Sri Lanka’s 6th Periodic Review under the International Covenant on Civil and Political Rights (ICCPR) will be held on 8 and 9 March 2023 in Geneva.
It is recalled that Sri Lanka acceded to the ICCPR on 11 June 1980. Currently, 173 countries have ratified the ICCPR. In addition to the implementation of the Covenant, all States Parties to the Covenant have undertaken a voluntary obligation to submit periodic reports to the Committee and participate in periodic reviews.
Accordingly, Sri Lanka has submitted 5 Periodic Reports in 1983, 1990, 1994, 2003 and 2013 and has participated in 5 Reviews in 1983, 1991, 1995, 2003 and 2014.
The 6th Report was submitted on 22 February 2019 to the Human Rights Committee. The Human Rights Committee is a body comprised of 18 independent experts that monitor the implementation of the ICCPR. The Reviews of all countries are conducted by the Committee.
At the request of Sri Lanka, the 6th Review will be conducted in hybrid format and will be led by Sri Lanka’s Permanent Representative to the UN in Geneva Himalee Arunatilaka. The Sri Lanka delegation also comprises senior officials from the Presidential Secretariat, Ministry of Public Security, Attorney-General’s Department, Ministry of Foreign Affairs, and the Permanent Mission of Sri Lanka to the UN in Geneva participating in person. Senior officials from Colombo will join the Review virtually representing the Ministry of Justice, Prison Affairs and Constitutional Reforms, Ministry of Defence, Ministry of Women, Child Affairs and Social Empowerment, Ministry of Health, Department of Prisons, Department of Police, Office on Missing Persons (OMP), Office on Reparations (OR) and Office for National Unity and Reconciliation (ONUR).
In addition to Sri Lanka, the following countries will also be reviewed by the Human Rights Committee during its 137th session to be held from 27 February to 24 March 2023: Egypt, Turkmenistan, Zambia, Peru, and Panama.
Ministry of Foreign Affairs
Colombo
06 March 2023
........................................
මාධ්‍ය නිවේදනය
ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ 6 වැනි වාරික සමාලෝචනය
2023 මාර්තු 8 සහ 9 යන දිනවල ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 6 වැනි වාරික සමාලෝචනය සිදු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාව 1980 ජුනි 11 වැනි දින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සමඟ එක් විය. රටවල් 173ක් වර්තමානය වන විට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කර ඇත. මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අමතරව, එහි කමිටුව වෙත වරින් වර වාර්තා ඉදිරිපත් කිරීමටත්, වරින් වර පැවැත්වෙන සමාලෝචනවලට සහභාගී වීමටත්, සම්මුතියේ සියලුම රාජ්‍ය පාර්ශ්වයන් ස්වේච්ඡාවෙන් බැඳි සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකාව 1983, 1990, 1994, 2003 සහ 2013 යන වර්ෂවලදී වාරික වාර්තා 5ක් ඉදිරිපත් කර ඇති අතර 1983, 1991, 1995, 2003 සහ 2014 යන වර්ෂවලදී සමාලෝචන 5කට සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාවේ 6 වැනි වාර්තාව 2019 පෙබරවාරි 22 වැනි දින මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. මානව හිමිකම් කමිටුව යනු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. සියලුම රටවල සමාලෝචන මෙම කමිටුව විසින් සිදු කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ 6 වැනි සමාලෝචනය ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි දෙමුහුන් ආකෘතියක් යටතේ පැවැත්වීමට නියමිත අතර, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක මැතිනිය ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහා නායකත්වය ලබා දෙනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට භෞතික වශයෙන් සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වෙති. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය (ONUR) නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සමාලෝචනය සඳහා කොළඹ සිට අතථ්‍ය අයුරින් සම්බන්ධ වනු ඇත.
ඊජිප්තුව, ටර්ක්මෙනිස්තානය, සැම්බියාව, පේරු සහ පැනමාව යන රාජ්‍යයන් ද , 2023 පෙබරවාරි 27 සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන මානව හිමිකම් කමිටුවේ 137 වැනි සැසිය අතරතුර ශ්‍රී ලංකාවට අමතරව සමාලෝචනය කිරීමට නියමිත ය.
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2023 මාර්තු 06 වැනි දින
........................................
ஊடக வெளியீடு
சிவில் மற்றும் அரசியல் உரிமைகள் தொடர்பான சர்வதேச உடன்படிக்கையின் கீழான இலங்கையின் 6வது காலாந்தர மீளாய்வு ஜெனீவாவில் நடைபெறவுள்ளது
சிவில் மற்றும் அரசியல் உரிமைகள் தொடர்பான சர்வதேச உடன்படிக்கையின் கீழான இலங்கையின் 6வது காலாந்தர மீளாய்வு 2023 மார்ச் 8 மற்றும் 9ஆந் திகதிகளில் ஜெனீவாவில் நடைபெறவுள்ளது.
சிவில் மற்றும் அரசியல் உரிமைகள் தொடர்பான சர்வதேச உடன்படிக்கையை 1980 ஜூன் 11ஆந் திகதி இலங்கை ஏற்றுக்கொண்டது. உடன்படிக்கையை நடைமுறைப்படுத்துவதோடு, உடன்படிக்கையின் அனைத்து அரச தரப்பினரும் குழுவிற்கு அவ்வப்போது அறிக்கைகளை சமர்ப்பிப்பதற்கும், அவ்வப்போது மீளாய்வுகளில் பங்கேற்பதற்குமானதொரு தன்னார்வக் கடமையை மேற்கொண்டுள்ளன.
அதன்படி, 1983, 1990, 1994, 2003 மற்றும் 2013ஆம் ஆண்டுகளில் இலங்கை 5 காலாந்தர அறிக்கைகளை சமர்ப்பித்துள்ளதுடன், 1983, 1991, 1995, 2003 மற்றும் 2014ஆம் ஆண்டுகளில் 5 மீளாய்வுகளில் பங்கேற்றுள்ளது.
6வது அறிக்கை 2019 பெப்ரவரி 22ஆந் திகதி மனித உரிமைகள் குழுவிடம் சமர்ப்பிக்கப்பட்டது. மனித உரிமைகள் குழு என்பது சிவில் மற்றும் அரசியல் உரிமைகள் தொடர்பான சர்வதேச உடன்படிக்கையை நடைமுறைப்படுத்துவதைக் கண்காணிக்கும் 18 சுயாதீன நிபுணர்களைக் கொண்ட ஒரு அமைப்பாகும். அனைத்து நாடுகளின் மீளாய்வுகளும் இக் குழுவால் நடாத்தப்படுகின்றது.
இலங்கையின் வேண்டுகோளுக்கு இணங்க, 6வது மீளாய்வு கலப்பு வடிவத்தில், ஜெனிவாவிலுள்ள ஐ.நா. வுக்கான இலங்கையின் நிரந்தரப் பிரதிநிதி ஹிமாலி அருணதிலக அவர்களின் தலைமையில் நடாத்தப்படவுள்ளது. இலங்கைக் குழுவில் ஜனாதிபதி செயலகம், பொதுப் பாதுகாப்பு அமைச்சு, சட்டமா அதிபர் திணைக்களம், வெளிநாட்டு அலுவல்கள் அமைச்சு மற்றும் ஜெனீவாவில் உள்ள ஐ.நா. வுக்கான இலங்கையின் நிரந்தரத் தூதரகம், நீதி, சிறைச்சாலை விவகாரங்கள் மற்றும் அரசியலமைப்பு மறுசீரமைப்பு அமைச்சு, பாதுகாப்பு அமைச்சு, பெண்கள், சிறுவர் விவகாரங்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு, சுகாதார அமைச்சு, சிறைச்சாலைகள் திணைக்களம், பொலிஸ் திணைக்களம், காணாமல் போனோர் தொடர்பான அலுவலகம், இழப்பீடுகளுக்கான அலுவலகம், தேசிய ஒற்றுமை மற்றும் நல்லிணக்கத்திற்கான அலுவலகம் போன்றவற்றைப் பிரதிநிதித்துவப்படுத்தும் வகையில் கொழும்பில் இருந்து சிரேஷ்ட அதிகாரிகள் மீளாய்வுக்கு இணைந்துகொள்வர்.
இலங்கைக்கு மேலதிகமாக, 2023 பெப்ரவரி 27 முதல் மார்ச் 24 வரை நடைபெறவுள்ள மனித உரிமைகள் குழுவின் 137வது அமர்வின் போது, எகிப்து, துர்க்மெனிஸ்தான், சம்பியா, பெரு மற்றும் பனாமா ஆகிய நாடுகளும் மீளாய்வுக்கு உட்படுத்தப்படவுள்ளன.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,
கொழும்பு
2023 மார்ச் 06