Permanent Delegate of Sri Lanka to UNESCO presents Credentials to Director General UNESCO

Permanent Delegate of Sri Lanka to UNESCO presents Credentials to Director General UNESCO

Sri Lanka’s Permanent Delegate to the United Nations Educational, Scientific and Cultural Organization (UNESCO) Manisha Gunasekera presented her Letters of Credence to the Director General of UNESCO Audrey Azoulay on 21 March 2023 at the UNESCO Headquarters in Paris. The ceremony entailed the presentation of credentials followed by a meeting with the Director General.

At the meeting, Ambassador Gunasekera reiterated Sri Lanka’s strong commitment to maintaining its proactive engagement with UNESCO in areas of shared interest and relevance encompassing education, cultural heritage, environment and the sciences.

Recalling the country’s long standing close relations with UNESCO since the early days of the organization, Ambassador Gunasekera referred to the 75th anniversary of Sri Lanka’s membership of the UN body which will be commemorated in 2024.  Director General Azoulay welcomed Sri Lanka’s strong and abiding ties with UNESCO as a testimony to the enduring significance of the organization to member states.

The discussion focused on Sri Lanka’s collaboration with UNESCO in sectors of relevance and the means of further enhancing existing cooperation. Director General Azoulay appreciated Sri Lanka’s valued contribution and commitment to UNESCO, and expressed her support towards the country’s continued engagement with the organization.

Ambassador Gunasekera also holds the post of the Ambassador of Sri Lanka to France.  She is a career diplomat with 27 years in the Sri Lanka Foreign Service.

Embassy of Sri Lanka

Paris

28 March 2023

............................

මාධ්‍ය නිවේදනය

යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන මනීෂා ගුණසේකර මැතිනිය 2023 මාර්තු 21 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසෝලේ මැතිනිය  වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූවා ය. අක්තපත්‍ර ලිපි පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

අධ්‍යාපනය, සංස්කෘතික උරුම, පරිසරය සහ විද්‍යාව යන අංශ ඇතුළත් හවුල් උනන්දුවක් සහ අදාළත්වයක් සහිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යුනෙස්කෝව සමඟ ක්‍රියාකාරී සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සතු දැඩි කැපවීම තානාපති ගුණසේකර මැතිනිය විසින් යළිදු අවධාරණය කරන ලදී.

යුනෙස්කෝ සංවිධානය ආරම්භ කළ මුල් අවධියේ පටන් යුනෙස්කෝව සමඟ ශ්‍රී ලංකාව පවත්නා දිගුකාලීන සමීප සබඳතා පිළිබඳව සිහිපත් කළ තානාපති ගුණසේකර මැතිනිය, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා 75 වසරක් සපිරීමේ සංවත්සරය 2024 වසරේ දී සැමරීමට නියමිත බවද සඳහන් කළා ය. ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමඟ පවත්නා දිගු කාලීන හා ශක්තිමත් සබඳතා, යුනෙස්කෝව දිගු කලක් මුළුල්ලේ සිය සාමාජික රටවල් සමඟ පවත්වන සබඳතාවන් හි සුවිශේෂීත්වය විදහා දක්වන බව අධ්‍යක්ෂ ජනරාල් අසෝලේ මැතිනිය විසින් සඳහන් කරන ලදී.

අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමඟ පවත්නා සහයෝගීතාව සහ වත්මන් සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද  පිළිබඳව ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව යුනෙස්කෝවට ලබා දෙන වටිනා දායකත්වය සහ කැපවීම අගය කළ අධ්‍යක්ෂ ජනරාල් අසෝලේ මැතිනිය, යුනෙස්කෝව සමඟ ශ්‍රී ලංකාව පවත්වන අඛණ්ඩ සබඳතාව වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා ය.

තානාපති  ගුණසේකර මැතිනිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරය ද හොබව යි. එතුමිය ශ්‍රී ලංකා විදේශ සේවය තුළ වසර 27ක අත්දැකීම් සහිත වෘත්තීයමය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසිය

2023 මාර්තු 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close