Social media reports on a Sri Lankan national in Kuwait

Social media reports on a Sri Lankan national in Kuwait

The attention of the Sri Lanka Embassy in Kuwait has been drawn to video clips, circulating in the social media platforms, regarding a Sri Lankan national Krishnan Siriyanie Chandralatha.

On hearing the information, a complaint was made to Kuwait Police authorities on 21 December, 2021 and their assistance was requested to trace the whereabouts of Siriyanie Chandralatha, in order to verify the information regarding her condition.

With the assistance of Kuwait Police, the Embassy officials located Chandralatha at her work place and she was brought to the Embassy on 22 December, 2021.

Upon inquiry, it was found that Siriyanie Chandralatha had given false information to her children, in order to return to Sri Lanka, as her current employer was delaying her return.

Further, she confirmed that her salaries were paid on time and she did not face any kind of harassment or threat from the employer or anyone.

After completion of the investigation by Kuwait authorities, her return will be facilitated by the Embassy.

Foreign Ministry

Colombo

23 December 2021

....................................

මාධ්‍ය නිවේදනය

සමාජ මාධ්‍ය හරහා පලවන කුවේට් හි සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වාර්තා

ශ්‍රී ලාංකිකයෙකු වන ක්‍රිෂ්ණන් සිරියානි චන්ද්‍රලතා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන වීඩියෝ පට පිළිබඳව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු විය.

මේ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් අනතුරුව, 2021 දෙසැම්බර් 21 වැනි දින කුවේට් පොලිස් බලධාරීන් වෙත පැමිණිල්ලක් යොමු කෙරුණු අතර, චන්ද්‍රලතා මහත්මියගේ තත්ත්වය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඇය සිටින ස්ථානය සොයා ගැනීමට ඔවුන්ගේ සහය පතන ලදී.

කුවේට් පොලීසියේ සහය ඇතිව තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් චන්ද්‍රලතා මහත්මිය ඇයගේ සේවා ස්ථානයේ දී සොයා ගනු ලැබූ අතර, 2021 දෙසැම්බර් 22 වැනි දින ඇය තානාපති කාර්යාලය වෙත රැගෙන එන ලදී.

චන්ද්‍රලතා මහත්මියගේ වත්මන් සේවායෝජකයා ඇයගේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද කරන බැවින්, නැවත මෙරටට පැමිණීමේ අරමුණින් තම දරුවන්ට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව මේ පිළිබඳව විමසීමේ දී තහවුරු විය.

තවද, තමන්ට නියමිත වේලාවට වැටුප් ගෙවා ඇති බවත්, සේවායෝජකයාගෙන් හෝ කිසිවකුගෙන් කිසිදු ආකාරයක හිරිහැරයක් හෝ තර්ජනයක් එල්ල නොවූ බවත් ඇය තහවුරු කළා ය.

කුවේට් බලධාරීන් මෙම විමර්ශනය අවසන් කළ පසුව, චන්ද්‍රලතා මහත්මියට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාලය මගින් පහසුකම් සැලසෙනු ඇත.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 23 වැනි දින

Please follow and like us:

Close