M+ Software of Indonesia had a preliminary meeting with Sri Lankan ICT industry associations

M+ Software of Indonesia had a preliminary meeting with Sri Lankan ICT industry associations

In collaboration with the Export Development Board, the Embassy of Sri Lanka in Jakarta organized a virtual meeting on 03 April 2023 to connect M+ Software of Indonesia to Sri Lankan ICT industry associations. The purpose of the meeting is to explore potential collaboration in the ICT industry.

At the virtual meeting, Ambassador of Sri Lanka to Indonesia Admiral Professor Jayanath Colombage emphasized the importance of collaborating with both countries in the ICT sector and the personal experience of ICT innovations by Indonesians. Assistant Director-Export Services Vajira Kularathna from Export Development Board presented an overview of the Sri Lankan ICT sector.

Followed by introductory speeches representing M+ Software of Indonesia, SLASSCOM, and FITIS, participants discussed potential areas of collaboration. Chairman of SLASSCOM Ashique Ali highlighted the importance of collaborating both countries in the gaming and mobile app industry. Chief Operating Officer of FITIS  Fairooz Habeeb informed that the Sri Lankan ICT industry is interested in entering the Indonesian market. During the discussion, from the Sales and Business Development division of M+ Software of Indonesia Anggun and Hera agreed to submit a proposal indicating the areas to collaborate.

Participation in the meeting included Director-Export Services Indumini Kodikara, Export Promotion Officer Dinesh Attanayake from the Export Development Board, and Second Secretary (Commercial) Heshani Premathilaka from the Embassy of Sri Lanka in Jakarta.

Embassy of Sri Lanka

Jakarta

04 April 2023

........................

මාධ්‍ය නිවේදනය

ඉන්දුනීසියාවේ M+ මෘදුකාංග සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත සංගම් සමඟ මූලික රැස්වීමක් පවත්වයි

අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක් වූ ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉන්දුනීසියාවේ M+ මෘදුකාංග සමාගම සමඟ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත සංගම් සම්බන්ධ කිරීම සඳහා 2023 අප්‍රේල් 03 වැනි දින අතථ්‍ය ආකාරයේ රැස්වීමක් සංවිධානය කළේ ය. මෙම රැස්වීමේ අරමුණ වූයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය ආශ්‍රිත සහයෝගිතාව ගවේෂණය කිරීම යි.

මෙම අතථ්‍ය රැස්වීම අතරතුර සිය අදහස් පළ කළ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරටම  සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම සහ ඉන්දුනීසියානු ජාතිකයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදු කර ඇති නවෝත්පාදන සම්බන්ධයෙන් තමන් ලද පුද්ගලික අත්දැකීම් පිළිබඳව අවධාරණය කළේ ය. අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා සහකාර අධ්‍යක්ෂ වජිර කුලරත්න මහතා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළේ ය.

ඉන්දුනීසියාවේ M+ මෘදුකාංග සමාගම, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ FITIS නියෝජනය කරමින් මීට සහභාගි වූවන්, සිය සමාගම් පිළිබඳ හඳුන්වාදීමේ දේශනවලින් අනතුරුව, සහයෝගිතාව පැවැත්විය හැකි ආකාරයේ විභව ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළහ. SLASSCOM හි සභාපති ආශික් අලි මහතා, ක්‍රීඩා සහ ජංගම ඩිජිටල් යෙදුම් කර්මාන්තය ආශ්‍රිතව දෙරටේ සහයෝගිතාව පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය. FITIS හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆයිරූස් හබීබ් මහතා, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන කර්මාන්තය ඉන්දුනීසියානු වෙළඳපොළට පිවිසීම සම්බන්ධයෙන් උනන්දුවෙන් පසුවන බව ප්‍රකාශ කළේ ය. ඉන්දුනීසියාවේ M+ මෘදුකාංග සමාගමේ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන අංශය නියෝජනය කරමින් සිය අදහස් පළ කළ අන්ගුන්  සහ හේරා යන මහත්මීහු, දෙරටේ සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර සඳහන් කරමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟ වූහ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා අධ්‍යක්ෂ ඉඳුමිණි කොඩිකාර, අපනයන ප්‍රවර්ධන නිලධාරී දිනේෂ් අත්තනායක සහ ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් (වාණිජ්‍ය) හේෂානි ප්‍රේමතිලක යන මහත්ම මහත්මීහු මෙම රැස්වීම සඳහා සහභාගි වූූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2023 අප්‍රේල් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close