Sri Lanka expresses grave concern over the death of aid seekers in Gaza

Sri Lanka expresses grave concern over the death of aid seekers in Gaza

Sri Lanka is deeply troubled about the death of over hundred people who were waiting to receive aid in Gaza and joins the call for investigation into the incident.

The latest incident underscores the immediate need to end the blockade imposed on Gaza, depriving its civilian population, including women and children, of access to basic necessities such as food, water, medicine, electricity, and fuel.

Sri Lanka reiterates its call for an immediate ceasefire and unrestricted humanitarian access to Gaza to alleviate the suffering of civilians.

The Sri Lanka Government approved the establishment of the “Children of Gaza Fund,” a compassionate initiative proposed by the President aimed at providing assistance to the victims in Gaza and to donate USD one million through UN agencies to provide much-needed support to the victims of Gaza.

Sri Lanka joins the global calls for a sustainable political resolution to the conflict and emphasizes the establishment of an independent and sovereign State of Palestine, based on the borders of 1967, in line with relevant UN resolutions, as well as ensuring the security of Israel.

Ministry of Foreign Affairs

Colombo

02 March 2024

..........................................

මාධ්‍ය නිවේදනය

ගාසා හි ආධාර බලාපොරොත්තු වූවන්ගේ මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය බලවත් සංවේගය ප්‍රකාශ කරයි

ගාසා තීරයේ ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි සියයකට අධික පිරිසකගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස කනස්සල්ලට පත්වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා සහයෝගය පළකරයි.

කාන්තාවන් සහ ළමුන් ඇතුළු එහි සිවිල් ජනතාවට ආහාර, ජලය, ඖෂධ, විදුලිය සහ ඉන්ධන වැනි මූලික අවශ්‍යතා සඳහා ඇති ප්‍රවේශය අහිමි කරමින් ගාසා තීරයට පනවා ඇති අවහිර කිරීම අවසන් කිරීමේ කඩිනම්  අවශ්‍යතාව මෙම නවතම සිදුවීම් මගින් අවධාරණය කෙරේ.

සිවිල් වැසියන්ගේ දුක් වේදනා සමනය කිරීම සඳහා ගසා තීරයෙහි වහා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සහ එම තීරයට බාධා කිරීමකින් තොරව මානුෂීය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන ඉල්ලීම ශ්‍රී ලංකාව නැවත අවධාරණය කරයි.

ගාසා තීරයේ විපතට පත් වූවන්ට ආධාර සැපයීම සහ අත්‍යවශ්‍ය සහය ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීම අරමුණු කරගත් “Children of Gaza Fund” පිහිටුවීමට ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබා දුන්නේය.

මෙම ගැටුමට තිරසාර දේශපාලන විසඳුමක් සඳහා වන ගෝලීය ඉල්ලීම්වලට ශ්‍රී ලංකාව සම්බන්ධ වන අතර අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව 1967 දේශසීමා මත පදනම්ව ස්වාධීන හා ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම මෙන්ම ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කිරීමද අවධාරණය කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 02 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close