Between 30-50% of mangroves have been lost over the past 50 years. New approaches for the restoration of mangroves are emerging; benefiting from new, low-cost technologies and supporting the resilience of local communities through empowered engagement and innovative funding. As has been underlined by the recent X-Press Pearl disaster, off the coast of Sri Lanka, coastal mangrove ecosystems are vulnerable to a wide range of possible stressors, which requires reliable monitoring and response plans.
33 of the 54 Commonwealth countries hold mangrove ecosystems, representing 22% of the global mangrove holdings. The Mangrove Ecosystems and Livelihoods Action Group (MELAG), championed by Sri Lanka, has been working with its members to identify the priorities for action, innovative ways for financing, that can trigger conservation and sustainable use, develop enabling policies and initiate data governance for an informed decision-making process.
Celebrating the International Day for the Conservation of the Mangrove Ecosystem declared by UNESCO, the Foreign Ministry was a part of two initiatives.
As a joint coordinator for the Commonwealth Blue Charter Action Group on Mangrove Ecosystems and Livelihoods (MELAG), the Ocean Affairs, Environment and Climate Change Division of the Foreign Ministry, together with the Commonwealth Secretariat organized a webinar on the theme “International Day for the Conservation of the Mangrove Ecosystem: Mapping Mangrove Ecosystems”. This theme was to raise awareness of the importance of mangrove ecosystems as “a unique, special and vulnerable ecosystem" and to promote solutions for their sustainable management, conservation and uses.
The webinar was aimed towards Commonwealth government officials, interested in how satellite images can help paint a comprehensive picture of global mangrove coverage. This knowledge can contribute to national policies and plans, blue carbon strategies, and Nationally Determined Contributions.
The speakers at the webinar included the Director General of Ocean Affairs, Environment and Climate Change Hasanthi Urugodawatte Dissanayake, describing the role of Sri Lanka’s leading role in the MELAG, key achievements and the ramifications of the X-Press Pearl ship Disaster on mangrove ecosystems; Director, Biodiversity Secretariat of the Ministry of Environment Pathma Abeykoon, focussing on Sri Lanka’s achievements in mangrove conservation and restoration, including formulation of policy, guidelines and the action plan and importance of high resolution satellite images for mapping and monitoring; and Geospatial Research Fellow at the Institute of Marine Affairs of Trinidad and Tobago Nikia Gooding on their experience in using satellite and aerial photography to monitor mangroves, and Strategic Accounts of EMSA Planets satellite company Mark Richardson on how the company is collaborating with countries, particularly in mapping corals and mangroves. The webinar was moderated by Advisor on Ocean Governance, Blue Charter Project Dr. Jeff Ardon lead at the Commonwealth Secretariat.
Over 75 participants joined the webinar, across the globe, comprising mostly from the Commonwealth fraternity.
Further, celebrating this special day, the Department of Forests organized a mangrove planting campaign at the ‘Omari Lagoon’ in the east coast, under the auspices of the State Minister of Wildlife Protection, Adoption of Safety Measures including the Construction of Electrical Fences and Trenches and Re-foreststation and Forest Resource Development, Honourable Wimalaweera Disssanayake. The Foreign Ministry was represented by Director General of Ocean Affairs, Environment and Climate Change and the team.
The Omari Lagoon is a unique lagoon which is not directly connected to the sea; as the area is lower that the sea level, there is constant salinity seeping through the soil. Because of the mangroves, salinity is prevented from reaching the inland further. This allows rice cultivation to take place close to the mangroves. During the rainy season, the mud flats get flooded and fish in the mud flats come out and breed fast, enabling another livelihood option for the local communities – fisheries. This is a beautiful example of why we should conserve mangroves – as it directly contributes to livelihoods, in addition to of course the scientific fact that mangroves sequester 3 - 4 time more carbon than tropical forests.
Foreign Ministry
Colombo
29 July, 2021
...............................................
මාධ්‍ය නිවේදනය
කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම
පසුගිය අවුරුදු 50 ක කාලය තුළ දී කඩොලානවලින් 30-50% අතර ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇත. නව, අඩු වියදම් තාක්‍ෂණයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සහ සවිබල ගැන්වීම තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාවට සහය වීම සහ නව්‍ය අරමුදල් තුළින් කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා නව ප්‍රවේශයන් මතුවෙමින් තිබේ. මෑත දී ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර මඟින් අවධාරණය කර ඇති පරිදි, වෙරළබඩ කඩොලාන පරිසර පද්ධති පුළුල් පරාසයක පීඩනවලට ගොදුරු විය හැකි අතර, ඒ සඳහා විශ්වාසදායක අධීක්ෂණ සහ ප්‍රතිචාර සැලසුම් අවශ්‍ය වේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් 54 න් 33 කම කඩොලාන පරිසර පද්ධති පවතින අතර, එමඟින් ගෝලීය කඩොලානවලින් 22% ක් නියෝජනය වේ. ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලබන කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය ක්‍රියාකාරී කණ්ඩායම (MELAG), ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමුඛතා හඳුනා ගැනීම, සංරක්ෂණය හා තිරසාර භාවිතය ක්‍රියාවට නංවන මූල්‍යකරණය සඳහා නව්‍ය ක්‍රම, ප්‍රතිපත්ති සක්‍රීය කිරීම සහ දැනුවත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් පිණිස දත්ත පාලනය ආරම්භ කිරීම සඳහා එහි සාමාජිකයන් සමඟ කටයුතු කරමින් සිටී.
යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරන විදේශ අමාත්‍යාංශය, එහි මුල පිරීම් දෙකක කොටස්කරුවෙකි.
කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපායන් පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ (MELAG) ඒකාබද්ධ සම්බන්ධීකාරක ලෙස විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අංශය, පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සමඟ එක්ව “කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර දිනය: කඩොලාන පරිසර පද්ධති සිතියම්ගත කිරීම” යන තේමාව යටතේ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. මෙම තේමාව, “අද්විතීය, විශේෂ සහ අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතියක්” ලෙස කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවායෙහි තිරසාර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතයන් සඳහා විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා විය.
මෙම වෙබ්නාර් සාකච්ඡාව ගෝලීය කඩොලාන ආවරණය පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප උපකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳ උනන්දුවක් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රජයේ නිලධාරීන් වෙත අවධානය යොමු කළේය. මෙමඟින් ලබාගන්නා දැනුම, ජාතික ප්‍රතිපත්ති හා සැලසුම්, නිල් කාබන් උපායමාර්ග සහ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් සඳහා දායක කරගත හැකිය.
මෙම වෙබිනාර් සාකච්ඡාවේ කථිකයින් අතර වූ, සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය MELAG තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ භූමිකාව, ප්‍රධාන ජයග්‍රහණ සහ කඩොලාන පිළිබඳ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ අතුරු ප්‍රතිඵල පිළිබඳව; පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පත්මා අබේකෝන් මහත්මිය ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කිරීම සහ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළුව ශ්‍රී ලංකාවේ කඩොලාන සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ ජයග්‍රහණ සහ සිතියම්ගත කිරීම හා අධීක්ෂණය සඳහා අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූපවල පවතින වැදගත්කම පිළිබඳව; ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි සමුද්‍රීය කටයුතු පිළිබඳ ආයතනයේ භූඅවකාශ පිළිබඳ පර්යේෂණ සහකාර, නිකියා ගුඩිං මහත්මිය කඩොලාන නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා සහ ගුවන් ඡායාරූප භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ ඊඑම්එස්ඒ ප්ලැනට්ස් චන්ද්‍රිකා සමාගමේ උපායමාර්ගික ගිණුම් පිළිබඳව සහ මාර්ක් රිචඩ්සන් මහතා කොරල් සහ කඩොලාන සිතියම් ගත කිරීමේ දී සමාගම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළහ. පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ නිල් ප්‍රඥප්ති ව්‍යාපෘතියේ නියමු සාගර පාලනය පිළිබඳ උපදේශක ආචාර්ය ජෙෆ් ආර්ඩන් මහතා විසින් වෙබිනාර් සාකච්ඡාව පාලනය කරන ලදී.
ලොව පුරා සිටින පොදුරාජ්‍ය මණ්ඩලයීය සහෝදරත්වයට අයත් 75 කට අධික පිරිසක් මෙම වෙබිනාර් සාකච්ඡාවට සම්බන්ධ වූහ.
මෙම විශේෂ දිනය සැමරීම සඳහා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ මෙහෙයවීම යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර වෙරළ තීරයේ ‘ඕමාරි කලපුවේ’ කඩොලාන රෝපණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. විදේශ අමාත්‍යාංශය නියෝජනය කරමින්, සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු කණ්ඩායම ඊට සහභාගී විය.
ඔමාරි කලපුව යනු මුහුදට කෙලින්ම සම්බන්ධ නොවන සුවිශේෂී කලපුවක් වන අතර, මෙම ප්‍රදේශය මුහුදු මට්ටම වඩා පහතින් පිහිටා ඇති බැවින් පස හරහා නිරන්තරයෙන් ලවණතාව කාන්දුවෙමින් පවතී. කඩොලාන නිසා, මෙම ලවණතාව තවදුරටත් අභ්‍යන්තරයට පැමිණීම වලක්වනු ලැබේ. මෙය කඩොලාන ආසන්නයේ වී වගාව සිදු කිරීමට ඉඩ සලසයි. වැසි සමයේදී මඩ සහිත තැනිබිම් ජලයෙන් යටවී ඒවායෙහි මසුන් පිටතට පැමිණ වේගයෙන් බෝ වන අතර, එමඟින් දේශීය ප්‍රජාවන්ට ධීවර කර්මාන්තය තුළින් තවත් ජීවනෝපාය මාර්ගයක් සලසා ගත හැකිය. ඇත්ත වශයෙන්ම කඩොලාන නිවර්තන වනාන්තරවලට වඩා 3-4 ගුණයක් කාබන් නිකුත් කරයි යන විද්‍යාත්මක සත්‍යයට අමතරව, එය ජීවනෝපායන් සඳහා සෘජුවම දායක වන හෙයින්, කඩොලාන සංරක්ෂණය කළ යුත්තේ මන්ද යන්නට මෙය කදිම නිදසුනකි.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 ජූලි 29 වැනි දින
...............................................
ஊடக வெளியீடு
சதுப்புநில சுற்றுச்சூழல் பாதுகாப்பிற்கான சர்வதேச தினக் கொண்டாட்டம்
கடந்த 50 ஆண்டுகளில் 30 - 50% சதுப்பு நிலங்கள் இழக்கப்பட்டுள்ளன. புதிய, குறைந்த விலையிலான தொழில்நுட்பங்களிலிருந்து பயனடைதல் மற்றும் அதிகாரம் பெற்ற ஈடுபாடு மற்றும் புதுமையான நிதியுதவி ஆகியவற்றின் மூலம் உள்ளூர் சமூகங்களின் பின்னடைவை ஆதரித்தல் ஆகியவற்றில் நன்மை பயக்கும் முகமாக சதுப்பு நிலங்களை மீட்டெடுப்பதற்கான புதிய அணுகுமுறைகள் உருவாகின்றன. இலங்கையின் கடற்கரையிலில் அண்மைய எக்ஸ்-பிரஸ் பேர்ள் அனர்த்தத்தினால் அடிக்கோடிட்டுக் காட்டப்பட்டுள்ளபடி, கடலோர சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்கள் பரவலான சாத்தியமான அழுத்தங்களால் பாதிக்கப்படக்கூடியவையாதலால், அவற்றுக்கு நம்பகமான கண்காணிப்பு மற்றும் பதில் திட்டங்கள் தேவைப்படுகின்றன.
54 பொதுநலவாய நாடுகளில் 33 சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்கள் காணப்படுவதுடன், அவை உலகளாவிய சதுப்பு நிலங்களில் 22% ஐ குறித்து நிற்கின்றது. இலங்கையால் வெற்றிகொள்ளப்பட்ட சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்கள் மற்றும் வாழ்வாதார நடவடிக்கைக் குழு, அதன் உறுப்பினர்களுடன் நடவடிக்கைக்கான முன்னுரிமைகள், நிதியுதவிக்கான புதுமையான வழிகள், பாதுகாப்பு மற்றும் நிலையான பயன்பாட்டைத் தூண்டக்கூடியதாக அமைவதுடன், கொள்கைகளை செயற்படுத்துதல் மற்றும் தீர்மானம் மேற்கொள்ளும் செயன்முறைக்காக தரவு நிர்வாகத்தை ஆரம்பித்தல் ஆகியவற்றுடன் இணைந்து செயற்பட்டு வருகின்றது.
யுனெஸ்கோ அறிவித்த சதுப்புநில சுற்றுச்சூழல் பாதுகாப்பிற்கான சர்வதேச தினத்தை கொண்டாடும் வெளிநாட்டு அமைச்சின் இரண்டு முயற்சிகளின் ஒரு பகுதியாகும்.
சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்கள் மற்றும் வாழ்வாதாரங்கள் குறித்த பொதுநலவாய நீல சாசன செயற்குழுவின் கூட்டு ஒருங்கிணைப்பாளராக, வெளிநாட்டு அமைச்சின் சமுத்திர விவகாரங்கள், சுற்றுச்சூழல் மற்றும் காலநிலை மாற்றப் பிரிவு, பொதுநலவாய செயலகத்துடன் இணைந்து 'சதுப்புநில சுற்றுச்சூழல் அமைப்பு: சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்களை வரைதலுக்கான பாதுகாப்புக்கான சர்வதேச தினம்' என்ற தலைப்பில் வெபினார் ஒன்றை ஏற்பாடு செய்தது. இந்தத் தலைப்பு சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புக்களின் முக்கியத்துவத்தை 'ஒரு தனித்துவமான, சிறப்பான மற்றும் பாதிக்கப்படக்கூடிய சுற்றுச்சூழல் அமைப்பு' என்ற விழிப்புணர்வை ஏற்படுத்துவதோடு, அவற்றின் நிலையான முகாமைத்துவம், பாதுகாப்பு மற்றும் பயன்பாடுகளுக்கான தீர்வுகளை ஊக்குவிக்கின்றது.
செயற்கைக்கோளினால் எடுக்கப்பட்ட புகைப்படங்கள் உலகளாவிய சதுப்புநில அமைவு பற்றிய விரிவான படத்தை வரைவதற்கு எவ்வாறு உதவக்கூடும் என்பதில் ஆர்வமாக உள்ள பொதுநலவாய அரசாங்க அதிகாரிகளை இந்த வெபினார் இலக்காகக் கொண்டமைந்தது. இந்த அறிவு தேசிய கொள்கைகள் மற்றும் திட்டங்கள், நீல கார்பன் உத்திகள் மற்றும் தேசிய அளவில் தீர்மானிக்கப்பட்ட விடயங்களுக்கு பங்களிக்க முடியும்.
இந்த வெபினாரில் இடம்பெற்ற பேச்சாளர்களில் சமுத்திர விவகாரங்கள், சுற்றுச்சூழல் மற்றும் காலநிலை மாற்றப் பிரிவின் பணிப்பாளர் நாயகம் திருமதி. ஹசந்தி உருகொடவத்த திசாநாயக்க உள்ளடங்கயிருந்ததுடன், சதுப்புநில சுற்றுச்சூழல் மற்றும் வாழ்வாதாரங்கள் குறித்த செயற்குழுவில் மற்றும் எக்ஸ்-பிரஸ் பேர்ள் கப்பல் அனர்த்தத்தின் போதான இலங்கையின் முக்கிய பங்கு, முக்கிய சாதனைகள் ஆகிவற்றை விளக்கியதுடன், சுற்றுச்சூழல் அமைச்சின் பல்லுயிர் செயலகத்தின் பணிப்பாளர் திருமதி. பத்மா அபேகூன், கொள்கை, வழிகாட்டுதல்கள் மற்றும் செயற்றிட்டம் மற்றும் வரைவு மற்றும் கண்காணிப்புக்கான உயர் தெளிவுத்திறன் கொண்ட செயற்கைக்கோள் வரைபடங்களின் முக்கியத்துவம் உள்ளிட்ட சதுப்புநிலப் பாதுகாப்பு மற்றும் மறுசீரமைப்பில் இலங்கையின் சாதனைகள் குறித்து கவனம் செலுத்தியதுடன், ட்ரினிடாட் மற்றும் டொபாகோவின் கடல்சார் விவகாரங்களுக்கான புவிசார் ஆய்வு ஆராய்ச்சியாளர் திருமதி நிக்கியா கூடிங், சதுப்பு நிலம் மற்றும் வான்வழி புகைப்படம் எடுத்தல் மற்றும் சதுப்புநிலம் மற்றும் இ.எம்.எஸ்.ஏ. கிரகங்களின் செயற்கைக்கோள் நிறுவனத்தின் மூலோபாயக் கணக்குகளைப் பயன்படுத்துவதிலான தமது அனுபவத்தைப் பகிர்ந்து கொண்டதுடன், குறிப்பாக பவளப்பாறைகள் மற்றும் சதுப்பு நிலங்களை வரைவு செய்வதில் நிறுவனம் எவ்வாறு நாடுகளுடன் ஒத்துழைக்கின்றது என்பது குறித்து திரு. மார்க் ரிச்சர்ட்சன் விளக்கினார். பொதுநலவாய செயலகத்தின் நீல சாசனத் திட்ட முன்னணி, சமுத்திர நிர்வாகத்தின் ஆலோசகர் கலாநிதி. ஜெஃப் ஆர்டன் இந்த வெபினாரை நிர்வகித்தார்.
பெரும்பாலும் பொதுநலவாய சகோதரத்துவ அமைப்பு உள்ளடங்கலாக, உலகெங்கிலும் 75 க்கும் மேற்பட்ட பங்கேற்பாளர்கள் இந்த வெபினாரில் இணைந்து கொண்டனர்.
மேலும், இந்த விஷேட தினத்தை கொண்டாடும் வகையில், வனவிலங்கு பாதுகாப்பு, மின் வேலிகள் மற்றும் அகழிகள் அமைத்தல் உள்ளிட்ட பாதுகாப்பு நடவடிக்கைகளை ஏற்றுக்கொள்ளுதல் மற்றும் மீள வனப்பகுதிமயமாக்கல் மற்றும் வன வள அபிவிருத்தி இராஜாங்க அமைச்சர் கௌரவ. விமலவீர திஸ்ஸநாயக்க அவர்களின் அனுசரணையில், வனத் திணைக்களத்தினால் கிழக்கு கடற்கரையில் உள்ள 'ஒமரி லகூனில்' சதுப்புநில நடவுப் பிரச்சாரமொன்று ஏற்பாடு செய்யப்பட்டது. சமுத்திர விவகாரங்கள், சுற்றுச்சூழல் மற்றும் காலநிலை மாற்றப் பிரிவின் பணிப்பாளர் நாயகம் மற்றும் குழுவினர் வெளிநாட்டு அமைச்சை பிரதிநிதித்துவப்படுத்தினர்.
ஒரு தனித்துவமான குளமான ஒமரி லகூன், கடல் மட்டத்துடன் நேரடியாக இணைக்கப்படாமையன் காரணமாக கடல் மட்டம் குறைவாக இருப்பதால், மண்ணின் வழியாக தொடர்ந்தும் உப்புத்தன்மை காணப்படுகின்றது. சதுப்புநிலங்கள் காணப்படுவதனால், உமிழ்வுநீர் உள்நாட்டை அடைந்து கொள்வது தடுக்கப்படுகின்றது. இது சதுப்பு நிலங்களுக்கு அருகில் நெல் அறுவடை இடம்பெற வழிவகுக்கின்றது. மழைக்காலங்களில், மண் அடுக்குகள் வெள்ளத்தில் மூழ்கி, மண் அடுக்குகளில் உள்ள மீன்கள் வெளியே வந்து வேகமாக இனப்பெருக்கம் செய்வதனால், உள்ளூர் சமூகங்களான மீனவர்களுக்கு மற்றொரு வாழ்வாதாரத் தெரிவாக இது அமைகின்றது. வெப்பமண்டலக் காடுகளை விட சதுப்பு நிலங்கள் 3 - 4 மடங்கு அதிகமான கார்பனை வரிசைப்படுத்துகின்றன என்ற விஞ்ஞான உண்மைக்கு மேலதிகமாக, வாழ்வாதாரங்களுக்கு இது நேரடியாக பங்களிப்புச் செயவதனால், நாம் ஏன் சதுப்பு நிலங்களைப் பாதுகாக்க வேண்டும் என்பதற்கு இது ஒரு சிறந்த எடுத்துக்காட்டாகும்.
வெளிநாட்டு அமைச்சு
கொழும்பு
29 ஜூலை 2021