Sri Lanka receives significant cross-regional support at the Human Rights Council in Geneva

Sri Lanka receives significant cross-regional support at the Human Rights Council in Geneva

A large number of countries took the floor in support of Sri Lanka during the Interactive Dialogue on Sri Lanka at the 57th Session of the Human Rights Council (HRC) that commenced in Geneva on 09 September 2024.  The countries commended the progress made by Sri Lanka in the past two years including stabilizing the economy, social protection measures as well as the continued efforts to promote national unity and reconciliation through domestic processes.

Speaking as the country concerned following the presentation of the report of the Office of the High Commissioner for Human Rights (OHCHR), Sri Lanka´s Permanent Representative Ambassador Himalee Arunatilaka elaborated that Sri Lanka has succeeded in stabilizing its economy through a combination of prudent economic decision-making and financial oversight and governance as acknowledged widely.  Sri Lanka also reiterated its long-standing commitment to engaging with the UN, the Universal Declaration on Human Rights and the related Treaties.

The Permanent Representative further stated that while strengthening the economy for the prosperity of all Sri Lankans is a priority for the Government, Sri Lanka continues to make progress on national unity and reconciliation. Continued efforts through domestic processes, including the Office on Missing Persons (OMP), Office for Reparations (OR), Office for National Unity and Reconciliation (ONUR), the Office for Overseas Sri Lankans and the Interim Secretariat for the Truth and Reconciliation Mechanism (ISTRM) were highlighted, while details were provided in the Government's written response to the OHCHR Report.

Ambassador Arunatilaka highlighted that social protection measures such as the Aswesuma programme have been put in place to support vulnerable groups. It was underlined that the Report exceeded OHCHR’s mandate by commenting on macroeconomics as well as financial and budgetary issues under sovereign Parliamentary purview. The Permanent Representative expressed Sri Lanka’s disassociation from the report of the OHCHR which lacked balance and failed to acknowledge the atrocities committed by the LTTE during decades of a brutal terrorist conflict. Sri Lanka reiterated its strong rejection of Resolution 51/1 and the external mechanism established within the OHCHR which is unwarranted and counter-productive.

Fifty- five countries spoke during the Interactive Dialogue on the OHCHR Report on Sri Lanka and a large majority of them urged the Council to acknowledge the economic recovery measures, stabilization of democratic institutions, social protection measures, progress achieved through the domestic institutions on reconciliation as well as the continued and constructive engagement of Sri Lanka with the Human Rights Council and the OHCHR. Countries also questioned the viability and utility of the so-called “Sri Lanka Accountability Project”, calling it “unjustified”, “inconsistent with the provisions of the UN Charter”, and “divorced from the complexities of the situation on the ground” and “counterproductive”.

Sri Lanka’s delegation to the 57th Session of the Human Rights Council included officers attached to the Permanent Mission of Sri Lanka to the United Nations in Geneva and the Ministry of Foreign Affairs of Sri Lanka.

Ministry of Foreign Affairs

Colombo

10 September 2024

.........................

මාධ්‍ය නිවේදනය

 ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සැලකිය යුතු අන්තර් කලාපීය සහයෝගයක්

2024 සැප්තැම්බර් 09 වැනි දින ජිනීවා නුවරදී ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය අතරතුර පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී රටවල් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට සහාය පළ කළහ. ආර්ථිකය ස්ථාවර කිරීම, සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග මෙන්ම දේශීය ක්‍රියාවලීන් තුළින් ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අඛණ්ඩ උත්සාහයන් ඇතුළුව පසුගිය වසර දෙක තුළ  ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය මෙම රටවල් අගය කළහ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ රට ලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මිය ප්‍රකාශ කළේ පුළුල් ලෙස පිළිගනු ලැබ ඇති පරිදි විචක්ෂණශීලී ලෙස ආර්ථික තීරණ ගැනීමේ, මූල්‍ය අධීක්‍ෂණයේ සහ පාලනයේ සම්මිශ්‍රණයක් තුළින් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමට සමත් වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ ඒ ආශ්‍රිත ගිවිසුම් සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව සතු සිය දිගුකාලීන කැපවීමද යළි අවධාරණය කරනු ලැබිණි.

සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ සමෘද්ධිය සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන අතරම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රගතියක් ලබා ඇති බව නිත්‍ය නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළාය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රතිචාරයේ විස්තර සපයා ඇති පරිදි අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව  පිළිබඳ කාර්යාලය, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලය සහ සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අතුරු ලේකම් කාර්යාලය ඇතුළු දේශීය ක්‍රියාවලීන් හරහා ගත් අඛණ්ඩ ප්‍රයත්න මෙහිදි අවධාරණය කරනු ලැබිණි.

අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහය වීම සඳහා අස්වැසුම වැඩසටහන වැනි සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බව තානාපති අරුණාතිලක මහත්මිය අවධාරණය කළාය. ස්වෛරී පාර්ලිමේන්තු නියමය යටතේ සාර්ව ආර්ථික විද්‍යාව මෙන්ම මූල්‍ය සහ අයවැය ගැටලු පිළිබඳව අදහස් දැක්වීමෙන් වාර්තාව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා ගිය බව අවධාරණය කරනු ලැබිණි. දශක ගණනාවක කුරිරු ත්‍රස්තවාදී ගැටුමේදී එල්ටීටීඊය විසින් සිදු කරන ලද සාහසික ක්‍රියා පිළිගැනීමට අපොහොසත් වූ සමතුලිතතාවක් නොමැති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව නිත්‍ය නියෝජිතවරිය ප්‍රකාශ කළාය. 51/1 යෝජනාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති අනවශ්‍ය සහ ප්‍රති-ඵලදායක බාහිර යාන්ත්‍රණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව නැවත අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට අදාළ වන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් වූ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී රටවල් පනස් පහක් අදහස් ඉදිරිපත් කළ අතර ඔවුන්ගෙන් බහුතරයක් ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්ථාවර කිරීම, සමාජ ආරක්ෂණ පියවරයන්, සංහිඳියාව පිළිබඳ දේශීය ආයතන හරහා ලබා ගත් ප්‍රගතිය මෙන්ම මානව හිමිකම් කවුන්සිලය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල‍ය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සහ ඵලදායී ලෙස සම්බන්ධ වීම පිළිගන්නා ලෙස කවුන්සිලයෙන් ඉල්ලා සිටියහ. “අසාධාරණ” “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ විධිවිධානවලට අනනුකූල” “සැබෑ  සංකීර්ණතාවලින් වෙන් වූ”  සහ "ප්‍රති -ඵලදායක” ලෙස හැඳින්වෙන ඊනියා “ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ” ශක්‍යතාව සහ උපයෝජනය පිළිබඳව රටවල් ප්‍රශ්න කළහ.

මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයෙ සඳහා  ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරීහු ඇතුළත් වූහ.

 විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 සැප්තැම්බර් 10 වැනි දින

Please follow and like us:

Close