The Ministry of Foreign Affairs launched online authentication process for birth, marriage and death certificates, in partnership with the Registrar General’s Department at a ceremony held on September 2, 2024 at the Ministry of Foreign Affairs.
With the new online process, Sri Lankan citizens can apply for the authentication of their birth, marriage, and death certificates through the Consular Affairs Division’s online platform. The authenticated certificates will be sent to the applicant via email, eliminating the need for in-person application or collection of the authenticated documents.
The event was attended by Foreign Minister Ali Sabry, Foreign Affairs State Minister Tharaka Balasuriya, Acting Secretary Foreign Affairs Shanika Dissanayake, Registrar General Samantha Wijayasinghe, Commissioner General of Examinations Amith Jayasundara, Director General of Consular Affairs Sisira Senavirathne, and other senior officials.
In his remarks, Foreign Minister Ali Sabry, emphasized the significance of digitizing document authentication services to enhance efficiency and effectiveness for the public. He noted that the Ministry’s journey in online document authentication began with the launch of online verification for GCE O/L and A/L certificates in collaboration with the Department of Examinations, marking a major milestone in the digital transition.
The Minister also highlighted that the introduction of online authentication for birth, marriage, and death certificates issued by the Registrar General's Department, represents another key advancement in the digitalization process. It was also highlighted that educational certificates and birth, marriage, and death certificates together constitute approximately 55 percent of the documents authenticated daily by the Consular Affairs Division.
The Consular Affairs Division has taken further steps to enhance its online document authentication services by integrating its Electronic Document Authentication System (e-DAS) with other key government authorities and entities, which include local universities, Sri Lanka Medical Council, Sri Lanka Police, the Department of Motor Traffic, TVEC, Department of the Registrar of Companies, British Council, and trade chambers, thereby making document authentication services available to the public effectively.
The procedures for online authentication of birth, marriage, and death certificates are as follows:
- Visit the official website of the Ministry of Foreign Affairs and submit an online application through the portal provided: https://mfa.gov.lk/online-consular-services/
- Once the details are submitted, applicants will receive a link to make the required payments. The fees for certificate generation and authentication should be paid online through this link.
- After completing the transaction, the authenticated document (customer copy) will be emailed to the address provided by the applicant. The customer copy needs to be submitted to the relevant foreign missions as required.
For any inquires, the Consular Affairs Division of the Ministry can be reached at telephone number 011-2338812 or 0112-446302, and via e-mail at: authentication.consular@mfa.gov.lk
Ministry of Foreign Affairs
Colombo
03 September 2024
.......................
මාධ්‍ය නිවේදනය
විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාව සඳහා උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ සේවාව දියත් කරයි
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් 02 වැනි දින එම අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී දියත් කරනු ලැබිණි.
නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය සඳහා ඉල්ලුම් කළ හැකිය. අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබා ගැනීමට පැමිණිමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.
විදේශ අමාත්‍ය අලි සබ්රි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, වැඩබලන විදේශ ලේකම් ශානිකා දිසානායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිය අදහස් දැක්වීමේදී මහජනතාව සඳහා සේවා සැපයීමේදී කාර්යක්ෂමතාව සහ ඵලදායීබව ඉහළ නැංවීම පිණිස ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඩිජිටල් සංක්රාන්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ සහතික සඳහා මාර්ගගත සත්‍යාපනය දියත් කිරීමත් සමඟ අමාත්‍යාංශයේ මාර්ගගත ලේඛන සත්‍යාපනයේ ගමන් මග ආරම්භ වූ බව ඔහු සඳහන් කළේය.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහතික සඳහා මාර්ගගත සත්‍යාපනය හඳුන්වාදීම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ප්‍රධාන සංධිස්ථානයක් සනිටුහන් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. අධ්‍යාපන සහතික සහ උප්පැන්න, විවාහ, මරණ සහතික ප්‍රමාණය එක්ව ගත් විට කොන්සියුලර් කටයුතු අංශය මගින් දෛනිකව සත්‍යාපනය කරන ලියකියවිලිවලින් එය දළ වශයෙන් 55% ක ප්‍රමාණයක් වන බවද අවධාරණය කෙරිණි.
කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබා ගත හැකිවන පරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා වෙළෙඳ මණ්ඩල ඇතුළු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අධිකාරීන් සහ ආයතන සමඟ ඒකාබද්ධ කරමින් සිය මාර්ගගත ලේඛන සත්‍යාපන සේවා වැඩිදියුණු කිරීමට වැඩිදුර පියවර ගෙන ඇත.
උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල මාර්ගගත සත්‍යාපනය සඳහා වූ ක්‍රියා පටිපාටිය පහත පරිදි වේ:
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස සපයා ඇති ද්වාරය හරහා මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කරන්න: https://mfa.gov.lk/online-consular-services/
- විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබෙනු ඇත. සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතුය.
- ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය (පාරිභෝගික පිටපත) අයදුම්කරු විසින් සපයන ලද ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ. අවශ්‍ය පරිදි පාරිභෝගික පිටපත අදාළ විදේශ දූත මණ්ඩල වෙත ඉදිරිපත් කළ යුතුය.
අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංක වන 011-2338812 /0112-446302 ඇමතීම මගින් හෝ authentication.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධවීමෙන් මේ පිළිබඳ විමසීම් සිදු කළ හැක.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 සැප්තැම්බර් 04 වැනි දින