Sri Lanka regrets the decision by the U.S. to designate Admiral of the Fleet Wasantha Karannagoda, the present Governor of the North Western Province, on 26 April 2023.
Foreign Minister Ali Sabry expressed Sri Lanka’s grave concerns associated with this decision to the U.S. Ambassador Julie Chung on 27 April 2023.
As a longstanding bilateral partner of Sri Lanka, such unilateral action by the U.S. without following due process is counter-productive to the holistic approach that Sri Lanka has taken on addressing national unity and reconciliation. It is also unfortunate that the announcement emanates against the backdrop of tangible progress made by the Government in strengthening the country’s democratic governance and reconciliation structures.
Despite these challenges, Sri Lanka will continue in its ongoing efforts to achieve reconciliation, economic recovery and socio-economic development.
Ministry of Foreign Affairs
Colombo
27 April 2023
.......................................
මාධ්‍ය නිවේදනය
ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කෙරේ
2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි.
මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් මැතිනිය වෙත පළ කරන ලදී.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරයි. මෙරට ප්රජාතන්ත්රවාදී පාලනය සහ ප්රතිසන්ධාන ව්‍යූහ ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්රත්යක්ෂ ප්‍රගතිය මධ්‍යයේ මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම ද අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්රතිසන්ධාන කටයුතු සිදු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇත.
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2023 අප්‍රේල් 27 වැනි දින
............................................
ஊடக வெளியீடு
கடற்படை அட்மிரல் வசந்த கரன்னாகொட மீதான அமெரிக்காவின் தடையை இலங்கை நிராகரிப்பு
2023 ஏப்ரல் 26ஆந் திகதி தற்போதைய வடமேல் மாகாண ஆளுநரான வசந்த கரன்னாகொட மீது தடை விதிப்பதற்காக அமெரிக்கா எடுத்த தீர்மானத்திற்கு இலங்கை வருத்தம் தெரிவிக்கின்றது.
இந்தத் தீர்மானத்துடன் தொடர்புடைய இலங்கையின் பாரதூரமான கவலைகளை வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி 2023 ஏப்ரல் 27ஆந் திகதி அமெரிக்கத் தூதுவர் ஜூலி சுங்கிடம் தெரிவித்தார்.
இலங்கையின் நீண்டகால இருதரப்பு பங்குதாரர் என்ற வகையில், அமெரிக்கா உரிய நடைமுறைகளைப் பின்பற்றாமல் ஒருதலைப்பட்சமாக செயற்படுவது, தேசிய ஒற்றுமை மற்றும் நல்லிணக்கத்தை நிவர்த்தி செய்வதில் இலங்கை எடுத்துள்ள முழுமையான அணுகுமுறைக்கு எதிரானதாகும். நாட்டின் ஜனநாயக ஆட்சி மற்றும் நல்லிணக்கக் கட்டமைப்புக்களை வலுப்படுத்துவதில் அரசாங்கம் மேற்கொண்டுள்ள உறுதியான முன்னேற்றத்தின் பின்னணியில் இந்த அறிவிப்பு வெளிவருவது துரதிஷ்டவசமானது.
இந்த சவால்கள் இருந்தபோதிலும், நல்லிணக்கம், பொருளாதார மீட்சி மற்றும் சமூகப் பொருளாதார அபிவிருத்தியை அடைவதற்கான தனது தொடர்ச்சியான முயற்சிகளை இலங்கை தொடந்தும் மேற்கொள்ளும்.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
கொழும்பு
2023 ஏப்ரல் 27