Minister of Foreign Affairs addresses the 19th BIMSTEC Minister’s Meeting

Minister of Foreign Affairs addresses the 19th BIMSTEC Minister’s Meeting

Minister of Foreign Affairs M.U.M. Ali Sabry addressed the 19th Minister’s Meeting of the Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) held in virtual mode on 09 March 2023.

Addressing the meeting, Minister Ali Sabry stated that as the trajectory of global economic growth shifts towards Asia, the trade and investment component of the BIMSTEC countries needs to be revitalised to stay relevant. He further opined on the need to strengthen the collaborative efforts to enhance intra-regional trade focusing on each country’s comparative advantages, emphasising that BIMSTEC should take the lead in becoming a conduit to build a robust and dynamic private sector network to enhance the flow of trade and investment. In this context, the Minister reiterated Sri Lanka’s commitment to working proactively in areas of trade and investment and extended Sri Lanka’s fullest support to build a transnational network of business entities which would spur intra-regional investments to create a transformative economic growth for all.

The meeting deliberated important agenda items such as the BIMSTEC Bangkok Vision 2030, the Agreement on Maritime Transport Connectivity and the establishment of a Group of Eminent Persons of the BIMSTEC, among many others. Under the chairmanship of Thailand, the Ministerial Meeting was chaired by the Deputy Prime Minister and Minister of Foreign Affairs of Thailand with the participation of Ministers of Foreign Affairs of the BIMSTEC Member States, namely, Bangladesh, Bhutan, India, Nepal, Myanmar and Sri Lanka.

Ministry of Foreign Affairs

Colombo

10 March 2023

............................................

මාධ්‍ය නිවේදනය

විදේශ කටයුතු අමාත්‍යවරයා 19 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම අමතයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 09 වැනි දින අතථ්‍ය ආකාරයෙන් පැවති බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 19 වැනි අමාත්‍ය රැස්වීම ඇමතී ය.

රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ගෝලීය ආර්ථික වර්ධන ගමන් පථය ආසියාව දෙසට යොමුව ඇති බැවින්, ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා බිම්ස්ටෙක් රටවල වෙළඳ හා ආයෝජන සංරචකය යළි පුබුදුවාළිය යුතු බව සඳහන් කළේ ය. එක් එක් රටවල සංසන්දනාත්මක ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර් කලාපීය වෙළඳාම ඉහළ නැංවීම සඳහා සහයෝගිතා ප්‍රයත්න ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද එතුමා තවදුරටත් අදහස් දැක්වී ය. වෙළඳ හා ආයෝජන ප්‍රවාහය වැඩිදියුණු කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වූත් ගතික බවින් යුක්ත වූත් පෞද්ගලික අංශ ජාලයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන මෙවලමක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය පෙරමුණ ගත යුතු බවද එතුමා මෙහිදී අවධාරණය කළේ ය. මෙවැනි පසුබිමක් තුළ, වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව පවතින කැපවීම පිළිබඳව යළිදු අවධාරණය කළ අමාත්‍යවරයා, සියලු දෙනාටම පරිවර්තනීය ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා ඉවහල් වන, අන්තර් කලාපීය ආයෝජන දිරිගන්වන අන්තර් ජාතික ව්‍යාපාරික ආයතන ජාලයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන් කළේ ය.

මෙම රැස්වීම අතරතුර, බිම්ස්ටෙක් බැංකොක් දැක්ම 2030 (BIMSTEC Bangkok Vision 2030), සමුද්‍රීය ප්‍රවාහන සම්බන්ධතා පිළිබඳ ගිවිසුම සහ බිම්ස්ටෙක් හි කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවීම වැනි වැදගත් කරුණු සාකච්ඡාවට බඳුන් කෙරිණි. තායිලන්තයේ සභාපතිත්වය යටතේ පැවති මෙම අමාත්‍ය රැස්වීම, තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන බිම්ස්ටෙක් රටවල විදේශ කටයුතු අමාත්‍යවරු ඊට සහභාගි වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2023 මාර්තු 10 වැනි දින

...................................

ஊடக வெளியீடு

 19வது பிம்ஸ்டெக் அமைச்சர்கள் கூட்டத்தில் வெளிநாட்டு அலுவல்கள்  அமைச்சர் உரை

2023 மார்ச் 09ஆந் திகதி இணையவழி மெய்நிகர் முறையில் நடைபெற்ற பல்துறை தொழில்நுட்ப மற்றும் பொருளாதார ஒத்துழைப்புக்கான வங்காள விரிகுடா முன்முயற்சியின் (பிம்ஸ்டெக்) 19வது அமைச்சர்கள் கூட்டத்தில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் எம்.யு.எம். அலி சப்ரி உரையாற்றினார்.

கூட்டத்தில் உரையாற்றிய அமைச்சர் அலி சப்ரி, உலகப் பொருளாதார வளர்ச்சியின் பாதை ஆசியாவை நோக்கி நகர்வதால், பிம்ஸ்டெக் நாடுகளின் வர்த்தகம் மற்றும் முதலீட்டுக் கூறுகள் தொடர்புடையதாக இருப்பதற்காக புத்துயிர் பெற வேண்டும் எனக் குறிப்பிட்டார். வர்த்தகம் மற்றும் முதலீட்டின் ஓட்டத்தை மேம்படுத்துவதற்கு வலுவான மற்றும் ஆற்றல்மிக்க தனியார் துறை வலையமைப்பை உருவாக்குவதற்கான ஒரு வழித்தடமாக மாறுவதற்காக பிம்ஸ்டெக் முன்னணி வகிக்க வேண்டும் என்பதை வலியுறுத்தி, ஒவ்வொரு நாட்டினதும் ஒப்பீட்டு நன்மைகளை மையமாகக் கொண்டு, பிராந்திய வர்த்தகத்தை மேம்படுத்துவதற்கான கூட்டு முயற்சிகளை வலுப்படுத்த வேண்டியதன் அவசியத்தை அவர் மேலும் தெரிவித்தார். இந்தச் சூழலில், வர்த்தகம் மற்றும் முதலீட்டுத் துறைகளில் முன்னெச்சரிக்கையுடன் பணியாற்றுவதற்கான இலங்கையின் உறுதிப்பாட்டை அமைச்சர் மீண்டும் வலியுறுத்தினார். மேலும், அனைவருக்கும் உருமாறும் பொருளாதார வளர்ச்சியை உருவாக்குவதற்காக, உள்ளகப் பிராந்திய முதலீடுகளை ஊக்குவிக்கும் வகையில், நாடுகடந்த வணிக நிறுவனங்களின் வலையமைப்பைக் கட்டியெழுப்புவதற்கான இலங்கையின் முழுமையான ஆதரவையும் அவர் வெளிப்படுத்தினார்.

பிம்ஸ்டெக் பாங்கொக் விஷன் 2030, கடல்சார் போக்குவரத்து இணைப்புக்கான ஒப்பந்தம் மற்றும் பிம்ஸ்டெக்கின் தலைசிறந்த நபர்களின் குழுவை நிறுவுதல் போன்ற முக்கியமான நிகழ்ச்சி நிரல்கள் தொடர்பில் இந்தக் கூட்டத்தில் கலந்துரையாடப்பட்டது. தாய்லாந்தின் தலைமைத்துவத்தின் கீழ், பிம்ஸ்டெக் உறுப்பு நாடுகளான பங்களாதேஷ், பூட்டான், இந்தியா, நேபாளம், மியன்மார் மற்றும் இலங்கை ஆகிய நாடுகளின் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர்கள் பங்கேற்ற அமைச்சர்கள் கூட்டம் தாய்லாந்தின் துணைப் பிரதமர் மற்றும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சரின் தலைமையில் நடைபெற்றது.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2023 மார்ச் 10

Print Friendly, PDF & Email
Please follow and like us:

Close