Sri Lanka brings the importance of sustainable nitrogen management to the climate change discourse

Sri Lanka brings the importance of sustainable nitrogen management to the climate change discourse

The Foreign Ministry of Sri Lanka organized an event ‘Rediscovering Nitrogen:  Solution synergies for climate change, health, biodiversity and circular economy’ together with the International Nitrogen Management System (INMS), focused on the nexus between climate and nitrogen waste, ahead of COP-26, on the evening of 31 October 2021 in Glasgow. The phrase ‘Rediscovering Nitrogen’ is used as Nitrogen was discovered in 1772 by scientist Daniel Rutherford in Scotland. The event discussed how action on nitrogen is a necessary next step to help meet climate goals with multiple co-benefits for the environment, health and the economy.

High-level statements from the President of Sri Lanka, UK Government, UNEP, the Commonwealth, Director General of the South Asia Cooperative Environment Programme (SACEP) and others discussed options for action ahead of COP-26. The event launched the #Nitrogen4NetZero proposal for COP-26, brought forward by SACEP reflecting work with its member countries.

It further focused on Sri Lanka’s progressive climate ambitions as depicted through its updated and ambitious NDCs already submitted to the UNFCCC mechanism, including Sri Lanka’s road map for de-carbonization by 2050, achieving 70% renewable energy target by 2030, a landmark decision on no new coal plants and pioneering work on mangrove restoration and conservation. The opportunities for FDI, particularly for green industries and tourism on the country’s journey towards implementing the NDCs was also shared at this event.

 The event was chaired by Chief Scientific Advisor for Scotland and Scientific Director of Moredun Research Institute Prof. Julie FitzpatrickThe Minister of Environment Mahinda Amaraweera delivered the welcome address, followed by introductory remarks by Professor Mark Sutton. Professor Sutton stressed on the importance of halving nitrogen waste under the Colombo Declaration, which would save us an amount of 100 billion USD per annum.

The Keynote address was delivered by President Gotabaya Rajapaksa, who emphasized that “The challenge facing us now is to use modern scientific techniques and practices to enhance agricultural production without causing environmental degradation. We require a new agricultural revolution that has sustainability at its core.” President further stated that “…Sri Lanka especially welcomes investments into renewable energy as well as organic agriculture and is prepared to support their success through incentives and appropriate policy interventions. I therefore hope that greater cooperation in this regard will be forthcoming in the future.”

Unfortunately, Minister for South Asia, the United Nations and the Commonwealth at the Foreign, Commonwealth & Development Office (FCDO) UK Lord Ahmad of Wimbledon was unable to attend the event, due to a train accident that occurred on the 31 October 2021. His speech was delivered by UK’s Regional COP-26 Ambassador for Asia Pacific Ambassador Ken O’Flaherty. Delivering the speech on behalf of Lord Ahmad, Ambassador O’Flaherty reiterated the importance of raising awareness of the impact that nitrogen pollution has on the climate, the environment, and our health. He further elaborated on"The need for global action, to protect our planet for future generation has never been so urgent and the UK has played a leading role among developed countries in cutting carbon emissions”. The UK’s stride to legislate for net zero emissions by 2050 was highlighted in his speech, as UK was the first major economy to do so and to set in law the world’s most ambitious climate change target, cutting emissions by 78% by 2035.

Key speakers at the event were, Under Secretary to the United Nations and Executive Director of the United Nations Environment Programme Inger Anderson, via video, Director General of the South Asian Cooperative Environment Programme (SACEP) Dr. Masumur Rahman and State Secretary, Federal Ministry of Environment of Germany Jochen Flachsbarth also through a video message.

Urmi Goswami of the Economic Times of India and Professor Sutton had a two-way conversation titled “Why Nitrogen?” as part of the programme for the evening. The discussion emphasized the direct Global Warming Potential (mass basis) of GHG Nitrous Oxide (N2O) which is 296 times greater than Carbon Dioxide (CO2), during a time period of 100 years. The reduction of Nitrous Oxide emissions will be essential if the world is to achieve net zero GHG emissions.

Among other prominent attendees were the President of Maldives Ibrahim Mohamed Solih and Secretary of Foreign Affairs of the Republic of Philippines Teodoro Jr. Locsin. Over 90 attendees representing national delegations, the British Government, private sector personnel from the business and finance industry and academics were present.

The Baroness Scotland of Asthal, Secretary General of the Commonwealth, the Rt. Patricia Scotland reminded the audience that “…Sri Lanka has been on this journey with the Commonwealth with fifty-four countries representing 2.5 billion people…”. She added further that “If you regrettably go back, and look at that declaration, all the worries of this being an existential threat was there and Sri Lanka was leading then, and Sri Lanka is still leading now.” She commended both the President of Sri Lanka and the President of Maldives for having shown that they are not interested in just talking but that they are totally committed to doing. She went on to assure that the Commonwealth Secretariat’s support in the implementation process and developing an implementation tool-kit. She emphasized the pertinent need to understand the connections between mangroves and nitrogen and welcomed Sri Lanka to join forces again with the Commonwealth Secretariat in developing appropriate mechanisms.

Secretary to the Ministry of Environment Dr. Anil Jasinghe announced “…that the Government of Sri Lanka submitted a fresh value-added Resolution on Sustainable Nitrogen Management on the 26 October, proposing more comprehensive actions beyond the UNEA 4/14 Resolution of 2019.” He further added that as the year 2030 is fast approaching, Sri Lanka introduced several new elements in the proposed resolution, as highlighted in the Colombo Declaration. This new resolution will lay the foundation for action on nitrogen for climate coordinating all related Multilateral Environment Agreements via the Inter-convention Nitrogen Coordination Mechanism.

Delivering concluding remarks, Foreign Minister Prof. G. L. Peiris emphasized that Sri Lanka is ideally equipped to play a pioneering role in global initiatives with regard to climate change and biodiversity. He stated that "… we in Sri Lanka have never believed for one moment, that there is any conflict between economic development on the one hand and the preservation of the environment on the other. these two aspects go together. They are complimentary, they are two sides of the same coin.” He reiterated that the President Gotabaya Rajapaksa made a bold decision to move from chemical fertilizer to organic fertilizer, which is having a profound impact on all agricultural activity in Sri Lanka. The shift would entail in less pollution of water and soil and thereby polluting the oceans less, with an overall positive impact on the health of the population of the country.

Referring to the comments of Baroness Patricia Scotland, conveying the critical message of implementation as opposed to aspiration, Professor Peiris went on to state that “…This is because we do not have the luxury of time. Lofty aspirations and plans for the future are not sufficient. What is urgently required is immediate implementation. The Foreign Minister assured the audience that Sri Lanka is far from being politically indifferent, and that ours is an attitude of intense commitment and rigorous involvement. He assured the international community that Sri Lanka will always be a resolute and steadfast partner in all efforts directed towards the preservation of the environment and much more, for the very survival of this planet for the benefit of generations to come.

Foreign Ministry

Colombo

12 November, 2021

...................................................

මාධ්‍ය නිවේදනය

දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයේ දී ශ්‍රී ලංකාව තිරසාර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පෙන්වා දෙයි

දේශගුණය සහ නයිට්‍රජන් අපද්‍රව්‍ය අතර පවත්නා සම්බන්ධය අරමුණු කර ගනිමින්,‘නයිට්‍රජන් පිළිබඳ යළි විමසුම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සමයෝගිතාව’ නමින් වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය (INMS) සමඟ එක්ව, COP-26 සමුළුවට පෙර, එනම් 2021 ඔක්තෝබර් 31 වැනි දින සන්ධ්‍යාවේ ග්ලාස්ගෝ හිදී සංවිධානය කරන ලදී. ස්කොට්ලන්ත විද්‍යාඥයකු වූ ඩැනියෙල් රදර්ෆර්ඩ් 1772 වර්ෂයේ දී නයිට්‍රජන් මූලද්‍රව්‍ය සොයා ගත් හෙයින්, ‘නයිට්‍රජන් පිළිබඳ යළි විමසුම’ යන පාඨය මේ සඳහා යොදා ගන්නා ලදී. පරිසරයට, සෞඛ්‍යයට සහ ආර්ථිකයට හිමි වන බහුවිධ සම ප්‍රතිලාභ සමඟින් දේශගුණික ඉලක්ක සපුරාලීමට උපකාර කිරීම සඳහා නයිට්‍රජන් මත මීළඟ පියවර වශයෙන් ක්‍රියා කර යුත්තේ කෙසේදැයි යන්න මෙහිදී සාකච්ඡාව කෙරිණි.

ශ්‍රී ලංකා ජනාධිපති, එක්සත් රාජධානියේ රජය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පොදු රාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහනේ (SACEP) අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් අයගේ යොමු කළ ඉහළ පෙළේ ප්‍රකාශ තුළින් COP-26 ට පෙර ක්‍රියාමාර්ග සඳහා වන විකල්ප සාකච්ඡා කළේය.. මෙම හමුව, COP-26 සමුළුව සඳහා වන #Nitrogen4NetZero යෝජනාව දියත් කෙරුණු අතර, එමඟින් SACEP විසින් එහි සාමාජික රටවල් සමඟ සිදු කරන ලද කර්තව්‍යයන් පිළිබිඹු කෙරිණි.

2050 වර්ෂය වන විට කාබන් භාවිතය තුරන් කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම 2030 වර්ෂය වන විට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම, නව ගල් අඟුරු බලාගාර ආරම්භ නොකිරීම පිළිබඳ වැදගත් තීරණයක් සහ කඩොලාන ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය පිළිබඳ පුරෝගාමී වී කටයුතු කිරීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ යාන්ත්‍රණය වෙත දැනටමත් ඉදිරිපත් කර ඇති යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් තීරණය කළ දායකත්වයන් හරහා නිරූපණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශගුණික අභිලාෂයන් කෙරෙහි ද මෙහිදී වැඩිදුර අවධානය යොමු කෙරිණි. ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රට ගමන් කරන මාර්ගය ඔස්සේ විශේෂයෙන්ම හරිත කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය සඳහා වන සෘජු විදේශ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී අදහස් බෙදා ගන්නා ලදී.

මෙම උත්සවය ස්කොට්ලන්තයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශකවරිය මෙන්ම මෝර්ඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාත්මක අධ්‍යක්ෂවරිය වන මහාචාර්ය ජූලි ෆිට්ස්පැට්‍රික් මහත්මිය විසින් මෙහෙයවන ලදී. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පිළිගැනීමේ දේශනය සිදු කළ අතර, හඳුන්වාදීමේ දේශනය මහාචාර්ය මාර්ක් සට්න් මහතා විසින් සිදු කරන ලදී. කොළඹ ප්‍රකාශය යටතේ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ වැදගත්කම පිළිබඳව මහාචාර්ය සට්න් මහතා අවධාරණය කළ අතර, එමඟින් අපට වසරකට ඩොලර් බිලියන 100 ක මුදලක් ඉතිරි වන බව අවධාරණය කෙරිණි.

තිරසාරත්වය එහි හරය වන නව කෘෂිකාර්මික විප්ලවයක් අපට අවශ්‍ය වේ

“වර්තමානයේ දී අප හමුවේ ඇති අභියෝගය වන්නේ, නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රම සහ භාවිතයන් ප්‍රයෝජනයට ගනිමින් පරිසර හානිය සිදු නොකොට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම යි. තිරසාරත්වය එහි හරය වන නව කෘෂිකාර්මික විප්ලවයක් අපට අවශ්‍ය වේ.” ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ය. “ශ්‍රී ලංකාව විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා සිදු කරන ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතර, දිරිගැන්වීම් සහ සුදුසු ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා ඒවායේ සාර්ථකත්වයට සහාය වීමට සූදානමින් සිටී. එබැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩි සහයෝගයක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අවාසනාවකට මෙන් 2021 ඔක්තෝබර් 31 වැනි දින සිදුවූ දුම්රිය අනතුරක් හේතුවෙන්, එක්සත් රාජධානියේ විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) දකුණු ආසියාව සඳහා වන එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය, විම්බල්ඩන් හි අහමඩ් සාමිවරයාට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය. එතුමාගේ දේශනය ඉදිරිපත් කරනු ලැබුවේ, ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් රාජධානියේ කලාපීය COP-26 තානාපති කෙන් ඔ’ෆ්ලහර්ටි මැතිතුමා විසිනි. අහමඩ් සාමිවරයා වෙනුවෙන් දේශනය පැවැත්වූ තානාපති ඔ’ෆ්ලහර්ටි මැතිතුමා, නයිට්‍රජන් දූෂණය හේතුවෙන් දේශගුණයට, පරිසරයට සහ අපගේ සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළේ ය. අනාගත පරම්පරාව සඳහා අපගේ පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ  අවශ්‍යතාවය මින් පෙර කිසි විටෙකත් මෙතරම් තීව්‍ර මට්ටමකින් නොදැනුණු බවත්, කාබන් විමෝචනය සීමා කිරීමේ දී සංවර්ධිත රටවල් අතර එක්සත් රාජධානිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවත් එතුමා තවදුරටත් විස්තර කළේ ය. 2050 වර්ෂය වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සඳහා නීති සම්පාදනය කිරීමට එක්සත් රාජධානිය තුළ ඇති ප්‍රගතිය එතුමාගේ දේශනයෙන් ඉස්මතු කළ අතර එසේ කළ පළමු සහ ප්‍රධාන ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය, 2035 වන විට විමෝචනය 78% කින් කපා හරිමින් ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී දේශගුණික විපර්යාස ඉලක්කය නීතියෙන් නියම කළේය. එක්සත් ජාතීන්ගේ උප ලේකම් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ  ඉන්ගර් ඇන්ඩර්සන් මැතිතුමා, දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ (SACEP) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මසුමූර් රහ්මාන් මහතා සහ ජර්මනියේ ෆෙඩරල් පරිසර අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ජොචෙන් ෆ්ලැච්ස්බාර්ත් මැතිතුමා මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයන් ලෙස වීඩියෝ පණිවිඩ හරහා සම්බන්ධ වූහ.

 මෙම වැඩසටහනේම අංගයක් ලෙස, “නයිට්‍රජන් අවශ්‍ය වන්නේ ඇයි?” යන මැයෙන් ද්විමාර්ගික සංවාදයක්, ඉකොනොමික් ටයිම්ස් ඔෆ් ඉන්දියා හි උර්මි ගෝස්වාමි මහත්මිය සහ මහාචාර්ය සට්න් මහතා අතර සන්ධ්‍යා කාලයේ දී පැවැත්විණි. වසර 100ක කාල සීමාවක් තුළ කාබන් ඩයොක්සයිඩ්වලට (CO2) වඩා 296 ගුණයකින් වැඩි වූ හරිතාගාර වායුවක් වන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) හි අන්තර්ගතව ඇති සෘජු ගෝලීය උණුසුම් විභවය(ස්කන්ධය මත පදනම්ව) පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. ලොව පුරා ශුන්‍ය හරිතාගාර වායු විමෝචනය අත්පත් කර ගැනීමට නම්, නයිට්‍රස් ඔක්සයිඩ් විමෝචනය අඩු කිරීම අත්‍යවශ්‍ය වේ.

මාලදිවයිනේ අති ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් මැතිතුමා සහ පිලිපීන ජනරජයේ විදේශ කටයුතු ලේකම් තියඩෝරෝ ජූනියර් ලොක්සින් මහතා ඇතුළු සම්භවනීය පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. ජාතික නියෝජිතයන්, බ්‍රිතාන්‍ය රජය, ව්‍යාපාරික හා මූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් පෞද්ගලික අංශයේ පිරිස් මෙන්ම විද්වතුන් නියෝජනය කරමින් 90 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා  සහභාගී වූහ.

“ බිලියන 2.5 ක ජනතාවක් නියෝජනය කරන රටවල් පනස් හතරකින් යුත් පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාව ද මෙම ගමනේ යෙදී ඇත…” ස්කොට්ලන්තයේ ඇස්තල් හි සාමිවරිය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් වන  පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සිහිපත් කළා ය. "ඔබ එම ප්‍රකාශය දෙස ආපසු හැරී බැලුවහොත්මෙම අර්බුදය පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූ තර්ජනයක් බව ප්‍රත්‍යක්ෂ කෙරෙන සියලු කරුණු එහි අන්තර්ගතව ඇති අයුරු හඳුනාගත හැකි ය. මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව එදා පෙරමුණ ගෙන සිටි අතර අදටත් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බව දැකගත හැකි වේ” යනුවෙන් එතුමිය වැඩිදුරටත් පැවසුවා ය. දේශනාවලට පමණක් සීමා නොවී, සිය පූර්ණ කැපවීම ප්‍රායෝගික අයුරින් පෙන්වීම සම්බන්ධයෙන් එතුමිය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ මාලදිවයින් ජනාධිපතිවරයාට ප්‍රශංසා කළා ය. මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ දී මෙන්ම, ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය වන මෙවලම් කට්ටලයක් සංවර්ධනය කිරීමේ දී, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ සහාය ලබා දෙන බවට ඇය සහතික විය. කඩොලාන පරිසරය සහ නයිට්‍රජන් අතර පවත්නා සම්බන්ධය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළ අතර, සුදුසු යාන්ත්‍රණයන් සංවර්ධනය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සමඟ නැවත එක්වන ලෙස එතුමිය ශ්‍රී ලංකාවට ඇරයුම් කළා ය.

“... 2019 UNEA 4/14 යෝජනාවෙන් ඔබ්බට විහිදී යන වඩාත් පුළුල් ක්‍රියාමාර්ග යෝජනා කරමින්, ශ්‍රී ලංකා රජය විසින් තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ අගය එකතු කළ නවමු යෝජනාවක් ඔක්තෝබර් 26 වැනි දින ඉදිරිපත් කරන ලදී.” පරිසර අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කළේ ය.  2030 වර්ෂය ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින බැවින්, කොළඹ ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, යෝජිත යෝජනාවේ නව අංග කිහිපයක් ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දෙනු ලැබූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය. මෙම නව යෝජනාව තුළින්, අන්තර් සම්මුති නයිට්‍රජන් සම්බන්ධීකරණ යාන්ත්‍රණය ඔස්සේ සියලුම ආශ්‍රිත බහුපාර්ශ්වික පරිසර ගිවිසුම් සම්බන්ධීකරණය කෙරෙන අතර, දේශගුණය සඳහා නයිට්‍රජන් මත ක්‍රියා කිරීමට පදනම සකස් කෙරෙනු ඇත.

සමාප්ති දේශනය පැවැත්වූ  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් වන ගෝලීය මුල පිරීම් තුළ පුරෝගාමී භූමිකාවක් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව මැනවින් සන්නද්ධව සිටින බව අවධාරණය කළේ ය. “...ආර්ථික සංවර්ධනයත් පරිසර සංරක්ෂණයත් අතර ඝට්ටනයක් පවතින බව, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කිසිදු මොහොතක විශ්වාස නොකළෙමු. මෙම අංශ දෙකම එක සමාන අංශ වේ. ඒවා එකම කාසියේ දෙපැත්තක් සේ එකිනෙකට අනුපූරක වේ"  එතුමා ප්‍රකාශ කළේ ය. රසායනික පොහොරවලින් කාබනික පොහොර වෙත මාරු වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එඩිතර තීරණයක් ගත් බවත්, ශ්‍රී ලංකාවේ සියලුම කෘෂිකාර්මික කටයුතුවලට එමගින් ප්‍රබල බලපෑමක් එල්ල කෙරෙන බවත් එතුමා ප්‍රකාශ කළේ ය. තවද, රටේ ජනගහනයේ සෞඛ්‍යය තත්ත්වය සඳහා සමස්ත ධනාත්මක බලපෑමක් මේ හරහා එල්ල වන බවත්, එමගින් ජලය සහ පස දූෂණය වීම අවම වන බවත්, සාගර දූෂණය අවම වන බවත් එතුමා නැවත අවධාරණය කළේ ය.

 “...මෙම අර්බුදය සඳහා හේතුව වන්නේ අප සතුව කාලය නොමැති වීම යි. අනාගතය සඳහා උසස් අපේක්ෂාවන් සහ සැලසුම් පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ. මෙහිදී අවශ්‍ය වන්නේ එම සැලසුම් සහ අපේක්ෂාවන් වහා ක්‍රියාත්මක කිරීම යි.” සම්ප්‍රදායක අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වන තීරණාත්මක පණිවිඩය ප්‍රකාශයට පත් කළ පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරියගේ  අදහස් පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මැතිතුමා තවදුරටත් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් මේ වන විට වඩාත් සක්‍රීයව සිටින බවත්, ශ්‍රී ලංකාව තුළ දැඩි කැපවීමක් මෙන්ම දැඩි මැදිහත්වීමේ ආකල්පයක් ඇති බවත් විදේශ අමාත්‍යවරයා සහභාගී වූ පිරිසට දැන්වී ය. ඉදිරි පරම්පරාවල ප්‍රයෝජනය සඳහා පෘථිවියේ පැවැත්ම වෙනුවෙන් පරිසරය සුරැකීමට සහ තවත් බොහෝ දේ සඳහා ගන්නා සෑම උත්සාහයකදීම ශ්‍රී ලංකාව සැම විටම අධිෂ්ඨානශීලී සහ ස්ථිර හවුල්කරුවෙකු ලෙස දායක වන බව එතුමා ජාත්‍යන්තර ප්‍රජාවට සහතික විය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැමිබර් මස 12 වැනි දින

....................................................

ஊடக வெளியீடு

 நிலையான நைதரசன் முகாமைத்துவத்தின் முக்கியத்துவத்தை காலநிலை மாற்ற உரையாடலில் இலங்கை எடுத்துரைப்பு

காலநிலை மற்றும் நைதரசன் கழிவுகளுக்கு இடையிலான தொடர்பை மையமாகக் கொண்டு, சி.ஓ.பீ.26 க்கு முன்னதாக, சர்வதேச நைதரசன் முகாமைத்துவ அமைப்புடன் இணைந்து, 'நைதரசனை மீண்டும் கண்டறிதல்: காலநிலை மாற்றம், சுகாதாரம், பல்லுயிர் மற்றும் பல்வகைமை மற்றும் வட்டப் பொருளாதாரத்திற்கான தீர்வு ஒருங்கிணைப்புக்கள்' என்ற நிகழ்வை 2021 அக்டோபர் 31ஆந் திகதி மாலை கிளாஸ்கோவில் இலங்கையின் வெளிநாட்டு  அமைச்சு ஏற்பாடு செய்தது. நைதரசனை 1772 இல் ஸ்கொட்லாந்தில் விஞ்ஞானி டேனியல் ரூதர்ஃபோர்ட் கண்டுபிடித்ததால், 'நைதரசனை மீண்டும் கண்டுபிடித்தல்' என்ற சொற்றொடர் பயன்படுத்தப்படுகின்றது. சுற்றுச்சூழல், சுகாதாரம் மற்றும் பொருளாதாரம் ஆகியவற்றிற்கான பல இணை நன்மைகளுடன் கூடிய காலநிலை இலக்குகளை அடைந்து கொள்வதற்கு உதவுவதற்கு அவசியமான நைதரசனின் மீதான நடவடிக்கை குறித்து இந்த நிகழ்வில் கலந்துரையாடப்பட்டது.

இலங்கையின் அதிமேதகு ஜனாதிபதி, இங்கிலாந்து அரசாங்கம், ஐக்கிய நாடுகளின் சுற்றுச்சூழல் திட்டம், பொதுநலவாயம், தெற்காசிய கூட்டுறவு சுற்றுச்சூழல் திட்டத்தின் பணிப்பாளர் நாயகம் மற்றும் ஏனையோரது உயர்மட்ட அறிக்கைகள் சி.ஓ.பீ.26 க்கு முன்னதாக நடவடிக்கைகளை முன்னெடுப்பதற்கான விருப்பங்கள் குறித்து கலந்துரையாடின. இந்த நிகழ்வானது சி.ஓ.பீ.26 க்கான #Nitrogen4NetZero முன்மொழிவை அறிமுகப்படுத்தியதுடன், இது உறுப்பு நாடுகளுடனான தெற்காசிய கூட்டுறவு சுற்றுச்சூழல் திட்டத்தின் பணியை பிரதிபலிக்கின்றது.

2050ஆம் ஆண்டளவில் கார்பனேற்றத்திற்கான இலங்கையின் திட்ட வரைபடம் உட்பட, புதிய நிலக்கரி ஆலைகளை அமைப்பதில்லை  மற்றும் சதுப்புநில மறுசீரமைப்பு மற்றும் பாதுகாப்பிற்கான முன்னோடி நடவடிக்கை தொடர்பான முக்கிய தீர்மானத்தைக் கொண்டுள்ள, 2030 க்குள் 70% புதுப்பிக்கத்தக்க எரிசக்தி இலக்கை அடைந்து கொள்வதற்காக காலநிலை மாற்றம் தொடர்பான ஐக்கிய நாடுகளின் கட்டமைப்பு மாநாட்டில் ஏற்கனவே சமர்ப்பிக்கப்பட்ட அதன் புதுப்பிக்கப்பட்ட மற்றும் தேசிய அளவில் தீர்மானிக்கப்பட்ட பங்களிப்புக்களின் மூலம் சித்தரிக்கப்பட்ட இலங்கையின் முற்போக்கான காலநிலை அபிலாஷைகள் மீது மேலும் கவனம் செலுத்தியது. அந்நிய நேரடி முதலீட்டிற்கான வாய்ப்புக்கள், குறிப்பாக பசுமைத் தொழில்கள் மற்றும் சுற்றுலாத்துறைக்காக தேசிய அளவில் நிர்ணயிக்கப்பட்ட பங்களிப்புக்களை நடைமுறைப்படுத்துவதற்கான இலங்கையின் நடவடிக்கைகளும்இந்த நிகழ்வில் பகிர்ந்து கொள்ளப்பட்டன.

இந்நிகழ்விற்கு ஸ்கொட்லாந்தின் முதன்மை விஞ்ஞானவியல் ஆலோசகரும் மோர்டூன் ஆராய்ச்சி நிறுவனத்தின் விஞ்ஞானவியல்  பணிப்பாளருமான பேராசிரியர் ஜூலி ஃபிட்ஸ்பேட்ரிக் தலைமை தாங்கினார். சுற்றாடல் அமைச்சர் கௌரவ மஹிந்த அமரவீர வரவேற்புரையை நிகழ்த்தியதுடன், அதனைத் தொடர்ந்து பேராசிரியர் மார்க் சுட்டன் அறிமுகவுரையை நிகழ்த்தினார். கொழும்பு பிரகடனத்தின் கீழ் நைதரசன் கழிவுகளை அரைவாசியாகக் குறைப்பதன் முக்கியத்துவத்தை பேராசிரியர் சுட்டன் வலியுறுத்தியதுடன், இது ஆண்டுக்கு 100 பில்லியன் அமெரிக்க டொலர்களை சேமிக்கும்.

அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ உரையாற்றுகையில், 'சுற்றுச்சூழல் சீர்கேட்டை ஏற்படுத்தாமல் விவசாய உற்பத்தியை மேம்படுத்துவதற்கு நவீன விஞ்ஞான நுட்பங்களையும் நடைமுறைகளையும் பயன்படுத்துவதே தற்போது எம்மிடம் உள்ள சவாலாகும். எங்களுக்கு ஒரு புதிய விவசாயப் புரட்சி தேவைப்படுவதுடன், அது அதன் மையத்தில் நிலையான தன்மையைக் கொண்டுள்ளது' எனக் குறிப்பிட்டார். '...இலங்கை குறிப்பாக புதுப்பிக்கத்தக்க எரிசக்தி மற்றும் இயற்கை விவசாயத்தில் முதலீடுகளை வரவேற்கின்ற  அதே வேளையில், ஊக்குவிப்பு மற்றும் பொருத்தமான கொள்கைத் தலையீடுகளின் மூலம் அதன் வெற்றிக்கு ஆதரவளிப்பதற்குத் தயாராக உள்ளது. எனவே எதிர்காலத்தில் இது தொடர்பாக அதிகமான ஒத்துழைப்புகள் கிடைக்கும் என நம்புகின்றேன்' என அவர் மேலும் குறிப்பிட்டார்.

துரதிர்ஷ்டவசமாக, 2021 அக்டோபர் 31ஆந் திகதி நிகழ்ந்த ரயில் விபத்தின் காரணமாக, இங்கிலாந்தின் வெளியுறவு,  பொதுநலவாயம் மற்றும் அபிவிருத்தி அலுவலகத்தின் தெற்காசியா, ஐக்கிய நாடுகள் மற்றும் பொதுநலவாய அமைச்சரான விம்பிள்டன் பிரபு அஹ்மத் இந்த நிகழ்வில் கலந்து கொள்ள இயலவில்லை. அவரது உரையை ஆசிய பசிபிக் பிராந்தியத்திற்கான இங்கிலாந்தின் பிராந்திய சி.ஓ.பீ.26 தூதுவர் கென் ஓ'ஃப்ளாஹெர்டி நிகழ்த்தினார். பிரபு அஹ்மத் சார்பாக உரையை ஆற்றிய தூதுவர் ஓ'ஃப்ளாஹெர்டி, காலநிலை, சுற்றுச்சூழல் மற்றும் எமது ஆரோக்கியத்தின் மீது நைதரசன் மாசுபாடு ஏற்படுத்தும் தாக்கம் குறித்த விழிப்புணர்வை ஏற்படுத்துவதன் முக்கியத்துவத்தை மீண்டும் வலியுறுத்தினார். 'எதிர்கால சந்ததியினருக்காக எமது கிரகத்தைப் பாதுகாப்பதற்கான உலகளாவிய நடவடிக்கையின் தேவை மிகவும் அவசரமானதாவதுடன், கார்பன் உமிழ்வைக் குறைப்பதில் அபிவிருத்தியடைந்த நாடுகளில் இங்கிலாந்து முன்னணி வகிக்கின்றது' என அவர் மேலும் விரிவாகக் குறிப்பிட்டார். நிகர பூஜ்ஜிய உமிழ்வை சட்டமாக இயற்றிய முதலாவது பெரிய பொருளாதாரமாக இங்கிலாந்து அமைவதுடன், 2035 க்குள் உமிழ்வை 78% குறைக்கும் உலகின் மிக லட்சியமான காலநிலை மாற்ற இலக்கை அது சட்டத்தில் அமைத்துள்ளமையினால், 2050 ஆம் ஆண்டிற்குள் நிகர பூஜ்ஜிய உமிழ்வை சட்டமியற்றும் இங்கிலாந்தின் முன்னேற்றம் குறித்து அவரது உரையில் சிறப்பிக்கப்பட்டது.

ஐக்கிய நாடுகள் சபையின் துணைச் செயலாளரும், ஐக்கிய நாடுகளின் சுற்றுச்சூழல் திட்டத்தின் நிறைவேற்றுப் பணிப்பாளருமான  மாண்புமிகு இங்கர் அண்டர்சன், தெற்காசிய கூட்டுறவு சுற்றுச்சூழல் திட்டத்தின் பணிப்பாளர் நாயகம் கலாநிதி. மசுமுர் ரஹ்மான் மற்றும் ஜேர்மனியின் மத்திய சுற்றுச்சூழல் அமைச்சின் இராஜாங்க செயலாளர் திரு. ஜோச்சென் ஃப்ளாக்ஸ்பார்த் ஆகியோர் காணொளி மூலம் உரை நிகழ்த்திய இந் நிகழ்வின் முக்கிய பேச்சாளர்களாவர்.

மாலை நிகழ்ச்சியின் ஒரு பகுதியாக, எகொனொமிக் டைம்ஸ் ஒஃப் இந்தியாவின் திருமதி. ஊர்மி கோஸ்வாமியும், பேராசிரியர் சுட்டனும் 'ஏன் நைதரசன்?' என்ற தலைப்பில் இருவழி உரையாடலை நடாத்தினர். 100 வருட காலப்பகுதியில், கார்பன் டையொக்சைடை விட 296 மடங்கு அதிகமான ஜி.எச்.ஜி. நைட்ரஸ் ஒக்சைட்டினாலான நேரடியான புவி வெப்பமடைதல் சாத்தியத்தை (பாரிய அடிப்படையில்) இந்தக்  கலந்துரையாடல் வலியுறுத்தியது. உலகம் நிகர பூஜ்ஜிய ஜி.எச்.ஜி. உமிழ்வை அடைந்து கொள்ள வேண்டுமானால் நைட்ரஸ் ஒக்சைட்டு உமிழ்வைக் குறைப்பது அவசியமாகும்.

இந் நிகழ்வில் கலந்துகொண்ட ஏனைய முக்கிய பிரமுகர்களில், மாலைதீவின் ஜனாதிபதி அதிமேதகு இப்ராஹிம் முகமது சோலிஹ்  மற்றும் பிலிப்பைன்ஸ் குடியரசின் வெளியுறவுச் செயலாளர் திரு. தியோடோரோ ஜூனியர் லொக்சின் ஆகியோர் அடங்குவர். தேசிய பிரதிநிதிகள், பிரித்தானிய அரசாங்கம், வணிக மற்றும் நிதித் துறையைச் சேர்ந்த தனியார் துறை பணியாளர்கள் மற்றும் கல்வியியலாளர்களை பிரதிநிதித்துவப்படுத்தும் 90க்கும் மேற்பட்ட பங்கேற்பாளர்கள் கலந்து கொண்டனர்.

'2.5 பில்லியன் மக்களைப் பிரதிநிதித்துவப்படுத்தும் ஐம்பத்து நான்கு பொதுநலவாய நாடுகளுடன் இலங்கை இந்தப் பயணத்தில் ஈடுபட்டுள்ளது...' என அஸ்தலின் பரோனஸ் ஸ்கொட்லாந்து, பொதுநலவாயத்தின் பொதுச் செயலாளர் கௌரவ. பட்ரிசியா ஸ்கொட்லேன்ட்  பார்வையாளர்களுக்கு நினைவுபடுத்தினார். 'நீங்கள் பின் சென்று அந்த அறிவிப்பைப் பார்த்தால், இது ஒரு இருத்தலியல் சார்ந்த அச்சுறுத்தல் என்ற கவலைகள் அனைத்தும் இருந்ததுடன், அப்போது இலங்கை முன்னணியில் இருந்தது, இப்போதும் இலங்கை முன்னணியில் உள்ளது' என்று அவர் மேலும் குறிப்பிட்டார். பேசுவதில் ஆர்வம் காட்டாது செயலில் முற்றிலும் அர்ப்பணிப்புடன் ஈடுபடுகின்ற இலங்கை ஜனாதிபதி மற்றும் மாலைதீவு ஜனாதிபதி ஆகிய இருவரையும் அவர் பாராட்டினார். நடைமுறைப்படுத்தல் செயற்பாட்டில் பொதுநலவாய செயலகத்தின் ஆதரவு மற்றும் செயஙபடுத்தல் கருவித் தொகுப்பு உருவாக்கப்படும் என அவர் உறுதியளித்தார். சதுப்புநிலங்களுக்கும் நைதரசனுக்கும் இடையிலான தொடர்பைப் புரிந்து கொள்ள வேண்டியதன் அவசியத்தை அவர் வலியுறுத்தியதுடன், பொருத்தமான பொறிமுறைகளை உருவாக்குவதில் பொதுநலவாய செயலகத்துடன் மீண்டும் இணைந்து கொள்ளுமாறு இலங்கையை வரவேற்றார்.

'ஐக்கிய நாடுகளின் சுற்றுச்சூழல் பேரவையின் 4/14 - 2019 தீர்மானத்திற்கு அப்பால் விரிவான நடவடிக்கைகளை முன்மொழிந்து, நிலையான நைதரசன் முகாமைத்துவம் தொடர்பான புதிய பெறுமதி சேர்க்கப்பட்ட தீர்மானத்தை இலங்கை அரசாங்கம் கடந்த ஒக்டோபர் மாதம் 26ஆந் திகதி சமர்ப்பித்துள்ளது' என சுற்றாடல் அமைச்சின் செயலாளர் கலாநிதி அனில் ஜாசிங்க அறிவித்தார்.  2030 ஆம் ஆண்டு வேகமாக நெருங்கி வரும் நிலையில், கொழும்பு பிரகடனத்தில் குறிப்பிடப்பட்டுள்ளபடி, முன்மொழியப்பட்ட தீர்மானத்தில் பல புதிய கூறுகளை இலங்கை அறிமுகப்படுத்தியுள்ளதாக அவர் மேலும் தெரிவித்தார். இந்தப் புதிய தீர்மானம், காலநிலைக்கான நைதரசன் மீதான நடவடிக்கைக்கு அடித்தளத்தை அமைக்கும் அதே வேளை, சம்பந்தப்பட்ட அனைத்து பலதரப்பு சுற்றுச்சூழல் ஒப்பந்தங்களையும் மாநாட்டிற்கு இடையேயான நைதரசன் ஒருங்கிணைப்புப் பொறிமுறையின் மூலம் ஒருங்கிணைக்கும் எனக் குறிப்பிட்டார்.

இறுதிக் கருத்துக்களை வழங்கிய வெளிநாட்டு அமைச்சர் கௌரவ. பேராசிரியர் ஜீ.எல். பீரிஸ், காலநிலை மாற்றம் மற்றும் பல்லுயிர் பெருக்கம் தொடர்பான உலகளாவிய முன்முயற்சிகளில் முன்னோடிப் பங்கை வகிக்க இலங்கை சிறந்த முறையில் தயாராக உள்ளதாக வலியுறுத்தினார். ஒருபுறம் பொருளாதார அபிவிருத்திக்கும் மறுபுறம் சுற்றுச்சூழலைப் பாதுகாப்பதற்கும் இடையில் முரண்பாடுகள் இருப்பதாக இலங்கையில் நாம் ஒரு போதும் நம்பவில்லை. ஒரே நாணயத்தின் இரு பக்கங்கள் போல இந்த இரண்டு அம்சங்களும் ஒன்றாகச்  செல்கின்றன' என அவர் குறிப்பிட்டார். இலங்கையின் அனைத்து விவசாய நடவடிக்கைகளிலும் ஆழமான தாக்கத்தை ஏற்படுத்தும் இரசாயன உரத்திலிருந்து இயற்கை உரத்திற்கு மாறுவதற்கான ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ துணிச்சலான தீர்மானத்தை எடுத்ததாக அவர் மீண்டும் வலியுறுத்தினார். இந்த மாற்றமானது நீர் மற்றும் மண்ணை மாசுபடுத்தி, அதன் மூலம் சமுத்திரங்களை மாசுபடுத்தி, நாட்டு மக்களின் ஆரோக்கியத்தில் ஒட்டுமொத்தமான அடிப்படையில் தாக்கத்தை ஏற்படுத்தும் மாசுபாட்டைக் குறைக்கும் எனக் குறிப்பிட்டார்.

பேரோனஸ் பட்ரிசியா ஸ்கொட்லேண்ட்டின் கருத்துக்களைக் குறிப்பிட்ட பேராசிரியர் பீரிஸ், 'எம்மிடம் நேரத்தின் ஆடம்பரம்  இல்லை என்பதே இதற்கான காரணமாகும். உயர்ந்த லட்சியங்கள் மற்றும் எதிர்காலத்திற்கான திட்டங்கள் போதுமானதாக இல்லை. உடனடியாக நடைமுறைப்படுத்தப்பட வேண்டியதே அவசரமாகத் தேவைப்படுகின்ற அம்சமாகும்'. என தொடர்ந்தும் குறிப்பிட்டார். அரசியல் ரீதியான மாறுபாடுகளில் இருந்து இலங்கை வெகு தொலைவில் இருப்பதாகவும், தீவிரமான அர்ப்பணிப்பு மற்றும் கடுமையான ஈடுபாட்டை கொண்ட அணுகுமுறையே எம்முடையதாகும் என பார்வையாளர்களுக்கு கௌரவ. வெளிநாட்டு அமைச்சர் உறுதியளித்தார். எதிர்கால சந்ததியினரின் நலனுக்காக இந்த கிரகத்தின் உயிர்வாழத்தக்க சுற்றுச்சூழலைப் பாதுகாப்பதற்கும் மற்றும் ஏனைய அம்சங்களுக்கும் இலக்கான அனைத்து முயற்சிகளிலும் இலங்கை எப்போதும் உறுதியான பங்காளியாக இருக்கும் என அவர் சர்வதேச சமூகத்திற்கு உறுதியளித்தார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 நவம்பர் 12

Print Friendly, PDF & Email
Please follow and like us:

Close