Press Conference by Foreign Minister Mangala Samaraweera: 25 October 2016

Press Conference by Foreign Minister Mangala Samaraweera: 25 October 2016

PC-FM25Oct

PC-FM25Oct


sunclouds Audio of Remarks to Media
YouTube Video of Remarks to Media 

 

Remarks to Media by Hon. Mangala Samaraweera, Minister of Foreign Affairs

Press Conference, Ministry of Foreign Affairs. 25 October 2016

 

Ladies & Gentlemen,

සුබ සන්ධ්‍යාවක් ජනමාධ්‍යවේදී මහත්ම මහත්මයාණනි,

පසුගිය දා, ඔක්තෝබර් මාසයේ 13 වැනිදා, යුනෙස්කෝ සංවිධානයේදී පලස්තීනය විසින් ගෙන එන ලද යෝජනාවේ දී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටීම ගැන යම් යම් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් කිඹුල් කඳුලු හෙළමින්, සැබෑ තත්ත්වය විකෘති කරමින් කටයුතු කරනවා. අන්න ඒ නිසා තමයි මම හිතුවේ මේ ගැන විදේශ ඇමතිවරයා හැටියට අපගේ ස්ථාවරය කුමක්ද කියලා මේ රටේ ජනතාවටත්, ජනමාධ්‍යයටත් පැහැදිලි කරන්න ඕනේ කියලා.

13 වැනිදා ඔක්තෝබර් මාසයේ පැරිස් නුවරදී  යුනෙස්කෝ සංවිධානයට පලස්තීනය විසින් ගෙන එන ලද යෝජනාව කුමක්ද කියලා මං තව ස්වල්ප මොහොතකින් පැහැදිලි කරන්නම්.  නමුත් එය වැලකී සිටින්නට ශ්‍රී ලංකාව හැටියට අපි තීරණය කළේ පලස්තීන විරෝධයක් මත නොව ප්‍රතිපත්තියමය කාරණාවක් උඩ. මොකද අපි ශ්‍රී ලංකාව පලස්තීන ප්‍රශ්නයේ ආරම්භයේ පටන්ම තම නිදහස සඳහා පලස්තීන ජනතාව ගෙන යන අරගලයට ශ්‍රී ලංකාව දිගින් දිගටම සහයෝගය දී තිබෙනවා. අදත් අපි ඒ සහයෝගය ඒ ආකාරයටම ලබා දෙනවා.  මේ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම කුමන පක්ෂයක් මේ රටේ හිටියත්, පාලනය කළත්, පලස්තීන ප්‍රතිපත්තිය කිසිම අවස්ථාවක වෙනස් උනේ නෑ.  අපි දන්නවා 1988 නොවැම්බර් මාසයේ 15 දා තමයි පලස්තීන රාජ්‍යය පිහිටුවීම සඳහා ප්‍රකාශනය සිදු කළේ.  ඇත්ත වශයෙන්ම ඒ ප්‍රකාශය නිකුත් කරලා  දින 3ක් යන්නට ඉස්සෙල්ලා  එනම් 1988 නොවැම්බර් මාසයේ 18 වන දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත්, ශ්‍රී ලංකා රජයත්, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තා.  ඇත්ත වශයෙන්ම ඒ ප්‍රතිපත්තිය අද වර්තමාන රජයත් නොකඩවා පවත්වගෙන ආපු මේ ප්‍රතිපත්තිය අදත් අපි පිළගන්නවා. 

පලස්තීන - ඊශ්‍රායල අර්බුදය සඳහා සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය වන බව දිගටම ශ්‍රී ලංකාව දැරූ මතයයි. තවද, නැගෙනහිර ජෙරුසෙලම අගනුවර ලෙස පවතින ස්වාධීන ස්වෛරී  පලස්තීන රාජ්‍යයක් බිහි කර ගැනීමට ශ්‍රී ලංකාව නොකඩවා සහයෝගය ලබා දී තිබෙන අතර, ඊශ්‍රායලයට ස්වාධීන රාජයයක් ලෙස පැවතීමට ඇති සුජාත අයිතිය  රයිට් ටු එග්සිස්ට්, එයත් අපි පිළි අරගෙන අපි හැමදාම මේ දැවැන්ත ප්‍රශ්නයේ දී ටු ස්ටේට් විසඳුම, ටු ස්ටේට් සොලුයුෂන් එකට සහයෝගය දුන්නා. ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධ රාජ්‍යයන් දෙකක් පිළිබඳ විසඳුමට ශ්‍රී ලංකාව දිගින් දිගටම පූර්ණ සහයෝගය ලබා දෙනවා. පැහැදිලි දේශ සීමා සහිතව ඊශ්‍රාලය සමග සාමයෙන් අසල්වැසියන්  ලෙස ජීවත් විය හැකි පලස්තීන රාජ්‍යක් බිහි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව හැකි සෑම දායකත්වයක්ම මේ දක්වා ලබා දී තියෙනවා. මෙම මතය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත පලස්තීනය සඳහා වන අනාගත දැක්ම සමග ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගන්නා  ලද යෝජනා සමග ද සම්පුර්නයෙන්ම ගැලපෙනවා.

 පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජික රාජ්‍යයක් ලෙස ඇතුලත් කරගැනීම සඳහා වූ ඉල්ලීමට ද ශ්‍රී ලංකාව දිගින් දිගටම සහයෝගය ලබා දීලා තියෙනවා.  ඒ විතරක් නෙවෙයි පසුගිය වසරේ 2015 සැප්තැම්බර් මාසයේදී සාමාජික නොවන නිරීක්ෂණ රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය ජාතික කොඩිය එසවීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට ද පලස්තීනය වෙත ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා.  එම යෝජනාව ශ්‍රී ලංකාවෙත් සහයෝගය ඇතුව සම්මතවීමත් සමගම පලස්තීනයේ කොඩිය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දැන් ඔසවා තිබෙනවා. ඒකත් පලස්තීනය ලබපු ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා.  ඒ වගේම පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ඊශ්‍රායලය විසින් යටත් කරගෙන තිබෙන ප්‍රදේශ සඳහා වන එක්සත් ජාතින්ගේ විශේෂ කොමිටියේ සභාපතිත්වය දශක 3කටත් වැඩි කාලයක් ශ්‍රී ලංකාව විසින් දරා තිබෙනවා.  තවමත් එය හිමිවන්නේ ශ්‍රි ලංකාවේ කෙනෙකුට, ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකුට.  ඇත්තෙන්ම මේ‍ යුනස්කෝ සංවිධානයේ දී 13 වැනිදා ගෙනාපු යෝජනාව තමයි ජෙරුසෙලමේ ටෙම්පල් මවුන්ට් කියන පූජනීය ප්‍රදේශයේ තියෙන ඒ අවට තියෙන පූජනීය ස්ථාන ඒවාට අනන්‍ය වූ අරාබි නම් වලින් පමණක් හැඳින්විය යුතුයි කියලයි මේ යෝජනාව තිබුණේ.  මෙම ප්‍රදේශය, මෙම ටෙම්පල් මවුන්ට් කියන ඒ සම්පූර්ණ ප්‍රදේශය මුළු ලෝකයේ ‍ඓතිහාසික ප්‍රදේශයක්.  ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශයේ මේ ලෝකයේ බිහි වූ ප්‍රධානතම ආගම් 3ක සිද්ධස්ථාන තියෙනවා.

ඇත්ත වශයෙන්ම, යේසුස් වහන්සේ මේ ප්‍රදේශයේ ජීවත් වුනැයි කියලා කියනවා. ක්‍රිස්තියානු ඉතිහාසය මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම යුදෙව් ඉතිහාසය මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගමේ ඉතිහාසයත් මේ ප්‍රදේශය තුළ තියෙනවා.   මේ ආගම් තුනටම මේ ලෝකයේ ඓතිහාසික පැරණි ආගම් තුනකටම අයිති පූජනීය ස්ථානයක් හැටියටයි අපි මේ ප්‍රදේශය දකින්නේ. එම පූජනීය ප්‍රදේශයට ඇතුලත් වීමට සීමා පැනවීම, එහි ඇති ආගමික පුරාවස්තු සැඟවීම, හා ඉවත් කිරීම එම ආගමික සම්ප්‍රදායයන් පහත්කොට සැලකීමක් වන අතර, ඒ මගින් එම ස්ථානයේ පූජනීයත්වය කෙලෙසී යනවා කියලත් එහි අධ්‍යක්ෂක ජනරාල් එරීනා බොකෝවා මහත්මිය පැහැදිලි කළා. ඒ වගේම ලංකා රජයත්, සියලුම ආගම් අපේ රට තුළත්, රැක ගැනීමට ආරක්ෂා කර ගැනීමට අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට දිගින් දිගටම කටයුතු කරපු රජයක් හැටියට එක ආගමකට පමණක් මේ නම් සීමා කරන්නට කරපු උත්සහයට අපිට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවෙන්න බැරි කමක් තිබුණ නිසා අපි විරුද්ධ වුනේ නෑ. අපි ඡන්දය දීමෙන් වැළකී සිටියා.  ඇත්තෙන්ම කියනවා නම් මෙම යෝජනාවට පක්ෂව රටවල් 23ක් ඡන්දය පාවිච්චි කරනකොට තවත් රටවල් 28ක් ශ්‍රී ලංකාව වගේම ඡන්දය දීමෙන් වැළකී හිටියා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාව, නේපාලය අපේ කළාපයේ තියෙන අපේ රටවල් දෙකක්,  මේ රටවල් දෙකත් අපි වගේම ඡන්දය දීමෙන් වැළකී සිටියා ඒ වගේම තවත් රටවල් රාශියක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. නමුත් ඒ හැම රටක්ම පලස්තීන ප්‍රශ්නයේ දී පලස්තීනයේ සැබෑ මිතුරන් හැටියට කටයුතු කරපු අය.

ඇත්ත වශයෙන්ම මෙම යෝජනාවට විපක්ෂව දුන්නෙ රටවල් හයයි. ඒ රටවල් හය තමයි එස්තෝනියාව, ජර්මනිය, ලිතුවේනියාව, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය, හා ඇමරිකා එක්සත් ජනපදය.  දැන් මම දැක්කා විශේෂයෙන්ම පසුගිය කාලේ රාජපක්ෂ සමයේ මේ රට තුල මුස්ලිම් සිංහල කෝලහාල ඇති කරන කොට ඒවා සාධාරණීයකරනය කරපු යම් යම් යල් පැනපු, ඩේට් පැනපු බංකොලොත් මුස්ලිම් දේශපාලනඥයන් දැන් මේ තත්ත්වය ගැන කිඹුල් කඳුළු හළලා කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම්වලට ශ්‍රී ලංකාව පලස්තීනයට විරුද්ධව ඡන්දය දුන්නා කියලා.  මම යළි වතාවක් පැහැදිලිවම කියනවා, අපි ඡන්දය දුන්නේ අපේ ප්‍රතිපත්ති උඩ මිසක් කිසිම රටකට විරුද්ධව නෙවෙයි.  අපි ඡන්දය නොදී හිටියේ, ඡන්දය නොදී හටියේ කිසිම රටකට තියෙන තරහෙන් නෙමෙයි, ඒ අය කොන් කරන්න නෙමෙයි.  නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂයෙන්ම ලංකාව තුළත් සෑම ආගමකම අයිතීන් වෙනුවෙන් සටන් කරන  ඇමතිවරයෙක් හැටියට, ආණ්ඩුවක් හැටියට අපිට කිසිසේත්ම මේ යෝජනාවට පක්ෂ වෙන්න හෝ පක්ෂ වෙන්න බැරි කමක් තිබුණා වගේම පලස්තීනය කියන්නේ අපේ විශේෂ මිත්‍රයෙක් නිසා අපි එයට විරුද්ධවෙන්නෙත් නැතිව අපි ඡන්දය දීමෙන් වැළකී සිටියා. මෙන්න මේක තමයි ඇත්ත තත්ත්වය.  අපි විශේෂයෙන්ම ඕනෑම රටක ජීවත්වන ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන්, භාෂා අයිතීන් වෙනුවෙන්, ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් හැමදාම සටන් කරලා තියෙනවා.

ලංකාවේ අපිට මතකයි විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව තියෙන කාලේ රජයේ ආරක්ෂක ලේකම්වරයා හරහා පෝෂණය වුන අන්තවාදී සංවිධාන බුදුබල සේනා කියලා තිබුණා, මොන රාවයද කියලා තිබුණා,  විවිධ මුස්ලිම් විරෝධි සංවිධාන තිබුණා, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් හලාල් විරෝධි ව්‍යාපාර ඇති වුණා.  මුස්ලිම් ව්‍යාපාර අපිට මතකයි විනාශ කරනවා.  නෝ ලිමිට්, ෆැෂන් බග් වැනි ආයතන වලට විවිධ අන්තවාදීන් ඇවිල්ලා පහර දුන්නා, ගිනි තිබ්බා, ඒවායේ වැඩ කරපු අයට මැර බලය පාවිච්චි කරා, එකකිදුවත්  පොලීසිය ක්‍රියාත්මක වුනේ නෑ. එදා ඒ හැම වෙලේම හැම දෙයක්ම පවතින රජය විසින් ආරක්ෂා වුණා. පාර්ලිමේන්තුවේදී පවා මම පැහැදිලිවම ඒ කාලේ  කිව්වා මේ මුස්ලිම් විරෝධී කටයුතු කරගෙන යන්නේ රාජ්‍ය ලේකම්, ආරක්ෂක ලේකම්වරයාගේ දැනුවත්කම උඩ කියලා. නමුත් එහෙම මෙවැනි තත්ත්වයක් ඇතිකරන්නට කටයුතු කරපු අය අද යළිත් වතාවක් මුස්ලිම් ජනතාව ඉදිරියට ගිහිල්ලා කිඹුල් කඳුළු හෙළනවා.  යළි වතාවක් ජාතිවාදය එක පැත්තකින් ජාති වාදී අන්තවාදීන්ව තවමත් පෝෂණය කරමින් දැන් මුස්ලිම් ජනතාවත් නොමග යවන්න හදන උත්සහය අපි තරයේ හෙළා දකිමින් රජයක් හැටියට අපි මේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියළු ජනතාවට සමානත්වයෙන්, ආත්මගරුත්වයෙන්, අභිමානයෙන් ජීවත්වෙන්නට පුළුවන් සමාජයක් ඇති කරන බවට මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.  බොහෝම ස්තූතියි.

මුකුත් තියෙනවාද?  ඔක්කොම සිංහල කථා කරන අයනේ මේකම ගන්න.

ප්‍ර:   ඇමරිකාවේ කළ සංචාරයක දී ලංකාවේ ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවට එහි සිටි සංවිධාන වලට ප්‍රකාශ කළා කියලා මාධ්‍ය තුළ පළවුණා.  එහි සත්‍යතාවයක් තියෙනවද?

පි:   මම ...ඔය පළවෙලා තියෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ශ්‍රී ලාංකිකයන් හමුවුන අවස්ථාවේදී වර්තමාන තත්ත්වය ගැන කියලා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සියලුම ජාතීන්ට සමානත්වයෙන්, ගරුත්වයෙන්, අභිමානයෙන් ජීවත් වන්නට පුළුවන් නොබෙදුන එක්සත් රාජ්‍යයක් බිහි කිරීමේ කෙටුම්පත හැටියට අපේ අලුත් ව්‍යවස්ථාව දකිනවා කිව්වා.  ඊට වඩා දෙයක් කිව්වේ නැහැ.  අනිත් පැත්තෙන් ෆෙඩරල් කියන්නෙත් මේ බෙදුනු රටක් නෙමෙයි.  ඇත්ත වශයෙන්ම 1997 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ රජය යටතේ  ජී.එල්. පීරිස් ඇමතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව එදා ඇත්තම කියතොත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් 97.  නමුත් අද අපි පැහැදිලිවම කියලා තියෙනවා අද මේ රටේ ජනතාව එවැනි ව්‍යවස්ථාවක් ගැන යම් යම් ප්‍රශ්න තියෙන නිසා නොබෙදුන එක්සත් රටක් වෙනුවෙන් පමණයි අපි ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්නේ.  ෆෙඩරල්, ෆෙඩරල් කියලා දැන් ජනතාව නොමග යවන්න බය කරන්න යම් කණ්ඩායම් උත්සහ කළත් අපි දැඩි ලෙස විශ්වාස කරනවා නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පත මේ රටේ ජනතාවගේ බහුතරයකගේ කැමැත්තෙන් අපිට සම්මත කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. 

ප්‍ර:   (පැහැදිලි නැත)

පි:   මේක ව්‍යවස්ථාව ගැන නොවෙයි. ඇත්තෙන්ම මේක මේ වෙන ප්‍රශ්නයක් ගැන. මොකද, මේ ව්‍යවස්ථාව ගැන අහන්න ඕනේ නම් ඒ අදාළ පුද්ගලයන්ගෙන් අහන්න. මට දෙන්න පුළුවන් සීමා සහිත පිළිතුරු විතරයි.

ප්‍ර:   ටී.එන්.ඒ. එකේ සහයෝගය කොහොමද? මේ අලුත් ව්‍යවස්ථාව නිසා මේ ඉදිරිපත් කිරීමේදී සහ විශේෂයෙන් දේශපාලන විසඳුමේ දී  මේ රජයයි ටී.එන්.ඒ....(පැහැදිලි නැත)

පි:   මම ඒ කමිටුවේ නැහැ. ඒක නිසා මට එම ප්‍රශ්නයට පිළිතුරු දීමේ හැකියාවක් නෑ.

Q:  Intelligible  

A: This is what I am  saying  I mean these groups  are being misled by bankrupt political entities who remain  silent when  this country was taken on to the precipice   of a ethnic clash in 2014 and 2013 . In fact,  we remember   how the government  of the day  acted when Bodubala Sena goons  and went  and attacked innocent people in Beruwela. We still remember how various mysterious goons squads had gone at night and attacked business establishment like No Limit  and Fashion Bug and other Muslim institutions in the night. The one in Panadura was set on fire. I remember going to visit it myself.  I went to the Beruwela area myself when that happened,  although we were in the opposition and the government was deafening in it's silence and the very people who are now trying to create tensions within the Muslim community and the government- by misrepresenting the facts, are the very one who remained silent when their own kith and kin were attacked at that time.  This chap, Aswar- where was he?  I remember him defending the government.

      In 2013 in that period, they were basically the ones who defended every action of the most racist   government  Sri Lanka has ever seen, so  I feel that Muslim people in this country are far to intelligent and they know and their intelligent enough  to distinguish between real friends and opportunistic friends.

ප්‍ර:   (පැහැදිලි නැත)      

පි:   මම මේ ආවේ ජෙරුසෙලම ගැන කථා කරන්න.  ඒක ඇත්තටම මට අදාල විෂයක් නෙවෙයි. අපිත් කැමතියි ඉක්මනටම මං මාතර පැත්ත නම් අපි ලෑස්තිවෙලා ඉන්නේ ඕන වෙලාවක ඡන්දෙකට යන්න.

ප්‍ර:   ඇමතිතුමා, අද උදේ බන්ධුල ගුණවර්ධන එම්.පී කියලා තිබුනා ලංකාවේ මීඩියා ෆ්‍රීඩම් ලංකාවේ  නෑ කියලා ජාත්‍යන්තරයට කියලා මේ ඉන්න ලංකාවේ යහපාලන ආණ්ඩුව කියන්න බෑ කියලා කිව්වා ඒකට උදාහරණයක් විදියට  ඊට කලින් දවසේ ප්‍රයිම් මිනිස්ටර් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වලින් නම් කියලා තර්ජනය කරා ඊයේ පෙරේදා තව ප්‍රයිවෙට් චැනල් එකට ලයිසන්ස් කැන්සල් කරලා තියෙනවා ඒ නිසා ලංකාවේ මීඩියා ෆ්‍රීඩම් නෑ කියලා තිබ්බා.

පි:   කාගේවත් කැන්සල් කරලා නෑ.  ඒක සම්පූර්ණයෙන්ම ..(පැහැදිලි නෑ)

ප්‍ර:   සී.එස්.එන්.

පි:   නෑ. සී.එස්.එන්. ආයතනය කැන්සල් කළේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්නෙකදි නෙවෙයි. සී.එස්.එන්. ආයතනය කියන්නේ හොර සල්ලි වලින් පටන් ගත්ත ආයතනයක් නිසා.  සී.එස්.එන්. ආයතනය විතරක් නෙවෙයි උදාහරනයක් හැටියට මාතර බ්‍රවුන්ස් හිල් එකේ බැසිල් රාජපක්ෂ හොරෙන් ගත්ත ඉඩම් මේ වෙනකොට රජය පවරගන්න කටයුතු කරමින් ඉන්නවා. පවරගත්තයින් පස්සේ අපි, එතන දකුණේ තරුණයන්ගේ පුහුණුව සඳහා හෝටල් පාසලක් අපි ඉදිකරනවා.

        ඒ වගේම අපි දැක්කා මල්වාන ප්‍රදේශයේත් ඒ හොරට ගන්න ඉඩම්, හොරට ගන්න ආයතන, හොරට ගන්න ව්‍යාපාර තියෙනවනම් ඒ හැම එකක්ම නීතිය තුළින් රාජ සන්තක කරලා මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදි කරනවා. සී.එස්.එන්. ආයතනය ජනමාධ්‍ය නිදහස හා සම්බන්ධ කරන්න එපා ගෑවිලාවත් නෑ.  දෙවනුව, ඔබතුමා කිව්වා අගමැතිතුමා තර්ජනය කරයි කියලා. නෑ, අගමැතිතුමා ජනමාධ්‍ය විවේචනය කළා.  ඔව්  ඔබතුමන්ලාට අපිව විවේචනය කරන්න තියෙන අයිතිය වගේම අපිටත් ජනමාධ්‍ය විවේචනය කරන්න අයිතියක් තියෙනවා. නමුත් එතනින් එච්චරයි. විවේචනය කරයි කියලා සුදු වෑන් එවන්නෙත් නෑ. අර පෝද්දල ජයන්තලට වගේ ඇවිල්ලා වාහනවල දාලා ගිහිල්ලා රැවුල කපලා පහර දෙන්නෙත් නෑ. ලසන්ත වික්‍රමතුංගල වගේ අමු අමුවේ මරන්නෙත් නෑ. ඒක නිසා ජනමාධ්‍ය නිදහසක් නැහැයි කියලා කියන්න එපා. මේ විවේචනය කරයි කියලා අපි ඕන තරම් විවේචනය කරනවා.

        සක්‍රීය ජනමාධ්‍ය කලාවක් තියෙන ඕනෙම රටක ආණ්ඩුවයි ජනමාධ්‍යයයි අතර සක්‍රීය සංවාදයක් තියෙන්න ඕනේ. නමුත්, එක පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට යට වෙන්න ඕනේ නෑ. ඔබතුමන්ලා අපිත් එක්ක සංවාද කරන්න අපි ඔබතුමන්ලා එක්ක සංවාද කරන්නම්. ඒකෙන් කියන්නේ නෑ ඔබතුමන්ලාට තර්ජනයක් තියෙනවා මර්ධනයක් තියෙනවා කියලා.   ඒක තමයි කියන්නේ a living dynamic media culture කියන එක. සක්‍රිය මාධය සංස්කෘතියක් අද මේ රට තුළ ඇති වෙලා තියෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා.

ප්‍ර:   ඇමතිතුමා පසුගිය දවස්වල සිවිල් සමාජයට චෝදනා එල්ල වෙලා තිබුනා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් සමග විවිධ ඇමතිවරු චෝදනා කරලා තිබුනා, සිවිල් සමාජයට ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස ?

පි:   නෑ.  සිවිල් සමාජයට මම නම් චෝදනා කරන්නේ නෑ.  මම මාධ්‍යයට චෝදනා කරන්නේ නෑ වගේම මොකද මාධ්‍යයේ වැරැද්දක් තිබුණොත් අපි බනීවි, විවේචනය කරාවි නමුත් මේ ආණ්ඩුව ඇති කරන්න සිවිල් සමාජය අපිට විශාල කාර්ය භාරයක් කරා. ඒ අයගේත් අඩු පාඩු තියෙනවනම් අපි ඒවා හදා ගන්න ඕනේ අපේ අඩු පාඩු තියෙනවානම් අපි හදාගෙන ජනවාරි මාසේ 8 වැනිදා ලබා දීපු ජනවරම පාවා නොදී ඉදිරියට ගෙනයන්නට අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ.  ඒ අනුව ඇත්ත වශයෙන් ඔය කිය කිය ජනමාධ්‍ය වලට ප්‍රකාශ කරනවාට වඩා දේවල් අද මේ රටේ ඇති වෙමින් තියෙනවා.  අද අපි මහා සංවර්ධනයකට පා තබනවා මේ අය වැයත් සමග 27 වැනිදා අපේ අගමැතිතුමාගේ  ආර්ථික ප්‍රකාශණයත් සමග මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම අපි අත්සන් කරන දැවැන්ත ගිවිසුම් සමග මේ රටේ ජනතාවට දැන් දිනන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.  ජනතාව අපේ ආණ්ඩුව දිනෙව්වා දෙවතාවක් ගිය අවුරුදේ.  දැන් අපි මේ රටේ ජනතාව දිනවන්න ලැස්තියි. දැන් ජනතාවගේ වාරය දිනන්න.  අන්න ඒ වාරය දැන් ආරම්භ වෙමින් තියෙන්නේ අන්න එතනට අපි ආවා.  මේ තියෙන අනිත් දේවල් වලින් අපේ සැබෑ අරමුණ මං හිතන්නේ අමතක කරන්න බෑ.

Q;  After President’s recent statement there is a serious credibility towards government commitment to good governance and accountability. Are you still committed toward  this goal ?

 

A: Please judge us not by our statements but by our actions. That's all I have to say. Whatever the President or anyone who say, we have not veered away from our original mandate of creating a dynamic, vibrant democracy in Sri Lanka, where all people can live in unity and harmony . So again, my message  to you is, judge us by our actions and not by our words alone. 

 

Q: Intelligible  

 

A; No we are in, I think that there are reasonably good proposals. But we will consider all the proposals

    once the final report is released, I believe sometime in November.

 

Thank you .


Print Friendly, PDF & Email
Please follow and like us:

Close