Director General of the National Office of Buddhism in Thailand Narong Songarom and Ambassador of Sri Lanka to the Kingdom of Thailand and Permanent Representative to UNESCAP, C.A. Chaminda I .Colonne, recently had fruitful discussions on strengthening centuries old traditional Buddhist and cultural relations and cooperation between Sri Lanka and Thailand.
Warmly welcoming Ambassador Chaminda Colonne at the National Office of Buddhism, the Director General Narong Songarom elaborated on the role played by the Thai Supreme Sangha Council and the National Office of Buddhism as the central government agency of Thailand, responsible for administration of Buddhism under direct supervision of the Prime Minister of Thailand, and assured fullest support for furthering and consolidating long-standing excellent bonds of friendship and cooperation.
After extending warm greetings from President, Prime Minister and Foreign Minister of Sri Lanka, Ambassador Colonne stated that under the National Policy Frame Work “Vistas of Prosperity & Splendour”, and the twenty Foreign Policy guidelines of the present Government, priority has been given for the promotion and protection of Buddhism and to booster Sri Lanka’s identity as a Theravada Buddhist Cultural Centre, which respects multi religious values, by closely interacting with nations that respect similar values and called to unite to face the challenges of the 21st Century.
Executive Committee and senior officials of the National Office of Buddhism participated in the discussion. During the visit, Ambassador Colonne also paid homage to Phra Si Sakkaya Thotsaphala Yan Prathan Phutthamonthon Suthat, the Principal Buddha Statue of Buddhamonthon and Luang Pho Wat Rai Khing statue, Phra Thepsasanaphiban, the Ecclesiastical Regional Governor of Region 14 and the Abbot of Rai Khing at the Royal Temple in Nakhon Pathom Province.
At the invitation of National Office of Buddhism and Phra Thepsasanaphiban, the Ecclesiastical Regional Governor of Region 14 and the Abbot of Wat Rai Khing, the Royal Temple, Ambassador Chaminda Colonne along with Governor of Nakhon Pathom Province Surasak Charoensirichot, attended the enshrinement ceremony of the Buddha’s relics from Malwatta Maha Viharaya of Sri Lanka, Phra Sri Sakaya Tossapalayana statue, Sukhothai Buddha image in pacifying the ocean posture onto the directional arches of Phra Upali Maha Mongkon Stupa and the ceremony of casting the statue of Luang Pho Wat Rai Khing (lap size of 32 inches) on the occasion of 99th Anniversary of Phra Upali Kunupamachan, (Panya Inthapanyamahathera), former Abbot of Wat Rai Khing, the Royal Temple. Somdet Phra Maha Rajamongkonmuni, Councilor of Sangha Supreme Council and Chief Superintendent of the Central Sector of Wat Traimitwittayaram temple attended as the Sangha President of this grand religious occasion.
At the invitation of President and Chief Executive Officer of the Thai Beverage Public Company Limited Thapana Sirivadhanabhakdi, Ambassador Chaminda Colonne also participated at the Katina Ceremony led by Abbot Athikaran Prasart Khemapunyo at Wat Dhammarama, Ayutthaya, historical temple that Pra Upali Maha Thera stayed and started his journey to Sri Lanka, on King Boromakot’s order and King Kirti Sri Raja Singha’ s request to ordain people and promote Buddhism in Sri Lanka in 1753. Initiatives were taken by the Thai Beverage Public Company Limited for renovation of the historical site and Pramaha Poj Suvajo Thero handed over the first release of cartoon strip or comic book titled “Venerable Upali Thera The Jewel of the Siam Vamsa” printed by Mahachulalongkornrajavidyalaya University to Ambassador Colonne. The present Governor Weerachai Nakmas, former Governor Widaya Pewphpong of Ayutthya, former Thailand Ambassador to Sri Lanka Poldej Worachat were among the dignitaries present.
Embassy and Permanent Mission of Sri Lanka
Bangkok
26 November 2021
......................
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාව සහ තායිලන්තය දෙරට අතර පවත්නා ථෙරවාදී බෞද්ධාගමික සබඳතා තහවුරු කරයි
තායිලන්තයේ පිහිටි බුදු දහම පිළිබඳ ජාතික කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් නරොන්ග් සොංගරොම් මහතා සහ තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් ආර්ථික සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිණිය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා ශත වර්ෂ ගණනාවක් පැරණි සාම්ප්‍රදායික බෞද්ධාගමික හා සංස්කෘතික සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූවාය.
බුදු දහම පිළිබඳ ජාතික කාර්යාලයේ දී තානාපති චාමින්දා කොළොන්නේ මැතිණිය උණුසුම් ලෙස පිළිගත් අධ්යක්ෂ ජනරාල් නරොන්ග් සොංගරොම් මහතා තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් බුදු දහම සම්බන්ධයෙන් වගකීම් දරන තායිලන්ත මධ්‍යම රජයේ නියෝජිතායතනයක් වන තායි උත්තරීතර සංඝ සභාව සහ බුදු දහම පිළිබඳ ජාතික කාර්යාලය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව විග්රහ කළ අතර දිගු කාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශිෂ්ඨ බැඳීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට සහ තහවුරු කිරීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයාගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමූ තානාපති කොළොන්නේ මැතිණිය , වත්මන් රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව සහ කරුණු 20 කින් සමන්විත විදේශ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය යටතේ බහු ආගමික වටිනාකම් වලට ගරු කරන ථෙරවාදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ඉහළ නැංවීම, බුදු දහම ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සමාන වටිනාකම්වලට ගරු කරන ජාතීන් සමඟ සමීපව කටයුතු කරමින් 21 වැනි සියවසේ අභියෝගවලට මුහුණ දීමට එක්රැස් වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ප්‍රකාශ කළාය.
බුදු දහම පිළිබඳ ජාතික කාර්යාලයේ විධායක කමිටු නිලධාරීහු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ. මෙම සංචාරය අතරතුර තානාපති කොළොන්නේ මැතිණිය බුද්ධමොන්තොන් හි පිහිටි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවක් වන ප්‍රා සි සක්කායා තොට්සෆාලා යං ප්රතාන් ෆුට්තමොන්තොන් සුතට් බුද්ධ ප්‍රතිමාව සහ ෆ්රා තෙප්සාසනාෆිබාන් හි පිහිටි ලුවැංන්ග් ෆෝ වොට් රයි කිං යන ප්‍රතිමා වැඳ පුදා ගත් අතර නක්හොන් පැතොම් පළාතේ පිහිටි රාජකීය විහාරස්ථානයේ දී 14 වැනි කලාපයේ සාමයික ආණ්ඩුකාර රයි කිං හි ආශ්රමාධිපති ස්වාමීන්ද්‍රයන් හමුවූවාය.
බුදු දහම පිළිබඳ ජාතික කාර්යාලයේ සහ ෆ්රා තෙප්සාසනාෆිබන් හි ආරාධනාවකට අනුව, 14 වැනි කලාපයේ සාමයික ආණ්ඩුකාර වොට් රයි කිං රාජකීය විහාරස්ථානයේ ආශ්රමාධිපති ස්වාමීන්ද්‍රයන්, තානාපති චාමින්දා කොළොන්නේ මැතිණිය සහ නක්හොන් පැතොම් පළාතේ ආණ්ඩුකාර සූරසක් චරෝඑන්සිරිචොට් මැතිතුමා යනාදීහු ශ්‍රී ලංකාවේ මල්වතු මහා විහාරයේ සිට වැඩමවන ලද බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට ෆ්රා ශ්‍රී සකායා ටොස්සපලායන බුද්ධ ප්‍රතිමාව සහ ෆ්රා උපාලිමහාමොන්ග්කොන් ස්ථූපයේ දිශානුගත ආරුක්කු මත සුඛෝතායි බුදු රුව සමුද්රාසන ඉරියව්වෙන් තැන්පත් කිරීමේ උත්සවයට සහ වොට්රයිකිං රාජකීය විහාරස්ථානයේ හිටපු අශ්රමාධිපති ෆ්රා උපාලිකුනුපමචන් (පඤ්ඤා ඉන්තපඤ්ඤා නාහිමි) ස්වාමීන්ද්‍රයන්ගේ 99 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද ලුවැංන්ග් ෆෝ වොට් රයි කිං ප්‍රතිමාව (අඟල් 32 ක ප්‍රමාණයේ) වාත්තු කිරීමේ උත්සවය යනාදිය සඳහා සහභාගී වූහ. උත්තරීතර සංඝ සභාවේ උපදේශක සහ වොට් ට්රයිමිට්විට්ටායරම් විහාරස්ථානයේ මධ්‍යම අංශයේ ප්‍රධාන අධිකාරී සොම්ඩට් ෆ්රා මහරාජාමොන්ග්කොන්මුණි හිමි මෙම සුවිශේෂී ආගමික උත්සවය සඳහා සංඝ සභාපති ස්වාමීන්ද්‍රයන් ලෙස සහභාගී වූහ.
තායි බෙවරේජ් පබ්ලික් ලිමිටඩ් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තාපන සිරිවදනභක්දි මහතාගේ ආරාධනාවකට අනුව තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය, අ්යුත්යා හි පිහිටි ඓතිහාසික වොට් ධම්මාරාම විහාරස්ථානයේ දී අතිකරන් ප්රසාර්ට් කේමාමාපුණ්යෝ ආශ්රමාධිපති ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද කඨින පුණ්‍ය මහෝත්සවයට ද සහභාගි වූවාය. 1753 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන් පැවිදි කර බුදු දහම ප්‍රවර්ධනය කරන ලෙස බෝරමකොට් රජු කළ නියෝගය සහ කිර්ති ශ්‍රී රාජසිංහ රජු යොමු කළ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට වැඩම කළ ප්‍රා උපාලි මහ නාහිමියන් වහන්සේ රැඳී සිටි විහාරස්ථානය සහ උන්වහන්සේ සිය ශ්‍රී ලංකා චාරිකාව ඇරඹූ විහාරස්ථානය වන්නේ ද මෙම විහාරස්ථානයයි. තායි බෙවරේජ් පබ්ලික් ලිමිටඩ් සමාගම මෙම ඓතිහාසික පුදබිම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලිකත්වය ගත් අතර මහචූලලොංකොර්න්රාජවිද්යාල විශ්වවිද්‍යාලය මගින් මුද්‍රණය කරන ලද “සියම් වංශයේ ආභරණය වූ අතිපූජ්‍ය උපාලි තෙරණුවෝ” නමැති කාටූන් තීරුවේ හෝ චිත්‍ර කතා පොතේ ප්‍රථම නිකුතුව ප්‍රා මහා පොජ්සුවාජෝ හිමියන් විසින් තානාපති කොළොන්නේ මැතිනිය වෙත භාරදෙන ලදි. වත්මන් ආණ්ඩුකාර වීරචයි නක්මාස් මැතිතුමා අයුත්යා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර විදායා පිව්ෆ්පොන්ග් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ හිටපු තායිලන්ත තානාපති පොල්ඩෙජ් වොරාචට් මැතිතුමා යනාදීහු මෙම අවස්ථාවට සහභාගී වූ සම්භවනීය පිරිසට ඇතුළත් වූහ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්
2021 නොවැම්බර් 26 වැනි දින
.....................................
ஊடக வெளியீடு
தேரவாத பௌத்த உறவுகளை இலங்கையும் தாய்லாந்தும் பலப்படுத்தல்
தாய்லாந்தில் உள்ள பௌத்த மதத்தின் தேசிய அலுவலகத்தின் பணிப்பாளர் நாயகம் நரோங் சோங்கரோம் மற்றும் தாய்லாந்து இராச்சியத்திற்கான இலங்கைத் தூதுவரும் யுனெஸ்கெப்பின் நிரந்தரப் பிரதிநிதியுமான சி.ஏ. சமிந்த ஐ. கொலொன்ன, இலங்கைக்கும் தாய்லாந்திற்கும் இடையிலான தசாப்தகாலப் பாரம்பரிய பௌத்த மற்றும் கலாச்சார உறவுகள் மற்றும் ஒத்துழைப்பை வலுப்படுத்தும் பயனுள்ள கலந்துரையாடலில் அண்மையில் ஈடுபட்டார்.
பௌத்தத்தின் தேசிய அலுவலகத்தில் தூதுவர் சமிந்த கொலொன்னவை அன்புடன் வரவேற்ற பணிப்பாளர் நாயகம் நரோங் சோங்கரோம், தாய்லாந்தின் மத்திய அரச நிறுவனமாக, தாய்லாந்து பிரதமரின் நேரடி மேற்பார்வையின் கீழ், தாய்லாந்தின் உச்ச சங்க சபை மற்றும் பௌத்தத்தின் தேசிய அலுவலகம் ஆற்றிய பங்கை ஆய்வு செய்ததுடன், நீண்டகால சிறந்த நட்புறவு மற்றும் ஒத்துழைப்பை மேம்படுத்துவதற்கும் ஒருங்கிணைப்பதற்குமான முழுமையான ஆதரவை உறுதிப்படுத்தினார்.
இலங்கையின் ஜனாதிபதி, பிரதமர் மற்றும் வெளிநாட்டு அமைச்சர் ஆகியோரின் அன்பான வாழ்த்துக்களைத் தெரிவித்த தூதுவர் கொலொன்ன, 'நாட்டைக் கட்டியெழுப்பும் செழிப்பான பார்வை' மற்றும் தற்போதைய அரசாங்கத்தின் இருபது வெளிநாட்டுக் கொள்கை வழிகாட்டுதல்களின் கீழ், பௌத்தத்தை மேம்படுத்துவதற்கும் பாதுகாப்பதற்கும், ஒரே மாதிரியான மதிப்புக்களை மதிக்கும் நாடுகளுடன் நெருக்கமாக தொடர்புகொள்வதன் மூலம் 21ஆம் நூற்றாண்டின் சவால்களை எதிர்கொள்ள ஒன்றுபடுவதனால், பல மத மதிப்புக்களை மதிக்கும் தேரவாத பௌத்த கலாச்சார மையத்தினால் இலங்கையின் அடையாளத்தை உயர்த்துவதற்கும் முன்னுரிமை அளிக்கப்பட்டுள்ளது எனக் குறிப்பிட்டார்.
இக்கலந்துரையாடலில் செயற்குழு மற்றும் தேசிய பௌத்த அலுவலகத்தின் உயர் அதிகாரிகள் கலந்துகொண்டனர். இந்த விஜயத்தின் போது, புத்தமந்தோனின் முதன்மை புத்தர் சிலையான ஃபிரா சி சக்காயா தோட்சபாலா யான் பிரதான் புத்தாமொந்தோன் சுதாட் மற்றும் லுவாங் போ வாட் ராய் கிங் சிலை, 14 ஆம் ஆண்டு ராயி கே பிராந்தியத்தின் விகாரையின் பிராந்திய ஆளுநரான ஃபிரா தெப்சாசனாபிபன் மற்றும் நாகோன் பாத்தோம் மாகாணத்தில் உள்ள அரச விகாரையிலுள்ள மடாதிபதி 14 ஆகிய பகுதிகளுக்கு தூதுவர் கொலொன்ன விஜயம் செய்தார்.
பௌத்தத்தின் தேசிய அலுவலகம் மற்றும் பிராந்தியம் 14இன் அரச விகாரையின் பிராந்திய ஆளுநர் மற்றும் வாட் ராய் கிங்கின் மடாதிபதி ஃபிரா தெப்சாசனபிபன் ஆகியோரின் அழைப்பின் பேரில், இலங்கையின் மல்வத்த மகா விகாரையிலிருந்தான புத்தரின் நினைவுச்சின்னங்கள், ஃபிரா ஸ்ரீ சகாய தோசபாலயன சிலை, ஃபிரா உபாலி மஹா மொங்கோன் ஸ்தூபியின் திசை வளைவுகளில் கடல் தோரணையை அமைதிப்படுத்தும் சுகோதாய் புத்தர் படம் ஆகியவற்றை பிரதிஷ்டை செய்யும் நிகழ்வு, அரச விகாரையான வாட் ராய் மன்னரின் முன்னாள் மடாதிபதியான ஃபிரா உபாலி குனுபமச்சனின் (பன்யா இந்தபான்யமஹாதேரா) 99வது ஆண்டு விழாவையொட்டி லுவாங் ஃபோ வாட் ராய் மன்னரின் (மடியின் அளவு 32 அங்குலங்கள்) சிலையை நிறுவும் விழா ஆகியவற்றில் தூதுவர் சமிந்த கொலொன்ன மற்றும் நகோன் பாதோம் மாகாண ஆளுநர் சுராசக் சரோன்சிரிசோட் ஆகியோர் கலந்துகொண்டனர். இந்த மாபெரும் சமய நிகழ்வின் சங்கத் தலைவராக சங்க உச்ச சபையின் உறுப்பினரும், வாட் ட்ரைமிட்விட்டயாரம் விகாரையின் மத்திய பிரிவின் தலைமைக் கண்காணிப்பாளருமான சோம்டெட் ஃபிரா மஹா ராஜமோங்கொன்முனி கலந்துகொண்டார்.
தாய்லாந்து பான பொது நிறுவனமான தபனா சிறிவதனபக்தியின் தலைவர் மற்றும் தலைமை நிர்வாக அதிகாரியின் அழைப்பின் பேரில், பிர உபாலி மஹா தேரர் தங்கியிருந்து, 1753ஆம் ஆண்டு பொரோமகோட் மன்னரின் உத்தரவு மற்றும் கீர்த்தி ஸ்ரீ ராஜசிங்க மன்னரின் வேண்டுகோளின் பேரில் இலங்கைக்கு தனது பயணத்தைத் தொடங்கிய வரலாற்றுச் சிறப்புமிக்க ஆலயமான அயுதயா மடாதிபதி அதிகரன் பிரசார்ட் கெமபுன்யோட் வட் தம்மராம தலைமையில் நடைபெற்ற கதீன வைபவத்தில் தூதுவர் சமிந்த கொலொன்ன மேலும் கலந்துகொண்டார். வரலாற்றுத் தளத்தை புதுப்பிப்பதற்காக தாய் பான பொது நிறுவனத்தால் முன்முயற்சிகள் எடுக்கப்பட்டதுடன், பிரமஹா போஜ் சுவாஜோ தேரோஹன்ட், மஹாசூலாலோங்கோர்ன்ராஜா வித்யாலயா பல்கலைக்கழகத்தால் அச்சிடப்பட்ட 'வணக்கத்திற்குரிய உபாலி தேரர் - சியம் வம்சவின் ஆபரணம்' என்ற கார்ட்டூன் பிரசுரம் அல்லது சித்திரக்கதைப் புத்தகத்தின் முதலாவது வெளியீட்டை தூதுவர் கொலொன்னவிடம் ஒப்படைத்தார். தற்போதைய ஆளுநர் வீரசை நக்மாஸ், அயுத்யாவின் முன்னாள் ஆளுநர் விதயா பெவ்போங், இலங்கைக்கான தாய்லாந்தின் முன்னாள் தூதுவர் போல்டேஜ் வொராசாட் உள்ளிட்ட முக்கியஸ்தர்கள் இதில் கலந்துகொண்டனர்.
இலங்கைத் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை,
பேங்கொக்
2021 நவம்பர் 26