State Minister of Foreign Affairs Tharaka Balasuriya to visit Poland, Romania and Georgia for Bilateral Political Consultations and a Business Forum

State Minister of Foreign Affairs Tharaka Balasuriya to visit Poland, Romania and Georgia for Bilateral Political Consultations and a Business Forum

State Minister of Foreign Affairs, Tharaka Balasuriya, will undertake a visit to Poland, Romania and Georgia from 13 to 20 June 2023.

State Minister Balasuriya will lead Sri Lanka’s delegations for bilateral political consultations with Poland and Georgia. The bilateral consultations will review the progress of bilateral cooperation with the two countries in various fields, such as trade, investment, tourism, education, IT, employment, culture and sports and explore new avenues for enhancing the existing partnership.

The State Minister will lead a delegation to Romania focusing on streamlining matters related to employment opportunities for Sri Lankans.

On the side-lines of the political consultations and business meetings, State Minister Balasuriya will also meet with relevant high-level authorities in view of further strengthening the friendly relations and cooperation between Sri Lanka and the related countries.

Ministry of Foreign Affairs

Colombo

13 June 2023

..............................

මාධ්‍ය නිවේදනය

ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සහ ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා පෝලන්තයරුමේනියාව සහ ජෝර්ජියාව යන රටවල සංචාරයක නිරත වේ

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2023 ජූනි 13 සිට 20 දක්වා පෝලන්තය, රුමේනියාව සහ ජෝර්ජියාව යන රටවල සංචාරයක නිරත වේ.

පෝලන්තය සහ ජෝර්ජියාව සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා නායකත්වය ලබා දෙයි. මෙම ද්විපාර්ශ්වික උපදේශන හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, රැකියා, සංස්කෘතිය සහ ක්‍රීඩා වැනි විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත ය. තවද දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා පවතින නව මාර්ග ද මෙහිදී ගවේෂණය කරනු ඇත.

ශ්‍රී ලාංකිකයින් සඳහා  රුමේනියාව තුළ පවතින රැකියා අවස්ථා හා සබැඳි කටයුතු විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන රාජ්‍ය අමාත්‍යවරයා, රුමේනියාවේ සංචාරයේ නිරත වන ශ්‍රී ලංකා දූත පිරිසට ද නායකත්වය ලබා දීමට නියමිත ය.

දේශපාලන උපදේශන සහ ව්‍යාපාරික රැස්වීම්වලට සමගාමීව, ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් අතර මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉහළ පෙළේ බලධාරීන් ද හමුවනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූනි 13 වැනි දින

..........................................

ஊடக வெளியீடு

 வெளிநாட்டு அலுவல்கள் இராஜாங்க அமைச்சர் தாரக பாலசூரிய போலந்துருமேனியா மற்றும் ஜோர்ஜியா ஆகிய  நாடுகளுக்கு  விஜயம் செய்து இருதரப்பு அரசியல் ஆலோசனைகள் மற்றும் வர்த்தக மன்றத்தில் பங்கேற்கவுள்ளார்

வெளிநாட்டு அலுவல்கள்இராஜாங்க அமைச்சர் தாரக பாலசூரிய 2023 ஜூன் 13 முதல் 20 வரை போலந்து, ருமேனியா மற்றும்  ஜோர்ஜியா  ஆகிய நாடுகளுக்கு விஜயம் செய்யவுள்ளார்.

போலந்து மற்றும் ஜோர்ஜியாவுடனான இருதரப்பு அரசியல் ஆலோசனைகளுக்கான இலங்கையின் பிரதிநிதிகளுக்கு இராஜாங்க அமைச்சர் பாலசூரிய தலைமை தாங்குவார். வர்த்தகம், முதலீடு, சுற்றுலா, கல்வி, தகவல் தொழில்நுட்பம், வேலைவாய்ப்பு, கலாச்சாரம் மற்றும் விளையாட்டு போன்ற பல்வேறு துறைகளில் இரு நாடுகளுடனான இருதரப்பு ஒத்துழைப்பின் முன்னேற்றம் மற்றும் தற்போதுள்ள கூட்டாண்மையை மேம்படுத்துவதற்கான புதிய வழிகள் குறித்து இந்த இருதரப்பு ஆலோசனைகளின் போது ஆராயப்படும்.

இலங்கையர்களுக்கான தொழில் வாய்ப்புக்கள் தொடர்பான விடயங்களை நெறிப்படுத்துவது தொடர்பில் கவனம் செலுத்தும் வகையில்,  இராஜாங்க அமைச்சர் ருமேனியாவுக்குச் செல்லும் தூதுக்குழுவை வழிநடத்துவார்.

அரசியல் ஆலோசனைகள் மற்றும் வணிகக் கூட்டங்களுக்குப் பக்க அம்சமாக, இலங்கைக்கும் தொடர்புடைய நாடுகளுக்கும்  இடையிலான நட்புறவு மற்றும் ஒத்துழைப்பை மேலும் வலுப்படுத்தும் நோக்கில் இராஜாங்க அமைச்சர் பாலசூரிய சம்பந்தப்பட்ட உயர்மட்ட அதிகாரிகளையும் சந்திப்பார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2023 ஜூன் 13

Print Friendly, PDF & Email
Please follow and like us:

Close