Sri Lanka Mission in Maldives organises a blood donation to mark Vesak

Sri Lanka Mission in Maldives organises a blood donation to mark Vesak

The Sri Lanka High Commission in Maldives organised a blood donation programme on 14 May 2022 to mark the auspicious day of Vesak.

The programme was the first ever blood donation initiative, undertaken by the Sri Lanka Mission with the active support and participation of the Sri Lankan  community and was sponsored by  Sri Lankan Airlines and Bank of Ceylon.

The one day blood donation programme was conducted at the Maldives Blood Services (Thalassemia Centre) in the Maldivian capital, Malé under the   distinguished patronage of the Minister of State for Health of Maldives,  Dr. Shah Abdulla Mahir and with the participation of the Mission staff, the Country Manager of SriLankan Airlines Fawzan Fareid, the Country Manager of Bank of Ceylon Govinda Arampath and members of the Sri Lankan community.

Speaking at the inauguration of the programme,  the Maldivian State Minister of Health, Dr. Mahir conveyed the sincere appreciation of the Maldivian government  to the  Sri Lanka High Commission and the Sri Lankan community in Maldives  for this noble endevour in organising a blood donation programme.

He highlighted the fact that there is an acute need for blood, not only for surgeries in hospitals but also for the considerable number of Thalassemia patients, who require regular blood transfusions, which is a matter of survival for them.

Delivering the welcome remarks,  the High Commissioner of Sri Lanka to Maldives A.M.J. Sadiq thanked State Minister Dr. Mahir for his presence and patronage of the blood donation programme at short notice and stated that the event had been organised as a gesture of goodwill and friendship by the Sri Lankan community towards the Maldivian people.  He thanked the members of the Sri Lankan community and well-wishers who had volunteered  to donate blood on the occasion to mark Vesak, signifying the Birth, Enlightment and Passing away (Nirvana) of Lord Buddha.  He also thanked the Country Managers of Sri Lankan Airlines and Bank of Ceylon Malé, for their sponsorship of the programme.  The two Country Managers in their brief remarks, pledged their continued support to the Sri Lanka High Commission in all future community related activities too.

The event was a resounding success and had to be extended beyond the scheduled closing time to accommodate the 65 volunteers who  donated blood, far  in excess of the 40 volunteers  who had signed up for the programme.

Sri Lanka High Commission

Malé

Maldives

17 May, 2022

................................................

මාධ්‍ය නිවේදනය

මාලදිවයිනේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙසක් උත්සවය නිමිත්තෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙසක් දිනය නිමිත්තෙන් 2022 මැයි 14 වැනි දින රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේ ය.

ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ සහභාගීත්වය සහිතව ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් ප්‍රථම වරට පවත්වන ලද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙය වන අතර, ඒ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ලංකා බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී.

මාලදිවයිනේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ෂා අබ්දුල්ලා මහීර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දූත මණ්ඩල කාර්ය මණ්ඩලයේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දේශීය කළමනාකාර ෆව්සාන් ෆරෙයිඩ් මහතාගේ, ලංකා බැංකුවේ දේශීය කළමනාකාර ගෝවින්ද අරම්පත් මහතාගේ සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම එක් දින වැඩසටහන  මාලදිවයිනේ අගනුවර වන මාලේ හි පිහිටි මාලදිවයින් රුධිර සේවා (තැලසීමියා මධ්‍යස්ථානය) ආයතනයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ දී අදහස් පල කළ මාලදිවයිනේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය මහීර් මැතිතුමා, රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ අවංක ප්‍රණාමය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සහ මාලදිවයිනේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පුද කළේ ය.

රෝහල්වල සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහා පමණක් නොව, නිරන්තර රුධිර පාරවිලයනය අවශ්‍ය වන තැලසීමියා රෝගීන්ගේ සැලකිය යුතු පිරිසක් සඳහා ද දැඩි රුධිර අවශ්‍යතාවක් පවතින බවත්, එම අවශ්‍යතාව ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ කාරණයක් බවට පත්ව ඇති බවත් එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.එම්.ජේ. සාදික් මැතිතුමා, කෙටි දැනුම්දීමක් අරභයා වුවද රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා පැමිණීම සහ ඊට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය මහීර් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළ අතර, මෙම වැඩසටහන ශ්‍රී ලාංකික ප්‍රජාව මාලදිවයින් ජනතාව කෙරෙහි දක්වන සුහදතාවය සහ මිත්‍රත්වයේ සලකුණක් වශයෙන් සංවිධානය කොට ඇති බවද ප්‍රකාශ කළේ ය. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම (නිර්වාණය) සනිටුහන් කරන වෙසක් උත්සවය නිමිත්තෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට ද එතුමා සිය ස්තුතිය පුද කළේ ය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සහ මාලේ හි පිහිටි ලංකා බැංකුවේ දේශීය කළමනාකාරවරුන්ට ද එතුමා සිය ස්තුතිය පුද කළේ ය. මෙහිදී සිය අදහස් කෙටියෙන්  පළ කළ දේශීය කළමනාකරුවන් දෙපළ, ප්‍රජා කටයුතු සම්බන්ධයෙන් අනාගතයේ දී සිදු කිරීමට නියමිත සියලුම ක්‍රියාකාරකම්වලදී ද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්හ.

මෙම වැඩසටහන අති සාර්ථක ලෙස පැවති අතර, රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වී සිටි ස්වේච්ඡා පරිත්‍යාගශීලීන් 40 දෙනාට වැඩි පිරිසක්, එනම් 65 දෙනෙකු සහභාගී වූ බැවින් වැඩසටහන වෙනුවෙන් වෙන් කොට තිබූ නියමිත කාලය දීර්ඝ කිරීමට ද සිදු විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

මාලදිවයින

2022 මැයි 17 වැනි දින

..................................

 ஊடக வெளியீடு

 வெசாக் பண்டிகையை முன்னிட்டு மாலைதீவில் உள்ள இலங்கைத் தூதரகத்தால் இரத்த தானம் ஏற்பாடு

மாலைதீவில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் வெசாக் தினத்தை முன்னிட்டு 2022 மே 14ஆந் திகதி இரத்த தான நிகழ்வை ஏற்பாடு செய்தது.

இலங்கை சமூகத்தின் பங்கேற்புடன், ஸ்ரீ லங்கன் எயார்லைன்ஸ் மற்றும் இலங்கை வங்கியின் அனுசரணையுடன் இலங்கைத் தூதரகத்தால் மேற்கொள்ளப்பட்ட இத்திட்டம், முதலாவது இரத்த தானம் வழங்கும் முன்முயற்சியாகும்.

மாலைதீவின் தலைநகர் மாலேயில் உள்ள மாலைதீவு இரத்த சேவையில் (தலசீமியா மையம்) மாலைதீவு சுகாதார இராஜாங்க அமைச்சர் கலாநிதி. ஷா அப்துல்லா மஹிர் அவர்களின் தலைமையில், தூதரக ஊழியர்கள், ஸ்ரீ லங்கன் எயார்லைன்ஸின் நாட்டு முகாமையாளர் ஃபவ்ஸான் ஃபரீட், இலங்கை வங்கியின் நாட்டு முகாமையாளர் கோவிந்த ஆரம்பத் மற்றும் இலங்கை சமூகத்தினரின் பங்குபற்றுதலுடன் இந்த ஒரு நாள் இரத்த தான நிகழ்வு நடைபெற்றது.

நிகழ்ச்சியை ஆரம்பித்து வைத்து உரையாற்றிய மாலைதீவு சுகாதார அமைச்சர் கலாநிதி. மாஹிர், இரத்த தானம் வழங்கும் நிகழ்ச்சியை ஏற்பாடு செய்தமைக்காக மாலைதீவில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயத்திற்கும் மாலைதீவில் உள்ள இலங்கை சமூகத்திற்கும் மாலைதீவு அரசாங்கத்தின் உண்மையான பாராட்டுக்களைத் தெரிவித்தார்.

மருத்துவமனைகளில் அறுவைசிகிச்சைகளுக்கு மட்டுமின்றி, கணிசமான எண்ணிக்கையிலான தலசீமியா நோயாளிகளுக்கும், தொடர்ந்து ரத்தம் ஏற்றப்பட வேண்டியவர்களுக்கு, இரத்தத்தின் தேவை உள்ளது என்ற உண்மையை அவர் எடுத்துரைத்தார்.

வரவேற்புரையை வழங்கிய மாலைதீவிற்கான இலங்கை உயர்ஸ்தானிகர் ஏ.எம்.ஜே.சாதிக், குறுகிய காலத்தில் இரத்த தான நிகழ்விற்கு வருகை தந்தமைக்காக இராஜாங்க அமைச்சர் கலாநிதி மாஹிர் அவர்களுக்கு நன்றிகளைத் தெரிவித்ததுடன், மாலைதீவு மக்கள் மீதான இலங்கை சமூகத்தின் நல்லெண்ணம் மற்றும் நட்பின் அடையாளமாக இந்நிகழ்வு ஏற்பாடு செய்யப்பட்டுள்ளதாகத் தெரிவித்தார். புத்தபெருமானின் பிறப்பு, ஞானம் மற்றும் மறைவு ஆகியவற்றைக் குறிக்கும் வெசாக் பண்டிகையை முன்னிட்டு இரத்த தானம் செய்ய முன்வந்த இலங்கை சமூகத்தினர் மற்றும் நலன் விரும்பிகளுக்கு அவர் நன்றிகளைத் தெரிவித்தார். இந்த திட்டத்திற்கு அனுசரணை வழங்கிய ஸ்ரீ லங்கன் எயார்லைன்ஸ் மற்றும் மாலேயிலுள்ள இலங்கை வங்கியின் நாட்டு முகாமையாளர்களுக்கும் அவர் நன்றி தெரிவித்தார். இரு நாட்டு முகாமையாளர்களும் தமது சுருக்கமான கருத்துக்களில், எதிர்கால சமூகம் தொடர்பான அனைத்து நடவடிக்கைகளிலும் இலங்கை உயர்ஸ்தானிகராலயத்திற்கு தொடர்ந்து ஆதரவளிப்பதாக உறுதியளித்தனர்.

இந்த நிகழ்ச்சி மாபெரும் வெற்றி பெற்றதுடன், திட்டத்தில் பதிவு செய்திருந்த 40 தன்னார்வலர்களுக்கு மேல் இரத்த தானம் செய்த 65 தன்னார்வலர்களுக்கு இடமளிப்பதற்காக, திட்டமிடப்பட்ட நிறைவு நேரத்தை மேலும் நீடிக்க வேண்டியிருந்தது.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

மாலே,

மாலத்தீவு

2022 மே 17

Print Friendly, PDF & Email
Please follow and like us:

Close