Both in the past and present, print, electronic and social media have played a proactive role in disseminating and publishing information about foreign employment related issues and concerns. We highly appreciate such activities, as proper information, feedback and constructive proposals would benefit us in numerous ways in our action to provide services to all stakeholders.
However, our attention has been drawn to some recent video clips and comments circulated in media which are being tagged as ‘exposé’ or ‘Helidawav’. After evaluating these video clips and comments, this Embassy has decided to draw the kind attention of all concerned parties and underline that the final objective we all are working on is to ‘serve people better’, while safeguarding the interests of our clients, the officials and above all our country.
We recall that in the past, media has highlighted issues and helped the Embassy and other authorities to swiftly attend to them and to achieve desired results. But there are some instances that this process has not worked as desired and the end result was further victimizing the people who are already in distress and even straining on bilateral relations between countries.
There are many examples to show that the best outcomes were made in the instances where media have played a responsible role. One such example is the case of a Sri Lankan female migrant worker who was given a verdict by a Saudi Court on adultery. In this particular case, no information was ‘leaked’ or ‘exposed’ by media pertaining to the identity of the person. This allowed this Embassy to follow the necessary legal procedure in a diligent manner. This Embassy appealed against the verdict of ‘stoning to death’ and had been able to reverse the judgment to a jail term. This female migrant worker eventually completed her jail term and went back to Sri Lanka. Had the media exposed her identity and highlighted other details, this whole story could have taken a different direction. Therefore, we once again commend the media and the authorities who kept trust in this Embassy to resolve this case in best possible manner.
In this sense, video clips and comments that went viral in the past weeks could be seen as highly irresponsible and unethical acts by individuals or groups. First, they have callously disregarded the other implications including suffering and social stigma that may face by the families of the Sri Lankan workers who were appeared in these videos. Second, they have ignored the fact that these acts could also disrupt the ongoing official processes in addressing concerns of these migrant workers.
Therefore, this Embassy would like to appeal to all concerned parties, in refraining from committing these types of acts. Instead, we encourage to share all such video clips and information with the authorities such as the Embassy who could act on them and work for the benefit of Sri Lankan migrant workers.
While confirming that this Embassy will be looking into all the issues that are being brought to our notice to the best of our abilities, we once again appeal to all concerned parties to be diligent and supportive in bringing up issues and concerns of all Sri Lankan migrant workers. This Embassy is much grateful to those who are currently supporting the Embassy by providing us with vital information on Sri Lankan migrant workers who are in distress by using official channels in a discreet and cautious manner.
We look forward to everyone's support and we welcome constructive and intelligent criticism that will help us improve our services to the Sri Lankan community in Saudi Arabia.
----------------------------------------------
ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා
විදේශ රැකියාවන් වල නිරත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන්නා වූ ගැටළු සම්බන්ධයෙන් තොරතුරු සැපයීමේදී මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද ප්‍රායෝගික කාර්ය භාරයක් ඉටු කරති.
සියළු පාර්ශ්වකරුවන්ට සේවා සැපයීම සඳහා තානාපති කාර්යාලයක් වශයෙන් අප ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිචාර, නිර්මාණාත්මක යෝජනා සහ වටිනා තොරතුරු උපකාර වන හෙයින් මාධ්‍ය විසින් ඉටු කරනු ලබන මෙවන් සේවාවන් අප ඉහලින් අගය කරමු.
එනමුත්, “හෙළිදරව්” යනුවෙන් හඳුන්වමින් මෙම තානාපති කාර්යාලය ද සම්බන්ධ කරමින් මාධ්‍ය තුළ මෑතකදී සංසරණය වූ ඇතැම් වීඩියෝ දර්ශන සහ ඒවා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සිදුකර ඇති අර්ථකථන කෙරෙහි අපගේ අවධානය මේ වන විට යොමු වී ඇත.
පෙර අවස්ථාවන්හි මාධ්‍ය හරහා ඉදිරිපත් වූ තොරතුරු පදනම් කර ගනිමින් ඒවා කෙරෙහි අප්‍රමාදව සිය අවධානය යොමු කර අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මෙම තානාපති කාර්යාලයට හැකි වී ඇත. එනමුත් ඇතැම් අවස්ථාවන්හි මෙසේ ඉස්මතු කරන ලද තොරතුරු හේතුවෙන් පීඩාවට පත් පිරිස් තවදුරටත් විපතට පත්වීම මෙන්ම, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබඳතා ද පලුදු වන තත්ත්වයන් පවා ඉස්මතු වූ බව ද අපට කරුණු විමසීමේදී පෙනී යයි. එනමුත් වගකීමකින් යුතුව මාධ්‍ය කටයුතු කළ බොහෝ අවස්ථාවන්හි එසේ ඉස්මතු කරන ලද ගැටළු සඳහා සාධනීය ප්‍රතිඵල ලබාදීමට මෙම තානාපති කාර්යාලයට හැකි විය.
එවන් එක් අවස්ථාවක නිදසුනක් වන්නේ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් සෞදි අධිකරණයක් මගින් ශ්‍රී ලාංකික සංක්රමනික ශ්‍රමික කාන්තාවකට දෙනු ලැබූ නඩු තීන්දුවයි. මෙහිදී අදාල ශ්‍රමික කාන්තාවගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය හෙළි නොකළ අතර, එම හේතුව නිසාවෙන්ම ඇය සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීමට මෙම කාර්යාලයට නිසි අවකාශයක් ලැබුණි. ඇයට නියම වූ ගල් ගසා මරා දැමීමේ තීන්දුවට එරෙහිව මෙම තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කළ අභියාචනය හේතුවෙන් එම මුල් දඩුවම සිර දඩුවමකට යටත් කර අවසන් වීම සිදු විය. මේ වන විට එම ශ්‍රමික කාන්තාව සිය සිර දඩුවම අවසන් කර නැවතත් ශ්‍රී ලංකාවට නික්ම ගොස් ඇත. ඇගේ අනන්‍යතාවය සහ වෙනත් විස්තර මාධ්‍ය හෙළි කළේ නම් මෙම අවසන් ප්‍රතිඵලය වෙනත් දිසාවකට ගමන් කිරීමට ද ඉඩ තිබුණි. මෙම සිදුවීමේදී අප කෙරෙහි විශ්වාසය තැබූ සියළු මාධ්‍ය වෙත සහ අනෙකුත් සියළුම පාර්ශ්වයන්ට අපඅපගේ ස්තුතිය නැවතත් පළ කිරීමට කැමැත්තතෙමු.
ඉහත සිද්ධිය ඇසුරෙන් බලන කළ පහුගිය දිනයන්හි මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන සහ ඒවා සම්බන්ධයෙන් සිදු කර ඇති අර්ථකථන ඇතැම් පුද්ගලයින්ගේ හෝ කණ්ඩායම් වල අවශ්‍යතාවයන්ට අනුව සිදු වූ වගකීම් විරහිත සදාචාර සම්පන්න නොවූ කටයුතු බව පැහැදිලිය. පළමුව, මෙම වීඩියෝ දර්ශන වල අඩංගු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පවුල් වලට මුහුණ දීමට සිදුවන පීඩාව සහ සමාජ අපකීර්තිය මොවුහු අනුකම්පා විරහිතව නොසළකා හැර ඇති අතර දෙවනුව, මෙම සංක්‍රමණික කාන්තාවන්ගේ කනස්සල්ලට තුඩු දී ඇති කාරණා වලට විසඳුම් සොයා දීමේ වර්තමාන නිල ක්‍රියාවලියට ද මෙවැනි ක්‍රියා හරහා සිදුවිය හැකි අවහිර බාධා ද ඔවුන් නොසළකා හැර ඇත.
මෙම හේතුවෙන්, වගකීමකින් තොර මාධ්‍ය භාවිතයේ ඇති අවදානම නැවතත් අවධාරණය කරමින් මෙවන් වීඩියෝ දර්ශන ආදිය ප්‍රචාරය කිරීමේදී වඩාත් වගකීමකින් යුතුව කටයුතු කරන මෙන් අදාල සියළු පාර්ශ්වයන්ගෙන් මෙම තානාපති කාර්යාලය කාරුණික ඉල්ලීමක් කර සිටියි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ යහපත සඳහා නිසි ක්‍රියාමාර්ගයන් ගතහැකි තානාපති කාර්යාල බලධාරීන් වෙත මෙවැනි වීඩියෝ දර්ශන සහ තොරතුරු සෘජුව ඉදිරිපත් කරන්නේ නම් ඉන් වඩාත් ඵලදායී ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි බව ද අප මෙහිදී අවධාරණය කර සිටිමු.
අප මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ මෙම තානාපති කාර්යාලයේ කටයුතු වල මුඛ්‍ය පරමාර්ථය වන්නේ අප රටේත් සේවා යෝජකයින්ගේත්, සේවා දායකයින්ගේත්, අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරමින් මහජනතාවට වඩාත් කඩිනම් සේවයක් සැපයීම බවයි.
මේ අනුව තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන්නා වූ සියළු ගැටළු අපගේ උපරිම ශක්තිය යොදවා සාධාරණ අයුරින් විසඳීමට ක්‍රියා කිරීමට කටයුතු කරන බව අප නැවතත් ඔබ සියළු දෙනා වෙත මතක් කර දීමට කැමැත්තෙමු. පීඩාවට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධව වැදගත් තොරතුරු නිල මාර්ග හරහා වඩාත් සුපරීක්ෂාකාරී ලෙස තානාපති කාර්යාලය වෙත සැපයීම මගින් අප වෙත සහයෝගය දක්වන සියළු පිරිස් වෙත අප මෙහිදී අපගේ කෘතඥතාවය පළ කර සිටිමු.
එසේම, සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත වඩාත් පුළුල් සේවාවක් ලබාදීම සඳහා මෙම තානාපති කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ලබාදෙන අර්ථකාරී විවේචන අප සතුටින් භාර ගන්නා අතරම, අපගේ සේවාවන් වඩාත් දියුණු කිරීම පිණිස ඔබ සැමගෙන් ලැබෙන සහයෝගය අප ඉදිරියේදී ද අපේක්ෂා කරණ බව දැනුම්දීමට කැමැත්තෙමු.
----------------------------------------------
வெளி நாட்டில் பணிபுரியும் இலங்கையின் பணியாளர்கள் சம்பந்தமான ஊடக அறிக்கை
கடந்த மற்றும் தற்போது அச்சுப்பதிப்புகள், இலத்திரனியல் ஊடகம் மற்றும் சமூக வலைத்தளங்கள் வெளிநாட்டு வேலைவாய்ப்பு விடயங்களில் கனிசமான பங்களிப்பை வழங்கிக்கொண்டிருக்கின்றன. இதுபோன்ற நடவடிக்கைளைப் பாராட்டும் அதேவேளை ஆக்கபூர்வமான செய்திகள் மற்றும் முன்மொழிவுகள், சம்மந்தப்பட்டவர்களுக்கு தேவையான சேவைகளை பல வழிகளில் வழங்குவது நன்மை பயக்கும்.
எப்படியாயினும், பகிரங்கப்படுத்தல் என்ற தோரணையில் அண்மைய காணொளிகள் மூலமாக வலைத்தளங்களில் வலம் வரும் செய்திகள் எங்களது கவனத்தை ஈர்த்தன.
இவ்வாறான காணொளிகள் ஊடான செய்திகளை மதிப்பீடு செய்ததன் பின்னர் இத்தூதரகம் அதுசம்பந்தப்பட்ட அனைத்துத் தரப்பினருடைய கவனத்துக்கும் கொண்டு வருகின்ற செய்தியானது, நாங்கள் அனைவரும் மக்களுக்கு நற்சேவையை வழங்கவேண்டும் என்கின்ற நோக்குடன் செயற்படுகின்ற அதேவேளை எமது சேவையை நாடி வருபவர்களின் நலன்களையும், எமது உத்தியோகத்தர்களின் நலன்களையும், இவை அனைத்துக்கும் மேலாக எமது நாட்டினுடைய நலன்ளைப் பாதுகாத்துக்கொண்டு பயணிக்க வேண்டும் என்ற நோக்குடனேயே செயற்படுகின்றோம்.
கடந்த காலங்களில் ஊடகங்களினூடாக மக்களால் முன்வைக்கப்பட்ட பிரச்சினைகளைத் தீர்ப்பதற்கு ஊடக பங்களிப்பானது தூதரகத்துக்கு மிகவும் உதவியாக இருந்தது.
மேலும் சில சந்தர்ப்பங்கள் ஊடகங்கள் மூலமாக நன்மையளிக்கும் முடிவுகளாக அமைந்ததையும் உதாரணங்கள் மூலம் குறிப்பிட முடியும். ஆயினும் பயனளிக்காமல்போன சில சந்தர்ப்பங்களும் இடம்பெற்றிருக்கின்றன. அவற்றினுடைய கடைசி முடிவு மேலும் அது சம்மந்தப்பட்டவர்களுக்கு ஏமாற்றமளிப்பதாகவும், இரு நாட்டு நல்லுறவுக்கிடையில் சிக்கலை உருவாக்கும் நிலையும் காணப்பட்டது.
ஒரு இலங்கைப் பணிப்பெண்ணின் பாலியல் குற்றச்சாட்டு சம்பந்தமாக வழங்கப்பட்ட சவூதி நீதிமன்றத் தீர்ப்பை உதாரணமாக கூரலாம். இந்த விடயம் சம்பந்தப்பட்டபெண்ணின் அடையாளம் பற்றிய விபரங்களை ஊடகங்கள் பகிரங்கப்படுத்தவில்லை. அதன் காரணமாக தேவையான சட்ட நடவடிக்கைகளை எடுக்க இலகுவாக அமைந்தது. அப்பெண்ணுக்கு வழங்கப்பட்ட “கல்லெறிந்துகொல்லுதல்” என்ற தீர்ப்புக்கு எதிராக வாதாடி அதனை மீள் பரிசீலனை செய்யுமாறு கோரியதற்கிணங்க, பின்னர் உரிய நபர் அதில் இருந்து விடுதலை ஆகி சிறைத்தண்டனையை மட்டும் முடித்த பிறகு இலங்கைக்குத் திரும்பிச்சென்றார்.
சம்பந்தப்பட்ட பெண்ணின் அடையாளங்களையோ அல்லது விபரங்களையோ ஊடகங்கள் வெளியிட்டு இருப்பின் அவருக்குக் கிடைக்கும் தீர்ப்பு மாற்றுத் திசைக்குச் சென்றிருக்கலாம். ஆகையினால் ஊடகங்கள் மற்றும் அதிகாரிகள் தூதரகத்தின் மீது வைத்திருந்த நம்பிக்கையைப் பாராட்டுவதோடு மேற்படி வழக்கை நல்ல முறையில் தீர்வு காணவும் முடியுமாக இருந்தது.
இந்த வகையில், கடந்த வாரங்களில் பரவிக்கொண்டிருக்கும் காணொளிகள் மூலம் வெளியாகி இருக்கும் செய்திகளானவை பொறுப்பில்லாமலும் நெறிமுறையற்ற வகையிலும் தனிப்பட்டவர்கள் அல்லது குழுவினர் செயற்படுவதைக் காணக்கூடியதாக உள்ளது.
மேற்குறிப்பிட்ட காணொளிகளில் தோன்றியவர்களை அவதானிக்கும் இலங்கையில் உள்ள அவர்களுடைய உறவினர்கள் தர்மசங்கடமான நிலைக்குத் தள்ளப்பட்டுள்ளனர். மேலும் இது போன்ற நடவடிக்கைளானவை அவர்களை நாட்டுக்குத் திருப்பி அனுப்பும் தற்போதைய செயற்பாட்டின் முன்னேற்றங்களுக்கு இடையூறாக அமைந்துள்ளதைக் குறிப்பிடலாம்.
ஆகையினால் இது சம்மந்தப்பட்டவர்கள் இவ்வாறான நடவடிக்கைகளில் ஈடுபடும் போது அவதானமாக செயற்படுமாறும், இவ்வாரான காணொளிகளை நேரடியாக சமூக வலைத்தளங்களில் பதிவிட முன்னர் தூதரகம் போன்ற சம்பந்தப்பட்ட நிருவனங்களுடன் பகிர்ந்துகொள்ளுமாறு வேணடுகோள் விடுக்கின்றோம். இவ்வாறு செய்வதன் மூலம்இலங்கைப் பணியாளர்கள் மேலும் நன்மை அடைவர்.
மேலும் தூதரகத்தின் கவனத்துக்குகொண்டு வரப்படும் அனைத்துப் பிரச்சினைகளையும் தூதரகம் கவனம் எடுத்து செயற்படும் என்பதை உறுதிப்படுத்துவதோடு, இது சம்பந்தப்பட்டவர்கள் தூதரகத்துக்கு உறுதுணையாகவும் ஒத்தாசையாகவும் இருக்குமாறு கேட்டுக்கொள்ளப்படுகிறீர்கள், இலங்கைப் பணியாளர்களின் பிரச்சினைகளை ஆக்கபூர்வமாகவும், நெறிப்படுத்தப்பட்டதாகவும் தூதரகத்தின் கனத்துக்கு கொண்டு வருவீர்கள் என நன்றியுடன் எதிர்பார்க்கிறோம்.
நாம் தங்கள் ஒவ்வொருவரினதும், சிறந்த ஆக்கபூர்வமான, அறிவார்ந்த விமர்சனங்களை வரவேற்பதுடன், இவை இலங்கை மக்களுக்கான எமது சேவையை மேலும் மெருகேற்றிக்கொள்ள உதவியாய் இருக்கும்.
இலங்கைத் தூதரகம்
ரியாத், சவூதி அரேபியா
21 ஜனவரி 2019