High Commissioner Moragoda discusses urgent energy requirements of Sri Lanka with the Minister of Petroleum and Natural Gas of India

High Commissioner Moragoda discusses urgent energy requirements of Sri Lanka with the Minister of Petroleum and Natural Gas of India

 

High Commissioner of Sri Lanka to India Milinda Moragoda met with the Minister of Petroleum and Natural Gas and Housing and Urban Affairs of India Hardeep Singh Purito discuss urgent matters pertaining to bilateral energy cooperation. The meeting was held on 27 June at the Ministry of Housing & Urban Affairs in New Delhi.

High Commissioner Moragoda briefed Minister Puri on the acute challenges that Sri Lanka is currently facing with regard to the supply and distribution of petroleum products and the severe hardships that the people are undergoing.

While thanking India for the assistance that was extended in the form of lines of credit to import fuel, the High Commissioner of Sri Lanka discussed with Minister Puri the possibility of securing petrol and diesel supplies that are required by Sri Lanka at present on an urgent basis. Minister Puri responded positively in this regard and assured the High Commissioner of all possible support to Sri Lanka at this critical juncture.

The High Commissioner and the Minister also discussed modalities through which India and Sri Lanka could further expand cooperation in the petroleum sector to help overcome the immediate crisis and to ensure the energy security in Sri Lanka. In this context, High Commissioner Moragoda and Minister Puri discussed ways and means through which Sri Lanka could establish long-term ties in the petroleum, oil, gas and related logistics sectors.

 

High Commission of Sri Lanka

New Delhi

28 June, 2022

 ................................................... 

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ හදිසි බලශක්ති අවශ්‍යතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවය ආශ්‍රිත හදිසි කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස සහ නාගරික කටයුතු අමාත්‍ය හර්දීප් සිං පූරි මැතිතුමා හමුවිය. මෙම හමුව ජුනි මස 27 වන දින නවදිල්ලියේ පිහිටි නිවාස සහ නාගරික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින උග්‍ර අභියෝග සහ ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය අමාත්‍ය පූරි මැතිතුමා හමුවේ කරුණු දැක්වීය.

ඉන්ධන ආනයනය කිරීම සඳහා ණය ආධාර වශයෙන් ලබාදුන් සහය වෙනුවෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් සැපයුම් කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය පූරි මැතිතුමා සමඟ සාකච්ඡා කළේය. අමාත්‍ය පූරි මැතිතුමා මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ අතර මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක් ම පිරිනමන බවට මහ කොමසාරිස්වරයාට සහතික විය.

ක්ෂණික අර්බුදයෙන් මිදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය සහතික කිරීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පවත්නා සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳව ද මහ කොමසාරිස්වරයා ඉන්දීය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය. මෙම සන්දර්භය තුළ ඛනිජ තෙල්, තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවට දිගුකාලීන සබඳතා ඇති කර ගත හැකි ක්‍රම සහ විධි පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ අමාත්‍ය පූරි මැතිතුමා සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2022 ජුනි මස 28 වෙනි දින

................................................

ஊடக வெளியீடு

 இந்திய பெற்றோலியம் மற்றும் இயற்கை எரிவாயு அமைச்சருடன் இலங்கையின் அவசர ஆற்றல் தேவைகள் குறித்து உயர்ஸ்தானிகர் மொரகொட கலந்துரையாடல்

இந்தியாவிற்கான இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட, இந்தியாவின் பெற்றோலியம் மற்றும் இயற்கை எரிவாயு மற்றும் வீடமைப்பு மற்றும் நகர்ப்புற விவகார அமைச்சர் ஹர்தீப் சிங் பூரியை சந்தித்து இருதரப்பு எரிசக்தி ஒத்துழைப்பு தொடர்பான அவசர விடயங்கள் குறித்து கலந்துரையாடினார். புதுதில்லியில் உள்ள வீட்டுவசதி மற்றும் நகர்ப்புற விவகாரங்கள் அமைச்சில் ஜூன் 27ஆந் திகதி இந்த சந்திப்பு இடம்பெற்றது.

பெட்ரோலியப் பொருட்களின் விநியோகம் மற்றும் பகிர்ந்தளிப்பு தொடர்பாக இலங்கை தற்போது எதிர்நோக்கும் கடுமையான சவால்கள் மற்றும் மக்கள் படும் கடுமையான இன்னல்கள் குறித்து உயர்ஸ்தானிகர் மொரகொட அமைச்சர் பூரிக்கு விளக்கினார்.

எரிபொருளை இறக்குமதி செய்வதற்காக இந்தியாவினால் கடனடிப்படையில் வழங்கப்பட்டுள்ள உதவிக்கு நன்றிகளைத் தெரிவித்த இலங்கை உயர்ஸ்தானிகர், தற்போது இலங்கைக்குத் தேவையான பெற்றோல் மற்றும் டீசல் விநியோகங்களை அவசரகால அடிப்படையில் பாதுகாப்பதற்கான சாத்தியக்கூறுகள் குறித்து அமைச்சர் பூரியுடன் கலந்துரையாடினார்.இது தொடர்பாக சாதகமாக பதிலளித்த அமைச்சர் பூரி, இந்த நெருக்கடியான தருணத்தில் இலங்கைக்கு சாத்தியமான அனைத்து ஆதரவையும் உயர்ஸ்தானிகருக்கு உறுதியளித்தார்.

உயர்ஸ்தானிகரும் அமைச்சரும் உடனடி நெருக்கடியை சமாளிக்க உதவுவதற்கும் இலங்கையின் எரிசக்தி பாதுகாப்பை உறுதிப்படுத்துவதற்கும் இந்தியாவும் இலங்கையும் பெற்றோலியத் துறையில் ஒத்துழைப்பை மேலும் விரிவுபடுத்துவதற்கான வழிமுறைகள் குறித்தும் கலந்துரையாடினர். இந்த நிலையில், உயர்ஸ்தானிகர் மொரகொட மற்றும் அமைச்சர் பூரி ஆகியோர் பெட்ரோலியம், எண்ணெய், எரிவாயு மற்றும் தொடர்புடைய தளவாடத் துறைகளில் இலங்கை நீண்டகால உறவுகளை ஏற்படுத்துவதற்கான வழிகள் மற்றும் வழிமுறைகள் குறித்து கலந்துரையாடினர்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

புது தில்லி

2022 ஜூன் 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close