SIU Carbondale Signs MoUs with Several Sri Lankan Higher Education Institutions

SIU Carbondale Signs MoUs with Several Sri Lankan Higher Education Institutions

CARBONDALE, Ill. – Recent agreements between Southern Illinois University Carbondale and higher education institutions in Sri Lanka have created opportunities for students and strengthened ties between the United States and Sri Lanka.

A Sri Lankan delegation, led by Ambassador Mahinda Samarasinghe, conducted an in-person discussion in December 2023 with officials from SIU. The talks centered on potential collaborations between SIU and higher education institutions in Sri Lanka, aiming to create a window to advance valuable opportunities for Sri Lankan students.

Following a positive dialogue and a formal proposal from SIU, the Sri Lankan embassy actively shared the opportunity with renowned public and private educational institutions across the country. As a result, several memoranda of understanding (MOUs) have been signed throughout the year.

“This marked a significant step in fostering educational partnerships between the U.S. and Sri Lanka via a single distinguished institution like SIU,” Samarasinghe said.

Forging international ties fits well with SIU’s strategic plan, Imagine 2030, and its pillars of student success and diversity, equity and inclusion, said Costas Tsatsoulis, vice chancellor for research and dean of the Graduate School.

“International students, including students from Sri Lanka, enrich our campus,” Tsatsoulis said. “We look forward to seeing more Sri Lankans on our campus, and we are glad to provide them with hands-on opportunities at a Midwestern doctoral research university with a proud history of top-level teaching.”

Notably, NSBM Green University finalized its MOU with SIU in March 2024. This was soon followed by agreements with the National Institute of Business Management (NIBM), the Nagananda International Institute for Buddhist Studies (NIIBS), and the recent finalization with Horizon Campus, further solidifying the commitment to collaboration in higher education. With additional MOUs in progress between SIU and institutions such as the University of Moratuwa and the Open University of Sri Lanka, we believe this initiative highlights our shared commitment to advancing academic excellence and international cooperation.

“These MOUs pave the way for a brighter future for students in Sri Lanka” Samarasinghe said. “We hope SIU’s initiative will inspire further collaboration between institutions in the U.S. and Sri Lanka, and we extend our sincere appreciation and gratitude to SIU Carbondale and its officials—Costas Tsatsoulis and Karen Jones, associate dean and director of the Graduate School, and Peter Li, director of the center for international education—for their unwavering efforts and commitment.”

First chartered in 1869 a normal college (a school for teachers), Southern Illinois University Carbondale is a U.S. public research university. SIU Carbondale is ranked in the top 5% for research among all U.S. higher education institutions, and it is designated by the Carnegie Classification for Institutions of Higher Education as a doctoral university with high research activity – an institution that receives a substantial amount of external funds annually for research, training and service-based grants and contracts.

Media Contacts: For SIU Carbondale, Kim Rendfeld, kim.rendfeld@siu.edu, 765-426-3650 (cell)

Embassy of Sri Lanka,                                                                                                                                           Southern Illinois University

Washington, D.C.                                                                                                                                                   Carbondale

05 November 2024

...................................

මාධ්‍ය නිවේදනය

 SIU CARBONDALE, ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි

වොෂින්ටන් ඩී.සී. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ Southern Illinois විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

CARBONDALE, Ill. – Carbondale Southern Illinois විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර මෑතකාලීන ගිවිසුම් මගින් සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා නිර්මාණය කර ඇති අතර එමගින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ඇත.

තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් 2023 දෙසැම්බර් මාසයේදී SIU හි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලාංකේය සිසුන් සඳහා ඇති වටිනා අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, SIU සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර ඇති කර ගත හැකි සහයෝගීතාවන් පිළිබඳව මෙම සාකච්ඡාව සිදුවිය.

SIU වෙතින් ධනාත්මක සංවාදයකින් සහ විධිමත් යෝජනාවකින් පසුව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රට තුළ කීර්තිමත් රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන සමඟ මෙම අවස්ථාව බෙදා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර පුරා අවබෝධතා ගිවිසුම් (MOU) කිහිපයක් අත්සන් කර ඇත.

මෙය SIU වැනි තනි කීර්තිමත් ආයතනයක් හරහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළ බව සමරසිංහ මහතා පැවසීය.

SIU හි උපායමාර්ගික සැලැස්ම, Imagine 2030 සමඟ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම සහ එහි ශිෂ්‍ය සාර්ථකත්වය සහ විවිධත්වය, සමානාත්මතාවය සමඟ හොඳින් ගැලපේ යැයි පර්යේෂණ පිළිබඳ උපකුලපති සහ උපාධි පාසලේ පීඨාධිපති Costas Tsatsoulis පැවසීය.

ශ්‍රී ලංකාවේ සිසුන් ඇතුළු ජාත්‍යන්තර සිසුන් මෙම අධ්‍යාපන ආයතනය ඉහල නංවන බව Tsatsoulis පැවසීය. තවදුරටත් ශ්‍රී ලාංකික සිසුන්ගේ පැමිණීම මෙන්ම ඉහළ මට්ටමේ ඉගැන්වීමේ සාඩම්බර ඉතිහාසයක් ඇති මධ්‍යම බටහිර ආචාර්ය උපාධි පර්යේෂණ විශ්ව විද්‍යාලයක ඔවුන්ට ප්‍රායෝගික අවස්ථා ලබා දීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

NSBM හරිත විශ්වවිද්‍යාලය 2024 මාර්තු මාසයේදී SIU සමඟ සිය අවබෝධතා ගිවිසුම අවසන් කරන ලදී. ඒ සමඟම ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), බෞද්ධ අධ්‍යයන සඳහා වන නාගානන්ද ජාත්‍යන්තර ආයතනය (NIIBS) සහ හොරයිසන් කැම්පස් සමඟ මෑත කාලීන ගිවිසුම් ඇති කර ගන්නා ලද අතර එමගින් උසස් අධ්‍යාපනයේ සහයෝගීතාවයට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරන ලදී. SIU සහ මොරටුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය වැනි ආයතන අතර අතිරේක අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම මුලපිරීම අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා වන හවුල් කැපවීම ඉස්මතු කරයි.

"මෙම අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවේ සිසුන්ට දීප්තිමත් අනාගතයක් සඳහා මග පාදයි," යනුවෙන් සමරසිංහ මහතා පැවසීය. SIU හි මෙම ආරම්භය එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ආයතන අතර තවදුරටත් සහයෝගීතාවයට අනුබල දෙනු ඇතැයි පැවසූ තානාපතිවරයා, SIU Carbondale සහ එහි නිලධාරීන් - Costas Tsatsoulis සහ Karen Jones, සහකාර පීඨාධිපති සහ උපාධි පාසලේ අධ්‍යක්ෂ සහ Peter Li, ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෙත ඔවුන්ගේ නොසැලෙන උත්සාහය සහ කැපවීම වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පුද කර සිටියේය.

ප්‍රථම වරට 1869 දී සාමාන්‍ය විද්‍යාලයක් (ගුරුවරුන් සඳහා පාසලක්) ලෙස වරලත් Southern Illinois University Carbondale යනු එක්සත් ජනපද මහජන පර්යේෂණ විශ්ව විද්‍යාලයකි. SIU Carbondale සියලුම එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතන අතර පර්යේෂණ සඳහා ඉහළම 5% තුළ ශ්‍රේණිගත කර ඇති අතර, එය උසස් අධ්‍යාපන ආයතන සඳහා වන Carnegie වර්ගීකරණය මගින් ඉහළ පර්යේෂණ ක්‍රියාකාරකම් සහිත ආචාර්ය උපාධි විශ්ව විද්‍යාලයක් ලෙස නම් කර ඇත. මෙය වාර්ෂිකව පර්යේෂණ සඳහා සැලකිය යුතු බාහිර අරමුදල් ප්‍රමාණයක් ලැබෙන මෙන්ම, පුහුණුව සහ සේවා පදනම් වූ ප්‍රදාන සහ කොන්ත්‍රාත්තු සඳහා වන ආයතනයකි.

SIU Carbondale මාධ්‍ය සම්බන්ධතා සඳහා - Kim Rendfeld, kim.rendfeld@siu.edu, 765-426-3650 (ජංගම)

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය                                                                                                                  Southern Illinois University

වොෂින්ටන් ඩී.සී.                                                                                                                                     Carbondale

2024 නොවැම්බර් 05

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close