Following the revised instructions issued on 4 June 2020 by the Presidential Secretariat on the PCR testing and quarantine procedures for the members of the Diplomatic corps based/attached in Colombo when they enter/re-enter Sri Lanka in order to prevent and minimize the risk of the spread of the Coronavirus, the Ministry of Foreign Relations, took immediate action to convey the same to all Diplomatic Missions, the Representation Offices of the United Nations and its Specialized Agencies, International Organizations, Honorary Consulates resident in Colombo through diplomatic channels.
The revised instructions state as follows:
- The respective Diplomatic Missions may inform the Ministry of Foreign Relations (MFR) by a Note Verbal, the details of the diplomats and their family members who are scheduled for entry/ re-entry into Sri Lanka for the diplomatic assignments well in advance in order to obtain the prior approval from the concerned authorities.
- The members of the Diplomatic staff and their family members need to submit PCR test reports obtained within 72 hours prior to their departure from respective countries.
- If the members of the Diplomatic staff and their family members are unable to provide PCR test reports, they would be subjected to a mandatory PCR test at the Bandaranaike International Airport, Katunayake.
- Heads of Mission and family members will self-quarantine at the Official Residences. All other arriving Diplomatic staff and their family members will have to follow quarantine procedures at a hotel, recommended by the Government of Sri Lanka (if independent/separate residences are not available), for a period of 14 days, subject to concurrence and supervision of the Heads of Mission.
- The Diplomatic Missions/Representations need to inform the Ministry of Foreign Relations once the 14-day home quarantine is completed and submit the second PCR test report done by the Mission before the Officer resumes duties in the Mission as per the measures taken by the Mission to control and prevent the spread of Coronavirus.
- The Diplomatic Missions/Representations have to forward the travel details of the Diplomatic staff and their family members at least 48 hours prior to their departure to the Chief of Protocol of the Ministry.
The Foreign Ministry further notes that travel by Diplomatic Officers to Sri Lanka will be approved, subject to their concurrence to follow the above procedures issued by the Government of Sri Lanka.
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස්
කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින/කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට/නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් 2020 ජුනි 4 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව, එම උපදෙස් කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය වහාම පියවර ගත්තේය.
මෙම සංශෝධිත උපදෙස් පහත පරිදි වේ:
- අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිය හැකිය.
- එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වේ.
- එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.
- දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය.
- මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.
- රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතුය.
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවයට යටත්ව, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
-------------------------------------------
- சம்பந்தப்பட்ட அதிகாரிகளிடமிருந்து முன் அனுமதியைப் பெற்றுக்கொள்ளும் முகமாக, இராஜதந்திரப் பணிகளுக்காக இலங்கைக்குள் பிரவேசிப்பதற்கு / மீண்டும் விஜயம் செய்வதற்குத் திட்டமிட்டுள்ள இராஜதந்திரிகள் மற்றும் அவர்களது குடும்ப உறுப்பினர்களின் விவரங்களை வாய்மொழிக் குறிப்பொன்றின் மூலமாக குறித்த இராஜதந்திரத் தூதரகங்கள் வெளிநாட்டு உறவுகள் அமைச்சிற்கு முன்கூட்டியே தெரிவித்தல் வேண்டும்.
- குறித்த நாடுகளிலிருந்து புறப்படுவதற்கு முன்னரான 72 மணி நேரத்திற்குள் பெறப்பட்ட பி.சி.ஆர். பரிசோதனை அறிக்கைகளை இராஜதந்திர ஊழியர்களின் உறுப்பினர்களும், அவர்களது குடும்ப உறுப்பினர்களும் சமர்ப்பித்தல் வேண்டும்.
- இராஜதந்திர ஊழியர்களின் உறுப்பினர்கள் மற்றும் அவர்களது குடும்ப உறுப்பினர்களால் பி.சி.ஆர். பரிசோதனை அறிக்கைகளை வழங்க முடியாதவிடத்து, கட்டுநாயக்கவிலுள்ள பண்டாரநாயக்க சர்வதேச விமான நிலையத்தில் அவர்கள் கட்டாயமான பி.சி.ஆர். பரிசோதனைகளுக்கு உட்படுத்தப்படுவார்கள்.
- தூதரகத்தின் தலைவர்களும், அவர்களது குடும்ப உறுப்பினர்களும் தமது உத்தியோகபூர்வ வதிவிடங்களில் சுய தனிமைப்படுத்தலுக்கு உட்படுத்தப்படுவார்கள். விஜயம் செய்யும் ஏனைய அனைத்து தூதரக ஊழியர்களும் அவர்களது குடும்ப உறுப்பினர்களும், தூதரகத் தலைவர்களின் ஒத்திசைவு மற்றும் மேற்பார்வைக்கு உட்பட்ட வகையில், இலங்கை அரசாங்கத்தால் பரிந்துரைக்கப்படும் ஹோட்டலொன்றில் 14 நாட்களுக்கு தனிமைப்படுத்தல் நடைமுறைகளைப் பின்பற்றுதல் வேண்டும் (சுயாதீனமான / தனியான குடியிருப்புக்கள் கிடைக்காதவிடத்து).
- 14 நாள் வீட்டுத் தனிமைப்படுத்தல் நிறைவடைந்ததும், வெளிநாட்டு உறவுகள் அமைச்சிற்கு அது குறித்து இராஜதந்திரத் தூதரகங்கள் / பணிமனைகள் அறிவிக்க வேண்டியதுடன், கொரோனா வைரஸ் பரவுவதை கட்டுப்படுத்துவதற்காகவும், தடுப்பதற்காகவும் தூதரகம் முன்னெடுத்துள்ள நடவடிக்கைகளுக்கு அமைய, குறித்த அதிகாரி தூதரகத்தில் தனது கடமைகளை மீண்டும் ஆரம்பிப்பதற்கு முன்னதாக தூதரகம் மேற்கொண்ட இரண்டாவது பி.சி.ஆர். பரிசோதனை அறிக்கையை சமர்ப்பித்தல் வேண்டும்.
- தூதரக ஊழியர்கள் மற்றும் அவர்களது குடும்ப உறுப்பினர்களின் பிரயாண விவரங்களை அவர்கள் புறப்படுவதற்கு குறைந்தபட்சம் 48 மணி நேரத்திற்கு முன்னதாக அமைச்சின் உபசரணைப் பிரிவின் தலைவருக்கு இராஜதந்திரத் தூதரகங்கள் / பணிமனைகள் அனுப்பி வைத்தல் வேண்டும்.
வெளிநாட்டு உறவுகள் அமைச்சு
கொழும்பு
05 ஜூன் 2020