H.E. Chung Eui-yong, Minister of Foreign Affairs of the Republic of Korea
Excellencies,
Dear Colleagues,
At the outset, I would like to extend my sincere appreciation to H.E. Chung Eui-yong, Minister of Foreign Affairs, and the relevant agencies of the Government of the Republic of Korea for making efficient arrangements at short notice to host the 2021 Seoul UN Peacekeeping Ministerial in a virtual format. We also recognize the valuable contributions made to the 2021 UN Peacekeeping Ministerial process by the 12 member-state co-chairs1, the UN Secretariat including the Department of Peace Operations and the Department of Operational Support.
Since the first Peacekeeping Summit in 2014, the UN peacekeeping Ministerial process has made an important contribution to the UN peacekeeping operations through mobilizing concrete pledges of uniformed personnel, financial resources, and capacity building for peace keeping operations. It is my hope that the 2021 Ministerial will result in a valuable exchange of ideas and announcement of pledges to benefit current and future UN peacekeeping operations.
Since the beginning of UN Peacekeeping in 1948, UN peacekeepers have played a vital role in sustaining peace, protection of civilians, and supporting political processes in many regions of the world. Through peacekeeping, the United Nations has come to play a more central role in global affairs and strengthening partnerships among Member States.
- Bangladesh, Canada, Ethiopia, Indonesia, Japan, the Netherlands, Pakistan, the Republic of Korea, Rwanda, the United Kingdom, the United States, and Uruguay.
Throughout its long history, UN Peacekeeping has evolved in the face of many challenges. Today’s peacekeepers operate in volatile and complex operational environments. To respond to such challenges, in 2018 the Secretary-General launched the ‘Action for Peacekeeping initiative’ (A4P) to renew mutual political commitment to peacekeeping operations. Sri Lanka is pleased to have joined the countries supporting the ‘Declaration of Shared Commitments’ on Peacekeeping Operations that accompanied the Action for Peacekeeping initiative.
The 2021 Seoul UN Peacekeeping Ministerial meeting’s objective is to strengthen UN peacekeeping, including by improving the performance and impact of UN peacekeeping operations in line with ‘Action for Peacekeeping Plus initiative’ (A4P+) which focuses on priorities for 2021-23. It is also pertinent that today’s Ministerial meeting will focus on medical capacity-building and technology as cross-cutting themes. Sri Lanka supports all efforts to modernize peacekeeping and to equip missions with new technologies and resources. Such steps are central to improve operational effectiveness and protection of peacekeepers in the face of threats, including sustained deployments to high-risk environments and the onset of the COVID-19 pandemic. Sri Lanka is pleased to note that H.E. Foreign Minister of the Republic of Korea in his speech announced the ‘Seoul Initiative on Technology and Medical Capacity Building in Peacekeeping’. We look forward to engaging with the Republic of Korea on this initiative.
Sri Lanka has contributed to UN Peacekeeping for more than 50 years. It is an important part of Sri Lanka’s engagement with the UN system and maintaining cordial relations with all countries. Sri Lanka looks forward to enhancing our contributions to UN peacekeeping in line with the pledges submitted to this Ministerial meeting.
Today, Sri Lankan peacekeepers are deployed in some of the most demanding deployments, including in Central Africa, South Sudan and Mali. They have received recognition from the UN for their professionalism and undisputed competence. Throughout the history of our
peacekeeping contributions, 11 Sri Lankan troops have laid down their lives. We pay tribute to all fallen UN peacekeepers who made the supreme sacrifice in the service of UN peacekeeping.
I wish to conclude with the sincere hope that the discussions and pledges made at this Ministerial meeting will have a lasting impact on sustaining peace in countries and regions torn by conflict.
...............................................
ගරු විදේශ අමාත්‍යවරයා සඳහා දේශනය (දූත පිරිසේ ප්‍රධානී)
2021 සෝල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම
2021 දෙසැම්බර් 7-8 දක්වා
1 වැනි සැසිය: සාමය තහවුරු කිරීම
කොරියානු ජනරජයේ ගරු විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මැතිතුමනි,
සම්භාවනීය අමුත්තනි,
හිතවත් මිත්‍රවරුනි,
ප්‍රථමයෙන්ම, 2021 සෝල් එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම අතථ්‍ය ආකෘතියක් යටතේ පැවැත්වීමට සත්කාරකත්වය සැපයීම සඳහා කෙටි කාලයක් ඇතුළත දී කාර්යක්ෂම විධිවිධාන සම්පාදනය කළ ගරු විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මැතිතුමා සහ කොරියානු ජනරජයේ අදාළ ආයතන වෙත මාගේ අවංක ප්‍රණාමය පිරිනැමීමට කැමැත්තෙමි. තවද, 2021 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල ක්‍රියාවලිය සඳහා සාමාජික රාජ්‍යවල- සම සභාපතිවරුන් 12 දෙනා[1], සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඇතුළු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය සහ මෙහෙයුම් සහය දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් වටිනා දායකත්වය ද අපි අගය කරන්නෙමු.
2014 වර්ෂයේ දී පවත්වන ලද ප්‍රථම සාම සාධක සමුළුවේ ආරම්භයත් සමඟම නිල ඇඳුමින් සැරසුණු පිරිස්, මූල්‍ය සම්පත් සහ සාම සාධක මෙහෙයුම් සඳහා ධාරිතා ගොඩනැගීම යනාදී ස්ථිර ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීම හරහා එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එක්සත් ජාතීන්ගේ වර්තමාන සහ අනාගත සාම සාධක මෙහෙයුම්වලට වාසිදායක වන වටිනා අදහස් හුවමාරු කර ගැනීමට සහ ප්‍රතිඥා ප්‍රකාශයට පත් කිරීමට 2021 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම මගින් අවස්ථාව උදා වනු ඇතැයි මම අපේක්ෂා කරමි.
1948 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ආරම්භ කිරීමත් සමඟම ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමය තහවුරු කිරීම, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහ දේශපාලන ක්‍රියාවලීන්ට සහය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ගෝලීය කටයුතුවල දී වඩාත් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට සහ සාමාජික රටවල් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක කටයුතු හරහා ඉදිරියට පැමිණ ඇත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සිය දිගු ඉතිහාසය පුරාවට බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් විකාශනය වී ඇත. වර්තමාන සාම සාධක භටයන් වෙනස්වනසුලු සහ සංකීර්ණ මෙහෙයුම් පරිසර තුළ ක්‍රියාත්මක වේ. එවැනි අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්, සාම සාධක මෙහෙයුම් සඳහා වන අන්‍යෝන්‍ය දේශපාලන කැපවීම අලුත් කිරීම සඳහා ‘සාම සාධක මුලපිරීම සඳහා ක්‍රියාමාර්ගය’ (‘Action for Peacekeeping initiative’ (A4P)) නමැති මුලපිරීම 2018 වර්ෂයේ දී මහ ලේකම්වරයා විසින් දියත් කරන ලදී. සාම සාධක මෙහෙයුම් සඳහා වන ක්‍රියාමාර්ගයට සමගාමීව සාම සාධක මෙහෙයුම් පිළිබඳ ‘හවුල් කැපවීම් පිළිබඳ ප්රකාශනයට’ (‘Declaration of Shared Commitments’) සහය දක්වන රටවල් සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටට පත් වේ.
2021 සෝල් එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමේ පරමාර්ථය වන්නේ, 2021- 2023 වර්ෂ සඳහා වන ප්‍රමුඛතා අවධාරණය කෙරෙන ‘ඉහළ නැංවූ සාම සාධක මුලපිරීම සඳහා ක්‍රියාමාර්ගය’ (‘Action for Peacekeeping Plus initiative’ (A4P+)) නමැති මුලපිරීමට සමගාමීව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල කාර්ය සාධනය සහ බලපෑම ඉහළ නැංවීම ඇතුළුව එහි සාම සාධන කටයුතු සවිබල ගැන්වීම යි. අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී වෛද්‍ය ධාරිතා ගොඩනැගීම සහ තාක්ෂණය ඉහළ නැංවීම යනාදී හරස් කැපුම් තේමා පිළිබඳව අවධානය යොමු කෙරේ. සාම සාධක හමුදාවට නවමු මුහුණුවරක් ලබා දෙමින් නව තාක්ෂණය සහ සම්පත් සමඟින් ඔවුන් සන්නද්ධ කිරීමට ගන්නා සියලුම උත්සාහයන්ට ශ්‍රී ලංකාව සිය සහය ලබා දෙයි. දැඩි අවදානමක් සහිත වාතාවරණයන් තුළ ස්ථිර ලෙස සේවයේ නිරත වීම ඇතුළුව, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ හටගත් තර්ජන හමුවේ සාම සාධක භටයින්ගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි පියවර ඉවහල් වේ. කොරියානු ජනරජයේ ගරු විදේශ අමාත්‍යවරයා සිය දේශනය තුළින් ‘සාම සාධක කටයුතු සඳහා තාක්ෂණය සහ වෛද්‍ය ධාරිතා ගොඩනැගීම පිළිබඳ සෝල් මුලපිරීම’ නමැති මුලපිරීම ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුටට පත් වේ. මෙම මුලපිරීම සඳහා කොරියානු ජනරජය සමඟ සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙමු.
ශ්‍රී ලංකාව වසර 50කට වැඩි කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට දායකත්වය සපයා ඇත. එය එක්සත් ජාතීන්ගේ ව්‍යුහය සමඟ ශ්‍රී ලංකාව සිදු කරන නිරතවීම්, සහ සියලු රටවල් සමඟ සුහද සබඳතා පැවැත්වීම සඳහා ඉවහල් වන වැදගත් අංගයකි. මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද ප්රතිඥාවන්ට අනුකූලව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා අපගේ දායකත්වය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකා සාම සාධක භටයන් මධ්‍යම අප්‍රිකාව, දකුණු සුඩානය සහ මාලි ඇතුළු වඩාත් ඉල්ලුමක් ඇති ස්ථාන කිහිපයක් තුළ සේවයේ යොදවා ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය සහ අවිවාදිත නිපුණත්වය හේතුවෙන් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමට පාත්‍ර වී ඇත. අපගේ ඉතිහාසය පුරාවට සාම සාධනය සඳහා ලබා දුන් දායකත්වය ගත් කල, ශ්‍රී ලංකාවේ හමුදා භට පිරිස් 11 ක් සිය ජීවිත පූජා කර ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයේ නිරත වී සිටිය දී උතුම් ජීවිත පරිත්‍යාගයන් සිදු කළ සියලුම එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට අපි අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවත්වන ලද සාකච්ඡා සහ ප්‍රතිඥා මගින් ගැටුම් හේතුවෙන් හානියට පත් වූ රටවල සහ කලාපවල සාමය පවත්වා ගැනීම සඳහා තිරසාර බලපෑමක් ඇති වනු දැකීමේ අවංක බලාපොරොත්තුවෙන් මම මෙම දේශනය අවසන් කරමි.
[1] බංග්ලාදේශය, කැනඩාව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ජපානය, නෙදර්ලන්තය, පාකිස්තානය, කොරියානු ජනරජය, රුවන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, උරුගුවේ
..................................................................
கௌரவ வெளிநாட்டு அமைச்சரின் உரை (தூதுக்குழுவின் தலைவர்)
2021 சியோல் ஐக்கிய நாடுகள் அமைதி காக்கும் அமைச்சரவை மட்ட அமர்வு 2021 டிசம்பர்7-8
அமர்வு I: அமைதியை நிலைநிறுத்துதல்
கொரியக் குடியரசின் வெளிநாட்டு உறவுகள் அமைச்சர் மாண்புமிகு சுங் ஈயு-யோங் அவர்களே,
மேன்மை தங்கியவர்களே,
பிரியமான சக ஊழியர்களே,
ஆரம்பத்தில், 2021 சியோல் ஐ.நா. அமைதி காக்கும் அமைச்சரவை மட்ட அமர்வை மெய்நிகர் ரீதியாக நடாத்துவதற்காக குறுகிய கால அறிவிப்பில் திறமையான ஏற்பாடுகளைச் செய்தமைக்காக, வெளிநாட்டு உறவுகள் அமைச்சர் மாண்புமிகு சுங் ஈயு-யோங் மற்றும் கொரியக் குடியரசின் சம்பந்தப்பட்ட நிறுவனங்களுக்கு எனது மனமார்ந்த பாராட்டுகளைத் தெரிவிக்க விரும்புகின்றேன். 12 உறுப்பு நாடுகளின் இணைத் தலைவர்கள்,[1] அமைதி செயற்பாட்டுத் திணைக்களம் மற்றும் செயற்பாட்டு ஆதரவுத் திணைக்களம் உள்ளிட்ட ஐ.நா. செயலகம் ஆகியன 2021 ஐ.நா. அமைதி காக்கும் அமைச்சரவை மட்ட செயன்முறைக்கு வழங்கிய பெறுமதிமிக்க பங்களிப்புக்ளையும் நாங்கள் அங்கீகரிக்கின்றோம்.
2014ஆம் ஆண்டு முதல் அமைதி காக்கும் உச்சி மாநாட்டிலிருந்து, ஐ.நா. அமைதி காக்கும் அமைச்சரவை மட்ட செயன்முறையானது, சீருடை அணிந்த பணியாளர்களின் உறுதியான உறுதிமொழிகள், நிதி ஆதாரங்கள் மற்றும் அமைதி காக்கும் நடவடிக்கைகளுக்கான திறன் அபிவிருத்தி ஆகியவற்றின் மூலம் ஐ.நா. அமைதி காக்கும் நடவடிக்கைகளுக்கு முக்கிய பங்களிப்பைச் செய்துள்ளது. 2021 அமைச்சரவை மட்ட செயன்முறையானது, பெறுமதிமிக்க கருத்துப் பரிமாற்றம் மற்றும் தற்போதைய மற்றும் எதிர்கால ஐ.நா. அமைதி காக்கும் நடவடிக்கைகளுக்குப் பயனளிக்கும் உறுதிமொழிகளை அறிவிக்கும் என்பது எனது நம்பிக்கை.
அமைதியை நிலைநிறுத்துதல், பொதுமக்களின் பாதுகாப்பு மற்றும் உலகின் பல பகுதிகளில் அரசியல் செயன்முறைகளை ஆதரிப்பதில் ஐ.நா. அமைதி காக்கும் படையினர் 1948ஆம் ஆண்டு ஐ.நா. அமைதி காக்கும் பணியின் தொடக்கத்தில் இருந்து முக்கிய பங்கு வகித்துள்ளனர். அமைதியைக் காப்பதன் மூலம், ஐக்கிய நாடுகள் சபை உலகளாவிய விவகாரங்களிலும், உறுப்பு நாடுகளுக்கிடையேயான கூட்டாண்மைகளை வலுப்படுத்துவதிலும் மிக முக்கிய பங்கு வகிக்கின்றது.
அதன் நீண்ட வரலாறு முழுவதும், ஐ.நா. அமைதி காத்தல் பல சவால்களை எதிர்கொண்டு பரிணமித்துள்ளது. இன்றைய அமைதி காக்கும் படையினர் கொந்தளிப்பான மற்றும் சிக்கலான செயற்பாட்டு சூழல்களில் செயற்படுகின்றனர். இத்தகைய சவால்களுக்குப் பதிலளிப்பதற்காக, அமைதி காக்கும் நடவடிக்கைகளில் பரஸ்பர அரசியல் அர்ப்பணிப்பைப் புதுப்பிப்பதற்காக, 'அமைதி காக்கும் முயற்சிக்கான நடவடிக்கை' (A4P) ஐ 2018ஆம் ஆண்டில் பொதுச் செயலாளர் தொடங்கினார். அமைதி காக்கும் நடவடிக்கைக்கான செயற்பாட்டுடன் அமைதி காக்கும் நடவடிக்கைகளில் 'பகிரப்பட்ட அர்ப்பணிப்புப் பிரகடனத்தை' ஆதரிக்கும் நாடுகளுடன் இலங்கை இணைந்திருப்பதில் மகிழ்ச்சி அடைகின்றது.
2021ஆம் ஆண்டுக்கான சியோல் ஐ.நா. அமைதி காக்கும் அமைச்சரவை மட்ட அமர்வின் நோக்கமானது, 2021-23க்கான முன்னுரிமைகளில் கவனம் செலுத்தும் 'அமைதி காக்கும் பிளஸ் முயற்சி' (A4P+) க்கு இணங்க ஐ.நா. அமைதி காக்கும் நடவடிக்கைகளின் செயற்றிறன் மற்றும் தாக்கத்தை மேம்படுத்துதல் உட்பட ஐ.நா. அமைதி காக்கும் பணியை வலுப்படுத்துவதாகும். இன்றைய அமைச்சரவைக் கூட்டத்தில் மருத்துவத் திறன் அபிவிருத்தி மற்றும் தொழில்நுட்பம் ஆகியன கருப்பொருளாக இருக்கும் என்பதும் பொருத்தமானது. அமைதி காக்கும் பணியை நவீனமயமாக்குவதற்கும், புதிய தொழில்நுட்பங்கள் மற்றும் வளங்களுடன் பணிகளைச் சித்தப்படுத்துவதற்குமான அனைத்து முயற்சிகளுக்கும் இலங்கை ஆதரவளிக்கின்றது. இத்தகைய நடவடிக்கைகள், அதிக ஆபத்துள்ள சூழல்களுக்கு நீடித்த நிலைநிறுத்தங்கள் மற்றும் கோவிட்-19 தொற்றுநோயின் தொடக்கம் உள்ளிட்ட அச்சுறுத்தல்களை எதிர்கொள்ளும் வகையில், அமைதி காக்கும் படையினரின் செயற்பாட்டுத் திறனை மேம்படுத்துவதற்கும் பாதுகாப்பதற்கும் மையமாக உள்ளன. கொரியக் குடியரசின் வெளிநாட்டு உறவுகள் அமைச்சர் தனது உரையில் 'அமைதி காக்கும் பணியில் தொழிநுட்பம் மற்றும் மருத்துவத் திறனைக் கட்டியெழுப்புவதற்கான சியோல் முன்முயற்சியை' அறிவித்ததை இலங்கை மகிழ்ச்சியுடன் குறிப்பிடுகின்றது. இந்த முன்முயற்சியில் கொரியக் குடியரசுடன் இணைந்து ஈடுபடுவதற்கு நாங்கள் எதிர்பார்க்கின்றோம்.
ஐக்கிய நாடுகள் சபையின் அமைதி காக்கும் பணியில் 50 ஆண்டுகளுக்கும் மேலாக இலங்கை பங்களித்துள்ளது. ஐ.நா. அமைப்புடன் இலங்கை ஈடுபடுவதிலும் அனைத்து நாடுகளுடனும் நல்லுறவைப் பேணுவதிலும் இது ஒரு முக்கிய அங்கமாகும். இந்த அமைச்சர்கள் சந்திப்பில் சமர்ப்பிக்கப்பட்ட உறுதிமொழிகளுக்கு இணங்க, ஐ.நா. அமைதி காக்கும் பணியில் எமது பங்களிப்பை மேம்படுத்துவதற்கு இலங்கை எதிர்பார்க்கின்றது.
இன்று, மத்திய ஆபிரிக்கா, தென் சூடான் மற்றும் மாலி உட்பட மிகவும் தேவையுடைய சில இடங்களுக்கு இலங்கையின் அமைதி காக்கும் படையினர் அனுப்பப்பட்டுள்ளனர். அவர்கள் தமது தொழின்முறை மற்றும் மறுக்கமுடியாத திறமைக்காக ஐ.நா. வின் அங்கீகாரத்தைப் பெற்றுள்ளனர். எமது அமைதி காக்கும் பங்களிப்புக்களின் வரலாற்றில் 11 இலங்கைப் படையினர் தமது இன்னுயிர்களைத் தியாகம் செய்துள்ளனர். ஐக்கிய நாடுகள் சபையின் அமைதி காக்கும் பணியில் உச்சக்கட்ட தியாகத்தைச் செய்துள்ள அனைத்து ஐ.நா. அமைதி காக்கும் வீரர்களுக்கும் நாம் அஞ்சலி செலுத்துகின்றோம்.
மோதலால் தாக்கமடைந்துள்ள நாடுகள் மற்றும் பிராந்தியங்களில் அமைதியை நிலைநாட்டுவதில் நீடித்த தாக்கத்தை இந்த அமைச்சர்கள் சந்திப்பில் மேற்கொள்ளப்பட்ட கலந்துரையாடல்கள் மற்றும் உறுதிமொழிகள் ஏற்படுத்தும் என்ற உண்மையான நம்பிக்கையுடன் நிறைவு செய்ய விரும்புகின்றேன்.
[1] பங்களாதேஷ், கனடா, எத்தியோப்பியா, இந்தோனேசியா, ஜப்பான், நெதர்லாந்து, பாகிஸ்தான், கொரியக் குடியரசு, ருவாண்டா, ஐக்கிய இராச்சியம், அமெரிக்கா மற்றும் உருகுவே