Further strengthening people-to-people ties with India, the High Commission of Sri Lanka in New Delhi today (15) presented a Sinhala translation of the Holy Quran to the Jama Masjid of Delhi for permanent display at the historical mosque built by legendary Mughal Emperor Shah Jahan.
The impressive Sinhala translation of the Holy Quran, published by the All Ceylon Jamiyyathul Ulama (ACJU) of Sri Lanka, was presented to the Chief Imam of India and Shahi Imam of the Jama Masjid of Delhi Syed Ahmed Bukhari by High Commissioner of Sri Lanka to India Milinda Moragoda. The copy of the Holy Quran, fixed inside a transparent display box, was placed at a prominent place in the mosque.
Prior to the placement of the Sinhala version of the Holy Quran on permanent display, High Commissioner Milinda Moragoda and Shahi Imam Syed Ahmed Bukhari discussed on a range of issues pertaining to the enhancement of Islamic ties between Sri Lanka and India. The Shahi Imam appreciated this gesture of goodwill and friendship of the people of Sri Lanka and observed that Sri Lanka is a progressive country. High Commissioner Moragoda requested Imam Bukhari's assistance in identifying prominent Islamic scholars and dignitaries from India for a possible exchange programme. He also stated that he would encourage Sri Lankan Islamic dignitaries to enhance ties with Imam Bukhari and the Jama Masjid of Delhi.
The Imam gave a tour of the extremely picturesque mosque adorned with Mughal architectural features, to the High Commissioner of Sri Lanka and his delegation.
The Masjid-i Jehan-Numa, commonly known as the Jama Masjid of Delhi, is one of the largest mosques in India. It was built by the Mughal Emperor Shah Jahan between 1650 and 1656, and inaugurated by its first Imam, Syed Abdul Ghafoor Shah Bukhari. Situated in the former Mughal capital of Shahjahanabad (today Old Delhi), it served as the imperial mosque of the Mughal emperors until the demise of the empire in 1857. The mosque can accommodate 40,000 devotees in prayer.
High Commission of Sri Lanka
New Delhi
17 November 2021
.............................................
මාධ්‍ය නිවේදනය
පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දිල්ලියේ පිහිටි ජමා මස්ජිදය වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාව සමඟ පවත්නා පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කීර්තිමත් මෝගල් අධිරජ ෂා ජහන් විසින් ඉදිකරන ලද ඓතිහාසික ඉස්ලාම් පල්ලියේ ස්ථිර ප්‍රදර්ශනය සඳහා, ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් දිල්ලියේ පිහිටි ජමා මස්ජිදය වෙත අද (15) දින පිළිගැන්වී ය.
ශ්‍රී ලංකා සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ශුද්ධ වූ කුරානයේ අනර්ඝ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් ඉන්දියාවේ ප්‍රධාන ඉමාම්වරයාට සහ දිල්ලියේ ජමා මස්ජිදයේ ෂාහි ඉමාම් සයිඩ් අහමඩ් බුහාරි වෙත පිළිගන්වන ලදී. විනිවිද පෙනෙන මඤ්ජුසාවක් තුළ සවි කොට ඇති ශුද්ධ වූ කුරානයේ මෙම පිටපත ඉස්ලාම් පල්ලියේ ප්රමුඛ ස්ථානයක ස්ථාපිත කොට ඇත.
ශුද්ධ වූ කුරානයේ සිංහල පිටපත ස්ථිර ප්‍රදර්ශනයට තැබීමට පෙර, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සහ ෂාහි ඉමාම් සයිඩ් අහමඩ් බුහාරි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ඉස්ලාමීය සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළහ. ෂාහි ඉමාම්වරයා ශ්‍රී ලංකාවේ ජනතාවගේ මෙම සුහදතාවයේ සහ මිත්‍රත්වයේ සලකුණ අගය කළ අතර, ශ්‍රී ලංකාව ප්රගතිශීලී රටක් බව ප්‍රකාශ කළේ ය. හුවමාරු වැඩසටහනක් දියත් කිරීම සඳහා ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ඉස්ලාමීය විද්වතුන් සහ සම්භාවනීය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉමාම් බුහාරිගේ සහාය ඉල්ලා සිටියේ ය. ඉමාම් බුහාරි සහ දිල්ලි ජමා මස්ජිදය සමඟ සබඳතා වැඩි දියුණු කිරීමට ඉහළ පෙළේ ශ්‍රී ලාංකික ඉස්ලාමීය පිරිස් දිරිමත් කරන බව ද එතුමා ප්‍රකාශ කළේ ය.
ඉමාම්වරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට සහ සිය දූත පිරිසට මෝගල් වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් සරසා ඇති ඉතා මනරම් ඉස්ලාම් පල්ලිය තුළ සංචාරයක නිරත වීම සඳහා අවස්ථාව සලසා දුන්නේ ය.
දිල්ලියේ ජමා මස්ජිදය ලෙස පොදුවේ හැඳින්වෙන ඉ ජෙහාන්-නුමා මස්ජිදය ඉන්දියාවේ පිහිටි විශාලතම ඉස්ලාම් දේවස්ථානවලින් එකකි. එය වර්ෂ 1650 සහ 1656 කාල වකවානුව තුළ මෝගල් අධිරජ ෂා ජහන් විසින් ඉදිකරන ලද අතර, එහි පළමු ඉමාම්වරයා වන සයිඩ් අබ්දුල් ගෆූර් ෂා බුකාරි විසින් විවෘත කරන ලදී. පුරාණ මෝගල් අගනුවර වූ ෂාජහානාබාද්හි (පුරාණ දිල්ලිය ලෙස වර්තමානයේ හැඳින්වේ) පිහිටා ඇති එය 1857 වර්ෂයේ දී අධිරාජ්‍ය අභාවයට පත් වන තෙක්ම මෝගල් අධිරාජ්‍යයන්ට වෙන් වූ දේවස්ථානය ලෙස භාවිතයට ගන්නා ලදී. මෙම පල්ලිය තුළ බැතිමතුන් 40,000 කට යාඥා කළ හැකි ය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
නවදිල්ලිය
2021 නොවැම්බර් 17 වැනි දින
.......................................
ஊடக வெளியீடு
மக்களிடையேயான தொடர்புகளை மேலும் வலுப்படுத்துவதற்காக டெல்லி ஜமா மஸ்ஜித்திற்கு புனித குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பு புது டெல்லியிலுள்ள உயர்ஸ்தானிகராலயத்தினால் கையளிப்பு
இந்தியாவுடனான மக்களுக்கிடையிலான உறவுகளை மேலும் வலுப்படுத்தும் வகையில், புகழ்பெற்ற முகலாயப் பேரரசர் ஷாஜஹானால் கட்டப்பட்ட வரலாற்றுப் பள்ளிவாயலான டெல்லி ஜமா மஸ்ஜிதில் நிரந்தரமாக காட்சிப்படுத்துவதற்காக புனித குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பை புது டெல்லியிலுள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் இன்று (15) வழங்கியது.
இலங்கையின் அகில இலங்கை ஜம்இய்யதுல் உலமாவினால் வெளியிடப்பட்ட திருக்குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பு இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொடவினால் இன்று காலை இந்தியாவின் தலைமை இமாம் மற்றும் டெல்லி ஜமா மஸ்ஜித் ஷாஹி இமாம் சையத் அஹமட் புகாரி அவர்களிடம் கையளிக்கப்பட்டது. திருக்குர்ஆன் பிரதி வெளிப்படையான காட்சிப் பெட்டியில் பொருத்தப்பட்டு, பள்ளிவாயலின் முக்கியமானதொரு இடத்தில் வைக்கப்பட்டது.
திருக்குர்ஆனின் சிங்களப் பதிப்பை நிரந்தரக் காட்சிக்கு வைப்பதற்கு முன்னதாக, இலங்கையின் உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட மற்றும் ஷாஹி இமாம் சையத் அஹமட் புகாரி ஆகியோர் இலங்கைக்கும் இந்தியாவுக்கும் இடையிலான இஸ்லாமிய உறவுகளை மேம்படுத்துவது தொடர்பான பல்வேறு விடயங்கள் குறித்து கலந்துரையாடினர். இலங்கை மக்களின் நல்லெண்ணம் மற்றும் நட்பின் இந்த சைகையைப் பாராட்டிய ஷாஹி இமாம், இலங்கை ஒரு முற்போக்கான நாடு என்பதை சுட்டிக்காட்டினார். சாத்தியமான பரிமாற்றத் திட்டத்திற்காக இந்தியாவில் இருந்து முக்கிய இஸ்லாமிய அறிஞர்கள் மற்றும் பிரமுகர்களை அடையாளம் காண்பதற்காக இமாம் புகாரியின் உதவியை உயர்ஸ்தானிகர் மொரகொட கோரினார். இமாம் புகாரி மற்றும் டெல்லி ஜமா மஸ்ஜித் ஆகியவற்றுடன் உறவுகளை மேம்படுத்துவதற்கு இலங்கை இஸ்லாமியப் பிரமுகர்களை ஊக்குவிப்பதாகவும் அவர் குறிப்பிட்டார்.
முகலாயக் கட்டிடக்கலை அம்சங்களால் அலங்கரிக்கப்பட்ட மிகவும் அழகிய இந்தப் பள்ளிவாயலை இலங்கை உயர்ஸ்தானிகர் மற்றும் அவரது தூதுக்குழுவினருக்கு இமாம் சுற்றிக் காட்டினார்.
டில்லியின் ஜமா மஸ்ஜித் என்று பொதுவாக அறியப்படும் மஸ்ஜித்-ஐ ஜஹான்-நுமா, இந்தியாவின் மிகப்பெரிய பள்ளிவாயல்களில் ஒன்றாகும். 1650 மற்றும் 1656 க்கு இடையில் முகலாயப் பேரரசர் ஷாஜஹானால் கட்டப்பட்ட இந்தப் பள்ளிவாயல், அதன் முதல் இமாம் சையத் அப்துல் கஃபூர் ஷா புகாரியால் திறந்து வைக்கப்பட்டது. முன்னாள் முகலாயத் தலைநகரான ஷாஜஹானாபாத்தில் (இன்று பழைய டெல்லி) அமைந்துள்ள இது 1857 இல் பேரரசு மறையும் வரை முகலாயப் பேரரசர்களின் ஏகாதிபத்தியப் பள்ளிவாயலாக செயற்பட்டது. இந்தப் பள்ளிவாயலில் 40,000 பக்தர்கள் பிரார்த்தனைகளில் ஈடுபடலாம்.
இலங்கை உயர்ஸ்தானிகராலயம்
புது டெல்லி
2021 நவம்பர் 17