க்கைத் துணைவர்கள் இடம்பெற்றிருந்தனர்.

இராஜதந்திர உறுப்பினர்கள், உள்ளூர் மற்றும் வெளிநாட்டு ஊடகங்கள், சர்வதேச வடிவமைப்பு  நிறுவனங்கள், ஆடம்பர தரநாமங்களின் பிரதிநிதிகள், ஆடை வடிவமைப்பாளர்கள், வணிகர்கள் மற்றும் பயண முகவர்கள் உட்பட ஒரு நாளைக்கு குறைந்தது 10,000 பார்வையாளர்கள் இந்த நிகழ்விற்கு வருகை தந்தனர்.

இலங்கைத் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை,

பேங்கொக்

2022 டிசம்பர் 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close