High Commissioner Moragoda meets with the President of ISKCON Mumbai

High Commissioner Moragoda meets with the President of ISKCON Mumbai

Sri Lanka’s High Commissioner to India Milinda Moragoda who is on an official visit to the State of Maharashtra met with the President of the Mumbai centre of the International Society for Krishna Consciousness (ISKCON) Shri Brajhari Das  on 30 at the Society’s centre in Juhu.This day also marks the Ram Navami, a Hindu festival that celebrates the birthday of Lord Rama.

The International Society for Krishna Consciousness, otherwise known as the Hare Krishna movement, includes five hundred major centers, temples and rural communities, nearly one hundred affiliated vegetarian restaurants, thousands of local meeting groups, a wide variety of community projects, and millions of congregational members worldwide.

ISKCON, which belongs to the Gaudiya-Vaishnava sampradāya, a monotheistic tradition within the Vedic or Hindu culture, was founded by Bhaktivedanta Swami Prabhupāda in New York City in 1966.

Sri Lanka’s Consul General in Mumbai Dr. Valsan Vethody also joined High Commissioner Moragoda in the meeting.

In keeping with his policy roadmap "Integrated Country Strategy for Sri Lanka Diplomatic Missions in India", High Commissioner Moragodahas been promoting dialogue with all major religions in India.

High Commission of Sri Lanka

New Delhi

31 March 2023

..........................

මාධ්‍ය නිවේදනය

 මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මුම්බායි නුවර ISKCON මධ්‍යස්ථානයේ සභාපතිවරයා හමුවෙයි

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, 2023 අප්‍රේල් 30 වැනි දින ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (International Society for Krishna Consciousness -ISKCON) මුම්බායි මධ්‍යස්ථානයේ සභාපති ශ්‍රී බ්‍රජ්හාරි දාස් මහතා හමුවිය. රාමාගේ උත්පත්තිය සමරනු ලබන හින්දු උත්සවයක් වන රාම් නවාමි මංගල්‍යය ද එදිනට යෙදී තිබිණි.

හරේ ක්‍රිෂ්ණා ව්‍යාපාරය ලෙසින් ද හැඳින්වෙන ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට ප්‍රධාන මධ්‍යස්ථාන පන්සියයක්, කෝවිල් සහ ග්‍රාමීය ප්‍රජාවන්, ඊට අනුබද්ධ නිර්මාංශ අවන්හල් සියයකට ආසන්න ප්‍රමාණයක්, ප්‍රාදේශීය රැස්වීම් කණ්ඩායම් දහස් ගණනක්, විවිධ ප්‍රජා ව්‍යාපෘති සහ ලොව පුරා වෙසෙන මිලියන ගණනක සාමාජිකයන් පිරිසක් ඇතුළත් වේ.

වෛදික හෝ හින්දු සංස්කෘතිය තුළ පවතින ඒකදේවවාදී සම්ප්‍රදායක් වන ගෞදිය-වෛෂ්ණව සම්ප්‍රදායට අයත් වන ISKCON මධ්‍යස්ථානය, 1966 දී නිව්යෝර්ක් නුවර දී භක්තිවේදන්ත ස්වාමි ප්‍රභූපාද විසින් ආරම්භ කරන ලදී.

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා ද මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සමඟ මෙම හමුවට සහභාගි විය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන " ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය" නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියම අනුව, ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

 

2023 මාර්තු 31

Print Friendly, PDF & Email
Please follow and like us:

Close